දැන් නිරූපිකාවක් කිව්වොත් බය හිතෙන තත්ත්වයක් තියෙන්නේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-01-22-ent-21

නිරූපිකාවක් ලෙස කලා ක්ෂේත්‍රයට පිවිසි නිසඳ කාරියවසම් වර්තමානය වනවිට රංගන ශිල්පිණියක් ලෙසද කටයුතු කරයි. පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ ගීත රූප රචනා කිහිපයකම දක්නට ලැබුණ නිසඳ ඉදිරියේදී තවත් ටෙලි නිර්මාණ රැසකින් ප්‍රේක්ෂක ඔබ හමුවීමට සූදානමින් සිටියි. ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව ඇය අපිට පැවසුවේ මෙවැනි අදහස් කිහිපයකි.

 

නව වසරේ අලුත් වැඩකට සම්බන්ධ වුණා නේද?2019-01-22-ent-20

ඔව්, සුනෙත් මාලිංග අයියා අධ්‍යක්ෂණය කරන ‘ඉත්තෝ’ ටෙලි නාට්‍යයට. ඊට අමතරව තවත් ටෙලි නාට්‍යය කිහිපයකටම පසුගිය කාලේ සම්බන්ධ වුණා. ඒ නිර්මාණ ඉදිරියට විකාශය වෙන්න නියමිතයි.

 

නිරූපිකාවක් විදිහට වර්තමාන නිරූපණ ක්ෂේත්‍රය දකින්නේ කොහොමද?

ඉස්සර තිබුණට වඩා දැන් හොඳයි කියලා හිතෙනවා. නමුත්, දැන් නිරූපිකාවක් කියද්දිත් නිකම් බය හිතෙන තත්ත්වෙකුත් මේ ක්ෂේත්‍රය තුළ තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් දෙනේනෙක් කරන වැඩ නිසා ඒ කරන වැඩ පොදුවේ හැම නිරූපිකාවකට එල්ල වෙලා තියෙනවා. ඒ වගේම මම දකින දෙයක් තමයි මේ ක්ෂේත්‍රය කිහිප දෙනෙක් විසින් විනාශ කරලා තියෙනවා කියලා අද වෙනකොට.

 

අලුත් අය නිසා පරණ අයට දැන් තැනැක් නැ කියලා හිතෙනවාද?

අලුත් කට්ටිය මේ ක්ෂේත්‍රයට එන්න ඕනා. නැත්නම් ඉදිරියට යන්න බැහැ නේ. ඒ අය ආවා කියලා අපිට වැඩ නැති වෙනවා කියන තැනැක් නැහැ කියන කතාව නම් බොරු. ඒකට බලපාන්නේ ඒ කෙනෙක්ගේ දක්ෂතාවය.

 

නිසඳි කියන්නේ දැන් වෘත්තිය මට්ටමේ නිරූපිකාවක්ද?

ඒක නම් හරියට කියන්න දන්නේ නැහැ. හැබැයි වෙලාවට වැඩ කරන කෙනෙක්. කරන්න තියෙන දේ හරියටම කරන කෙනෙක්. ඒ වගේම වැඩත් ලැබෙනවා. නමුත්, මම වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් නෙවෙයි තවමත්.

 

අන්දෝලනාත්මක ගීත රූප රචනා කිහිපයකට පසුගිය කාලේ පෙනී හිටියා?

ඒ ගැන කතා නොකර ඉමු. පරණ දේවල් ආයෙත් කතා කරන්න මම කැමති නැහැ.

 

ඒ වගේ වැඩක් ආවොත් භාර ගන්නවාද?

නැහැ. ඒ වගේ මෝඩ වැඩ ආයේ කරන්නේ නැහැ.

 

නිරූපණ ක්ෂේත්‍රය වර්තමානයේ සිදුවුණ සිදුවීම් ගැන දරණ අදහස මොකක්ද?

සමහර සිදුවීම් නිසා හොඳ දේවල් වුණා. සමහර දේවල් නරක දේවල් වුණා. මම දැක්ක එකම දේ නිරූපිකාවන් කියලා ඇවිල්ලා මේ ක්ෂේත්‍රය නාස්ති කරන අය එයාලාගේ ජනප්‍රිය වෙන්න කියලා හිතාගෙන වැඩකට නැති දේවල් කරන එක. එයාලා දන්නේ නැහැ ඔය හැමදේම තාවකාලිකයි කියලා. හයියෙන් දිව්වාහම හති වැටෙනවා. හෙමින් යන්න. වෙන්න තියෙන දේවල් හරි විදිහට වේවි.

 

ඔබගේ සමකාලීනයෝ ජනප්‍රිය වෙන්න විවිධ දේවල් කරනවා?

ජනප්‍රිය වෙනවා කියන එක දිගුකල් පවතින්නේ නැහැ. ඒක ඔය වගේ දේවල් කරන ඔය තේරුම් ගන්න ඕනා. ඇත්තටම මට ජනප්‍රිය වෙන්න ඕනා නැහැ. මම යන්නේ හෙමින් ගමනක්. මොකද, මම ජීවිත් වෙන්නේ සුරංගනා ලෝකෙක් නෙමෙයි. පොළොවේ පය ගහලා ජීවත් වෙන කෙනෙක්.

 

බුද්ධික සේනාධීර

2019-01-22-ent-17 2019-01-22-ent-18 2019-01-22-ent-19