දැන් මම මුලීකත්වය දීලා තියෙන්නේ රංගනයට
නිරූපිකාවක් ලෙස කලා ක්ෂේත්රයට පිවිසි ගයාත්‍රි කාංචනමාලි වර්තමානය වන විට රංගන ශිල්පිනියක් ලෙස වැඩිපුර කටයුතු කරයි. දැනට ටෙලි නාට්‍යය හා සිනමා නිර්මාණ කිහිපයකටම දායක වී ඇති ගයාත්‍රි මේ දිනවල විකාශය වෙන ‘මුතුලෙන්දොර’ ටෙලි නාට්‍යය තුළින්ද දැකගත හැකි වේ. අද ‘සාරවිට’ කතාබහා දිග හැරෙන්නේ ඇය සමගය.
ඔබව අපි මුලින්ම හඳුනගත්තේ නිරූපිකාවක් විදිහට නේද?
ඔව්.. හැමෝම මුලින් ම මාව අඳුනගත්තේ නිරූපිකාවක් විදිහට.
ඔබ දැන් නිරූපිකාවක්ද? එහෙමත් නැත්නම් රංගන ශිල්පිනියක්ද?
නිරූපිකාවක් විදිහට වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරනවා. හැබැයි මූලිකත්වය වර්තමානය වන විට දීලා තියෙන්නේ රංගනය පැත්තට කිව්වොත් හරි.
මෑත කාලයේ ඔබව අපි කලා නිර්මාණ කිහිපයකින්ම දුටුවා?
මෑතකාලයේ නම් දෙරණ රූපවාහිනි නාලිකාවේ කන්තෝරූ මෝරූ ටෙලිනාට්‍යට සම්බන්ධ වෙලා හිටියා. නමුත්, මේ දිනවල එහි වැඩ කටයුතු අතරමඟ නැවතිලා තියෙනවා රටේ පවතින ‘කොරෝනා’ වසංගත තත්ත්වයත් එක්ක. ඒ වගේම මුතුලෙන්දොර ටෙලිනාට්‍යයේ මේ දිනවල රූපගත කිරීම් සිදු කරගෙන යනවා. ඉදිරි කාලයේදී ඒ ටෙලි නාට්‍යය හරහාත් මාව දැකගන්න පුළුවන් වේවි. ඒ වගේම ඉදිරියේදී චිත්‍රපට හා කිහිපයකටත් මම සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා.
දැන් ඔබේ වෘත්තිය වෙලා තියෙන්නේ කුමක්ද?
වෘත්තීමය වශයෙන් රංගන ශිල්පිනියක් හා නිරූපන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ඊට අමතරව ආරක්ෂක අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එකතුවී කරන ‘බිගු සම්පත් සුරැකීමේ’ ව්‍යාපෘතියේ සන්නාම තනාපතිනිය වශයෙන්ද කටයුතු කරනවා.
නිරූපිකාවකට වඩා රංගන ශිල්පිනියකට අද සමාජය තුළ තැනක් තියෙනවා නේද?
මොන යම් ක්ෂේත්රයක් තුළ වුණත් සමාජයේ තැනක් තියෙනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමන් මතම කිව්වොත් හරි.
දිගටම මේ වෘත්තියේ නියැලෙන්නද අදහස?
ඔව්... අනිවාර්යයෙන්. මම කලාවට ආසයි ගොඩක්. ඒ හින්දා තමයි මේ ක්ෂේත්රයට ආවෙත්. ඉතින් දිගටම මේ ක්ෂේත්රය තුළ රැඳිලා කටයුතු කරන්න කැමතියි.
කලාවට යොමු නොවුණා නම් ඔබේ වෘත්තිය කුමක් වෙයිද?
ව්‍යාපාරික කාන්තාවක් වේවි බොහෝ දුරට. ඉදිරියේදී කලා කටයුතුත් සමගම ව්‍යාපාරික පැත්තටත් සඳහා යොමු වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
කලාවට සම්බන්ධ වුණ එක ගැන තෘප්තිමත්ද?
ඔව්. මේ ආපු ගමන ගැන සතුටුයි. වගේම හිත රිඳුන තැනුත් තිබුණා. ඒ දේවල් සාමාන්‍යයයි. ලොකුවට හිතන්නේ නෑහැ කොහොම වුණත් මම මගේ ගමන යනවා මගේ පාඩුවේ.
පවුලේ අයගෙන් ලැබුණ සහය අමතක කරන්න බැහැ නේද?
මගේ කටයුතු වලට ගොඩක් උදව් කරන්නේ අම්මා, තාත්තා, නංගි, පොඩි අයියා. නංගි තමා මාව 2019 වසරේ තිබුණ ‘මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් ටුව්රිසම් ඉන්ටර්නැෂනල්’ තරගයට මාව යොමු කළෙත්. ඒ වගේම දෙරණ රූපවාහිනි නාළිකාවේ ටෙලිනාට්‍ය සඳහා සම්බන්ධ කරගත් සහ ‘බිගු සම්පත් සුරැකිමු’ ව්‍යාපෘතිය සඳහා මා සම්බන්ධ කළ සුරංග සතරසිංහ මහතා සහ දෙරණ ආයතනයේ සියළු දෙනාටත්, ලුතිතන් කර්නල් හේමන්ත පෙරේරා, තමිදු තත්සර, ඉමේෂ් නුවන්දක, මලිත් රණසිංහ, ඹ්ෂද කුමා කුරුකුලසුරිය ඇතුළුව මට උදව් කල සියළු දෙනාටම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුති කරන්න.
කතා බහා - බුද්ධික සේනාධීර