දැනුමක් සමග ක්‍ෂේත්‍රයට ආවොත් ක්‍ෂේත්‍රයටත් වගේම තමන්ටත් හොඳයි
වසර ගණනාවක සිට නිරූපණයේ නියැළී සිටින ඇය මධුෂානි පෙරේරායි. තම අත්දැකීම් සමගින් සෙමින් ගමනක් යන ඇය ඇගේ ඉදිරි කටයුතු පිළිබඳ ‘සාරවිට’ සමගින් මෙලෙස දොඩමළු වූවාය.
මුලින්ම ඔයාව හඳුන්වාදුන්නොත්?
මම මධුෂානි පෙරේරා. මම ඉන්නේ කොට්ටාවේ. දැනට නිරූපණය කරනවා.
නිරූපණය කියන්නේ දැන් ජොබ් එකද?
ඔව්, මං කලින් ජොබ් එකක් කරා ඇඩවර්ටයිසින් එර්ජන්සි එකක. දැන ජොබ් එක මොඩලින්.
නිරූපණයට එකතු වෙන්නේ ඇයි?
කැමැත්තක් තිබ්බ නිසයි.
දැන් නිරූපණයට ඇවිත් කොච්චර කල් වෙනවාද?
අවුරුදු 03ක් 04ක් විතර වෙනවා.
ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?
හොඳයි හොඳ අවස්ථාවන් ගොඩක් හම්බෙනවා.
අලුත් අය බොහෝ ප්‍රමාණයක් ක්ෂේත්‍රයට එකතු වෙලා ඉන්නවා නේද?
ඔව්, දැන් නිරූපණය කරන්න කැමති අය වැඩියි.
ගොඩක් අය චෝදනා කරනවා අලුත් අය නිසා ක්ෂේත්‍රයට තිබෙන තැන නැති වෙනවා කියලා? එක ඇත්තද?
අලුත් අය නිසා නෙමෙයි. මම හිතන්නේ ඒ ගැන අදහසක් නැතුව එන අය නිසා එහෙම වෙන්නේ.
ඒ කියන්නේ ක්ෂේත්‍රයට එන්න ඕනේ ඒ පිළිබඳව ඉගෙන ගෙනද?
දැනුමක් අරන් එන එක ක්ෂේත්‍රයටත් හොඳයි තමන්ටත් හොඳයි.
ඔබගේ ඉදිරි බලාපොරොත්තු?
මේ ක්ෂේත්‍රයේ තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.
කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
මුලින්ම මගේ දෙමව්පියන් මගේ අයියා සහ මට උදවු කළ හැම කෙනාවම මේ වෙලාවේ මතක් කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - පසන් සෙනවිරත්න