'දෙරණ ටී පාර්ටි' කරන්නේ දැන් මම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-08-15-ent-154

මවු පදවිය ලැබීමත් සමග කලා ක්‍ෂේත්‍රයට තාවකාලිව සමුදුන් ලෝචනා ඉමාෂි මේ වනවිට යළිත් කලා කටයුතුවලට සම්බන්ධව සිටින්නීය. දැනට දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘දෙරණ ටී පාර්ටි' සජීවී වැඩසටහන ඉදිරිපත් කරන ලෝචනා ඉදිරියේදී ටෙලි හා සිනමා නිර්මාණ කිහිපයක් හරහා ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටියි.

 

ලෝචනා නැවතත් මේ දිනවල පුංචි තිරේ අපි දකිනවා?

2017-08-15-ent-160ඔව්, දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන ‘දෙරණ ටී පාර්ටි' වැඩසටහන මම මෙහෙය වන්නේ. මේ වැඩසටහන සජීවීව සිදුවන්නක්. ඒ නිසා ගොඩක් කැමැත්තෙන් භාරගත්තා. මොකද, මීට පෙර මම සජීවීව මෙවැනි වැඩසටහනක් කරලා නැති නිසා.

 

නිවේදන කටයුතු නම් ලෝචනාට අලුත් දෙයක් නෙවෙයි?

ඔව්, ඒත්, සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරනවා කියන දේ නම් මට අලුත්. මේ වැඩසටහන මම මීට පෙර නරඹලා තිබුණා. හොඳ පිරිසක් එක්ක වැඩ කරන්න තියෙන කැමැත්ත නිසාම මම මේ වැඩසටහන භාරගත්තා. අනෙක දෙරණ කියන්නෙත් හොඳ රූපවාහිනි නාළිකාවක්. ඉදිරියේ තව රියැලිටි වැඩසටහනකටත් නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙන්න මට ආරාධනා ලැබිලා තියෙනවා.

 

ලෝචනා ඉදිරියේදී අපිට මේ වැඩසටහනෙන් පමණද දකින්න පුළුවන් වෙන්නේ?

දැනට ටෙලි නිර්මාණ කිහිපයකටම කතා කරලා තියෙනවා. ලංකාවෙ කාලයක් ඉන්න නිසා බොහෝ විට ඒ නිර්මාණ මම බාර ගනියි කියලා හිතනවා. බාබාගේ උපන්දිනය තියෙන නිසා මගේ සැමියත් මේ දවස්වල ලංකාවෙ ඉන්නේ. ඉතින් අපි දෙන්නම ඉන්න නිසා මේ වැඩවලට දායක වෙන එක මට පහසුවක් වෙලා තියෙනවා.

 

ඔබගේ තව චිත්‍රපටයකුත් එන්න තියෙනවා නේද?

ඔව්, සුනෙත් මාලිංග අධ්‍යක්ෂණය කළ ‘3 වරක් 3' කියන චිත්‍රපටය. මේ චිත්‍රපටය වෙනස්ම විදිහේ එකක්. මම එහි රඟපාන්නේ රොබෝ කෙනෙකුගේ චරිතයක්. ‘3 වරක් 3' කියන්නේ මම රංගනයෙන් දායක වුණ තුන්වැනි චිත්‍රපටය. උදයකාන්ත වර්ණසූරිය මහත්මයගේ ‘බහුබූතයෝ' චිත්‍රපටයෙ දෙවැනි කොටස ඇතුළත් ‘ගින්දරී' චිත්‍රපටය තමයි මගේ මුල්ම සිනමා රංගනය තිබුණේ. ඊට පස්සේ රඟපෑවේ ‘අභිනික්මන' චිත්‍රපටය. ඔය කාලෙම තමා ‘3 වරක් 3' කියන චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතුත් සිදු කළේ.

 

දිගටම ලංකාවෙ රැඳෙන්න අදහසක් නැද්ද?

නැහැ. නමුත්, ලංකාවෙ අපිට කාලයක් ඉන්න පුළුවන් විදිහට අපි ඉඩ හදාගෙන තියෙනවා. මේ වැඩ ඉවර වුණාට පස්සේ අපි දෙන්නම ලංකාවෙන් යනවා. මම ලංකාවට ආවේ පසුගිය ජුනි 23 වැනිදා. මගේ සැමියා ආවේ මේ සතියේ. ඉතින් අපි තව මාස කිහිපයක් ලංකාවේ ඉඳලා ආයෙත් නෙදර්ලන්තයට යනවා. නිවාඩු ලැබෙන කොට ආයෙත් ලංකාවට එනවා. සැමියාට කලින් කොහොමත් මම ලංකාවට එනවා.

 

බුද්ධික සේනාධීර

 

  2017-08-15-ent-159 2017-08-15-ent-158 2017-08-15-ent-157 2017-08-15-ent-156 2017-08-15-ent-155