දැනට මාර්කට් වෙමින් පවතින්නේ නිරුවත තමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

  2018-04-05-ent-124

ගීත රූප රචනා කිහිපයකම ප්‍රේක්ෂක ඔබ දැක ඇති හිරුණි ඉෂාරා අද ‘සාරවිට’ තරු කතා බහට අපි මෙළෙස සම්බන්ධ කරගත්තේමු. වර්තමානය වන විට වෘත්තිය මට්ටමේ නිරූපණ ශිල්පිණියක ලෙස කටයුතු කරන ඇය ඉදිරියේදී රංගනයටද පිවිසිමේ බලාපොරොත්තුවෙන් පසුවේ. මේ ඇය අපි සමග සිය අලුත්ම අදහස් බෙදාහදාගත් අයුරු.

 

නිරූපිකාවක් වුණේ?2018-04-05-ent-125

එක අහම්බෙන් වුණ සිදුවීමක්. යොවුන් ගායක චිලී තිවංකගේ ‘Reechille’ ඇඳුම් ෂොප් එකේ මොඩල් කෙනෙක් විදිහට වැඩ කළා. ඒ තමයි මගේ මුල්ම වැඩේ. ඊට පස්සේ නිරූපණයට පැත්තට යොමු වෙන්න ආසාවක් වගේම උනන්ඳුවක් ඇතිවුණා. ඒ විදිහට තමයි ෆිල්ඩ් එකට ආවේ.

 

ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් කාලයක් වෙනවා?

ඔව්, මේ කාලය තුළ ගීත රූප රචනා කිහිපයකටම දායක වෙලා තියෙනවා. ගොඩක් ඒවායේ ප්‍රධාන චරිතයට තමා දායක වුණේ. ඊට අමතරව රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කිහිපයකටම පෙනි ඉඳලා තියෙනවා. ටෙලි නාට්‍යය කිහිපයකටත් දායක වෙන්න ආරාධනා ලැබුණා. නමුත්, මම ඒවට තාම සම්බන්ධ වුණේ නැහැ.

 

නිරූපිකාවක් නොවුනා නම් අද හිරුණි?

බොහෝ විට රූපලාවන්‍ය ශිල්පිණියක් විදිහට වැඩ කරයි. නමුත්, නිරූපිකාවක් වෙන්න ගත්තු තිරණය අද වැරදි නැහැ කියලා හිතනවා මම.

 

රඟපාන්න ලොකු ආසාවක් නැද්ද?

ලොකු ආසාවක් නම් නැහැ ඒ පැත්තට යොමු වෙන්න. නමුත්, හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර අරගෙන කරනවා.

 

ලංකාවේ නිරූපිකාවකට තියෙන පිළිගැනීම කොහොමද?

දැන්නම් මොඩල් කෙනෙක් කිව්වාහම බොහෝ දෙනෙක් බලන්නේ වැරදියට. නමුත්, මගේ මතය තමා තමන්ගේ ටැලෙන්ට් එක අනුව ඉදිරියට යන කෙනා තමා හරියටම මොඩල් කෙනෙක් කියන්න පුළුවන්. ඡායාරූප වලට පෙනි හිටියා කියලා මොඩල් කෙනෙක් කියන්න බැහැ.

 

නිරූපණයේ යෙදෙන කොට යම් සීමාවක් තියෙනවාද?

මම මොඩ්ලින් කරනවා තමා. නමුත්, මොඩ්ලින් කරනවා කියලා එක තේරුම නිරුවත් වෙනවා කියන එක නෙමෙයි. නමුත්, ලංකාවේ සංස්කෘතියට අනුව මගේ චරිතය ආරක්ෂා කරගන්න මම දන්නවා. ඒ අනුව තමයි මම විලාසිතා කරන්නේ.

 

අද කාලේ ගොඩක් නිරූපිකාවෝ නිරුවත සහ අඩනිරුවත මාර්කට් කරනවා?

දැනට මාර්කට් වෙමින් පවතින්නේ නිරුවත තමයි.

 

නිරූපිකාවක් විදිහට ඔබගේ ඉදිරි සැලසුම්?

ඔව්, මොඩල් කෙනෙක් වශයෙන් ඉහළටම යන්න ලොකු ආසාවක් තියෙනවා.

 

උදව් කළ පිරිසකුත් ඇති?

මට ෆිල්ඩ් එකට එන්න උදව් කරේ උචිත මධුෂංක අයියා. ඊට අමතරව මගේ අම්මා, තාත්තා. ඔවුන් මාව දිරිමත් කළා මේ ෆිල්ඩ් එකෙන් ඉදිරියට යන්න.

 

බුද්ධික සේනාධීර

 

2018-04-05-ent-123