'දෙවැනි ඉනිම' නිසාම මේ දවස්වල මම කාර්යබහුල වෙලා
'දෙරණ' රූපවාහිනි නාළිකාවේ විකාශය වන 'දෙවැනි ඉනිම' ටෙලි නාට්‍යයේ 'සොනලි ටීචර්' ලෙස මේ දිනවල ඔබේ ආදරය දිනා සිටින හිමායා බණ්ඩාර සමගින් අද 'සාරවිට' තරු කතා බහ අපි මෙළෙස ඇරඹුවෙමු. රංගන ශිල්පිනියක ලෙස කාර්ය බහුල මොහොතක සම්බන්ධ වූ ඇය සිය ඉදිරි කලා කටයුතු පිළිබඳව පැවසුවේ මෙවන් කතාබහකි.
හිමායා 'සොනාලි ටීවර්' නිසා කාර්ය බහුල වෙලා නේද?
ඇත්තටම ඔව්, මේ දවස්වල වැඩිපුරම දායකත්වය දෙන්නේ %දෙවැනි ඉනිම^ ටෙලි නාට්‍යයේ වැඩවලට තමයි. රූපගත කිරීම්වලට අමතරව %දෙවැනි ඉනිම^ ටෙලි නාට්‍යය කණ්ඩායමට දේශීය වගේම විදේශීය ප්‍රසංග සඳහත් ආරාධනා ලැබෙනවා. ඊට අමතරව නොයෙකුත් වැඩසටහන්වලටත් අපි දායක වෙනවා. ඒ නිසා එකී කාර්ය බහුලත්වයත් එක්ක තමයි කාලය ගෙවෙන්නේ.
'සොනාලි ටීචර්' කියන මේ චරිතය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හිතුවද ඔබ?
'දෙවැනි ඉනිම' අධ්‍යක්ෂණය කරන සාරංග මෙන්ඩිස් මට මේ චරිතය ලබාදෙන කොට ඇහුවා මේක හිමායා ඔයාට ගැළපෙන චරිතයක්ද කියලා. මම කිව්වා ඔව්, මේක මට කරන්න පුළුවන් චරිතයක් කියලා. මම දැනට රඟපාපු චරිතත් එක්ක බැලුවම මේක ටිකක් වෙනස් චරිතයක්. ඒ නිසා ලොකු කැමැත්තකින් තමයි මම මේ චරිතය භාර ගත්තේ. නමුත්, %සොනාලි ටීචර්^ කියන මේ චරිතය මේ තරම් ජනප්‍රිය වෙයි කියලා හීනෙකින් වත් මම හිතුවෙ නැහැ.
සමාජජාල වෙබ් අඩවි හරහා 'සොනාලි ටීචර්' කියන චරිතය ගොඩක් ජනප්‍රියයි නේද?
ඔව්. මම 'දෙවැනි ඉනිම' ටෙලියේ පළමු රූපගත කිරීමට සහභාගි වෙලා එහි ඡායාරූපයක් මගේ %ෆේස්බුක්^ ගිණුමේ පළ කළා. දින කිහිපයක් තුළ ඒ ඡායාරූප ගොසිෆ් වෙබ් අඩවිවල වගේම 'ෆේස්බුක්' පිටුවල පළ වෙලා තිබුණා. මම හිතුවා මගේ චරිතය ටෙලියේ විකාශය වෙන්නත් කලින් ඡායාරූපයකට මේ වගේ ජනප්‍රියත්වයක් ලැබෙද්දි මේ චරිතය ලොකු ප්‍රේක්ෂක ජනතාවක් %සොනාලි ටීචර්^ කියන චරිතයට ආදරය කරයි කියලා.
දැනට ඔබ ටෙලි නිර්මාණ බොහෝමයකට දායක වුණ නිළියක්. නමුත්, ඔබව මිනිස්සු අතරට ගෙන ගියේ %සොනාලි ටීචර්^ කියන චරිතය කිව්වොත් හරි?
ඔව්, ඇත්තටම මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය වුණේ මේ 'සොනාලි ටීචර්' කියන චරිතය. දැනට කරපු ටෙලි නාට්‍යය චරිත අතරේ මට දැනුණ චරිතයක් වුණේ මේ 'සොනාලි ටීචර්' කියන චරිතය. ඒ අවස්ථාව ලබාදීලා මාව ඒ චරිතයට සූදානම් කරපු අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස්ට වගේම, තිර රචක සමන් එදිමුණි අයියාට හා නිෂ්පාදකතුමාට මේ වෙලාවේ දී මගේ ස්තුතිය පිරිනමන්න ඕන.
රසික ප්‍රතිචාර මොන වගේද?
ඒක කියලා වැඩක් නැහැ. කවුරුත් දැන් මගේ නමින් කතා කරන්නෙ නැහැ. %සොනාලි^ කියන නමට වඩා කට්ටිය කතා කරන්නේ %ටීචර්^ කියලා. පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටි කෙනා දක්වා හැමෝම මට ගොඩක් ආදරය කරනවා. ඒ සතුට පුදුමාකාර විදිහට නිහඬව මම විඳි දරා ගන්නවා. සමහර තැන්වලට ගියාහම ප්‍රතිචාර දරාගන්න බැරිතරම් ලැබෙනවා. ඒ වෙලාවට මඟ ඇරලා යන අවස්ථාත් තියෙනවා ඉතින්. නමුත්, මම හැම අවස්ථාවකම ප්‍රතිචාර දක්වන හැමෝටම සහෝදරියක් විදිහට ප්‍රතිචාර දක්වනවා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - සජීව ලක්ෂාන්