දෙයක් සතුටින් කළාහම එහි සාර්ථකත්වයක් තියෙනවා
නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වන ඇනාමිකා රෝමිඔෆ් සමගින් අද ‘සාරවිට’ තරු කතා අරඹන්නට අපි බලාපොරොත්තු වුණේමු. ඉදිරි කාලයේදී මියුසික් විඩියෝ කිහිපයකින් රසික ඔබ හමුවීමට සූදානමින් සිටින ඇය නිරූපිකාවක් ලෙස දිගු ගමනක් යාමටද බලාපොරොත්තුවෙන් සිටියි. ඇනාමිකා සිය ඉදිරි කටයුතු පිළිබඳව දැක්වුයේ මෙවැනි අදහස් කිහිපයකි.
ඔබ නිරූපිකාවක් වෙන්නේ?
රූපලාවන්‍ය ශිල්පිණියක් මාව උඩරට මනාලියක් විදිහට හැඩගන්වලා තරගයකට ඉදිරිපත් කළා. එම තරගයේදී මාව හැඩගැන්වු කෙනාට දෙවැනි තැන හිමි වුණා. එම තරගය හරහා බොහෝ පිරිසක් අඳුනගන්න මට ලැබුණා. ඒ අතරින් නිරූපණ ක්ෂේත්රය තුළ කටයුතු කිහිප දෙනෙකුත් හිටියා. ඔවුන්ගේ අතදීම හරහා තමයි නිරූපණ ක්ෂේත්රයට මම පිවිසුණේ.
දැනට ඔබ දායක වෙලා තියෙන කලා කටයුතු මොනවද?
දැනට නම් මම කිසිම නිරූපණ කටයුත්තකට දායක වෙලා නැහැ. ගොඩක් වෙලාවට කළේ ඡායාරූපවලට පෙනි හිටිය එක විතරයි. නමුත්, ඉදිරියේදී මා දායක වුණ කලා කටයුතු කිහිපයක්ම එන්න තියෙනවා. විශේෂයෙන්ම ගීත රූප රචනා කිහිපයක් හරහා ඉදිරියේදී මා දැකගන්න පුළුවන් වේවි.
නිරූපිකාවක් විදිහට වැඩ කරන්න හිතුණේ ඇයි?
අපි කරන දෙයක් සතුටින් කළාහම එහි සාර්ථකත්වයක් තියෙනවා කියලා මම දකිනවා. නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්රයට ඇවිල්ලා වැඩ කරන්න හිතුණේ නිරූපණය කියන දේ මට ගොඩක් ගැළපෙන හින්දා. ඒ වගේම නිරූපිකාවක් විදිහට වැඩ කරන්න මට තියෙන ආසාව හා කැමැත්ත. ඉතින් නිරූපිකාවක් විදිහට වැඩ කරන්න හිතුණේ මේ කාරණා හින්දා.
පුංචි කාලේ හීනේ වෙලා තිබුණෙත් නිරූපණයට පැත්තට යොමු වෙන්නද?
නැහැ. පුංචි කාලේ මගේ හීනේ වෙලා තිබුණේ වෛද්‍යවරියක් වෙන්න. ඒත්, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය නිමාවත් එක්ක ඒ අදහස මගේ හිතෙන් අත්හැරුණා. මම පාසල් ගියේ හලාවත ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට. පාසල් යන කාලේ නම් කලා කටයුතුවලට සම්බන්ධ වුණා. පාසල් තූර්යවාදක කණ්ඩායමේ පවා මම හිටියා.
ක්ෂේත්රයට එන අලුත් අයනම් විවිධ මාර්ග වලින් ජනප්‍රිය වෙනවා?
මම කියන්නේ ඔය විවිධ මාර්ගවලින් ඉක්මණින් ජනප්‍රියත්වය හොයාගෙන යන අයගේ පැවැත්මක් නැහැ. අද ජනප්‍රිය වුණාට හෙට ඒ තත්ත්වය ඔවුන්ට නැති වෙන්නත් පුළුවන්.
මොනවද ඔබට තියෙන ඉදිරි ඉලක්ක?
අලුත් දෙයක් කරන්න ඕනා මේ ක්ෂේත්රය තුළ දිගු ගමනක් යන්න නම්. ලංකාව තුළ ලස්සන සංස්කෘතියක් තියෙනවා. ඒවාට හානි නොවන විදිහට දෙයක් වැඩ කරනවා. නිරූපණය කියන්නෙත් කලාවක්. ඒ කලාවේ රස විඳින්න ඕනා. ලංකාවේ නිරූපණ කලාවත් දැන් ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් විදිහට තියෙනවා. ඒ හින්දා මගේ හැකියාවන් ජාත්‍යන්තරයට ගෙන යන්න මම බලාපොරොත්තු වෙන් ඉන්නවා.
උදව් කළ අය?
අම්මා, තාත්තා මගේ අයියා විශේෂයෙන්ම මතක් කරන්න ඕනා. මගේ ඡායාරූප ගත්ත ඉමේෂ් අයියා වගේම මගේ යාළුවෝ ටිකත් මේ වෙලාවේදී ආදරයෙන් මතක් කරන්න ඕනා.
බුද්ධික සේනාධීර
ඡායාරූප - ඉමේෂ් නුවන්දක