දායක වෙන්නෙ හොඳ වැඩවලට විතරයි
සසින්දි නිම්හාරා ගැන මේ දිනවල බොහෝ දෙනා කතා කරන්නේ හුස්මක් තරමට නාට්‍යයේ ‘‘සියුමාලි’’ නමින් රඟපාන චරිතය නිසයි. සසින්දි නිම්හාරා සේනානායක කාගේ කවුද කිව්වොත්, ඇයගේ මව පියා 2013 ආසියානු රූ රැුජිණ කිරුළ දිනු නිලූ සේනානායක නිරූපණ ශිල්පී අර්ජුන් සේනානායක අද සඳැල්ල සරසන්නේ ‘‘හුස්මක් තරමට’’ හැඩ කරන මේ සුන්දර යුවතිය සසින්දි නිම්හාරාය.
සසින්දි වඩා කැමති නිම්හාරා කියනවට ද? සසින්දි කියනවට ද?
පුද්ගලික කැමැත්ත නම් නිම්හාරා කියලා කියනවට. ඒත් දැන් හැමෝම මාව දන්නෙ සසින්දි නිම්හාරා නමින්. ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍යවල මගේ පිටු සැරසෙන්නෙත් ඒ නමින්. ඒ හන්දා සසින්දි නිම්හාරා කියලා කියනවට ආසයි.
සසින්දි නිරූපණයට නොගොස් ඇයි රඟපෑමට එන්න හිතුවෙ?
අම්මා වගේ වෘත්තීය නිරූපණ ශිල්පිනියක් නෙවෙයි. මොකද කිව්වොත් තවම මම ඉගෙන ගන්නවා. රූපවාහිනි දැන්වීම් බොහොමයකට පෙනී සිටියා. හැබැයි ඒ ඔක්කෝටම පෙර රඟපාන්න ආවේ වයස 4 දී නීටා ප්‍රනාන්දු මහත්මිය සමග ‘නිසලගිර’ චිත්‍රපටයේ. ඉන්පසුව අධ්‍යාපන කටයුතු නිසා රඟපෑමට ආවෙ නැහැ.
දැන් පාසල් අධ්‍යාපනය නිමා කරලද ඉන්නෙ?
පාසල් අධ්‍යාපනය හමාර කරලා දැන් සේජිස් කැම්පස් එකේ ව්‍යාපාර කළමනාකරණ උපාධිය හදාරනවා.
සසින්දි අධ්‍යාපනය හැදැරුවෙ?
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ
ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණක් ඇතිව ද?
උපාධිය තෙක් ඉගෙන ගෙන හොඳ රැුකියාවක නිරතවීම අරමුණු කරගෙනයි. රංගනය කළත් හොඳ අධ්‍යාපන සුදුසුකම් තිබෙන්න ඕනෑය කියලා හිතුවා. එක එක කාලයට එක එක අරමුණු ඇති වුණා. මුලින්ම හිතුවෙ ගුරුවරියක් වෙන්න. ඉන් පස්සෙ පොලිස් නිලධාරිනියක් වෙන්න හිතුවා.
දැන් ඒ අරමුණ නැද්ද?
දැන් මගේ අරමුණ විදේශගතව තවදුරටත් උසස් අධ්‍යාපනය ලබා එහි සිටම ව්‍යවසායිකාවක වෙන්නයි.
එතකොට රංගනය?
රංගනය කළත්, එයටම සක්‍රීය දායකත්වයක් දිගටම දෙන්න කැමැත්තක් දැනට නැහැ. එකම අරමුණ රඟපාන අතරේ ජාත්‍යන්තරයට ගිහින් ව්‍යවසායිකාවක වෙන්නයි.
හුස්මක් තරමට චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
අද කොහේ හරි ගියාම බොහෝ දෙනෙක් මගෙන් අහන්නෙ හුස්මක් තරමට නාට්‍යයේ ඉන්නෙ ඔයා නේද? කියලයි. ඇත්තටම අද මට ලැබෙන ප්‍රතිචාර ඉහළයි.
‘‘හුස්මක් තරමට’’ සියුමාලිගෙ චරිතය මොන වගේ එකක් ද?
ඇය ආදරය කරන්නෙ ආලෝකට. එයාගෙ නම සියුමාලි කලහේවා. ආදරණීය චරිතයක් නිසා සියුමාලීට මිනිස්සු ආදරෙයි.
මේ චරිතයට අමතරව?
දැනට මේ චරිතය විතරයි බාර ගත්තෙ. අම්මා තාත්තා මට ගොඩාක් උදව් කරනවා. අධ්‍යාපන වැඩ නිසා ලැබෙන චරිත ඔක්කෝම බාර ගන්නෙ නැහැ. දැනට මේ චරිතය විතරයි බාර ගත්තෙ. ඉදිරියටත් එහෙමයි. දැන්වීම් සහ රංගනයේ දී හොඳ වැඩවලට විතරයි දායක වෙන්නෙ.
සසින්දිගෙ වයස?
අවුරුදු 18 යි
සසින්දි මොන වගේ තරුණියක් ද?
මම වැඩිය කතා බහ කරන චරිතයක් නෙවෙයි. ඒ මගේ විදියයි. කතා නොකළාට නිතර හිනාවෙලා ඉන්න කෙනෙක්.
අම්මා වගේ කවදා හරි රූ රැුජින තරගවලට ඉදිරිපත් වේවි ද?
අනිවාර්යයෙන්ම එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. අවුරුදු 22න් විතර පස්සෙ ඒ ගැන උනන්දු වෙනවා.
අම්මයි දුවයි දකිද්දී මිනිස්සු කොහොමද හඳුනා ගන්නෙ?
අපි දෙන්නව එකට ඉන්නකොට බොහෝ අය හිතන්නෙ අපි දෙන්නා අක්කයි නංගියි කියලයි. අපේ තාත්ති නම් කියන්නෙ ඔයා අම්මටත් වඩා ලොකු පෙනුමක් තියෙන්නෙ කියලයි.
පවුලේ තව කවුද ඉන්නෙ?
මමයි නංගියි. නංගිට තවම අවුරුදු 12 යිි. එයා මටත් වඩා උසයි. එයාගෙ නම තෙනුලි සේනානායක.
රඟපෑම කරන්න කැමරාව ඉදිරියට ගියාම ඇති වුණේ මොන වගේ හැඟීම් ද?
අලූත් දෙයක් නිසා බයෙන් ගියේ. පසුව නාට්‍ය කණ්ඩායමේ ඔක්කෝමලා මාත් එක්ක යාළු වුණා. උපදෙස් දුන්නා. රවීන්ද්‍ර විජේරත්න සර්, තරංග සර්, මාව සැහැල්ලූවට පත් කළා. විශේෂයෙන්ම ගීතාංජන අයියාටත් ස්තුතිවන්ත වෙන්න ඕනෑ. එයා තමයි මේ චරිතයට මාව හඳුන්වලා දුන්නෙ.
ජනප්‍රිය ක්ෂේත්රයකට එන විට මොන වගේ විය යුතුයි කියල ද හිතන්නෙ?
හරි කෙනා ඇසුරු කරන්න ඕනෑ. නොදැන හැමෝම ආශ්‍රය කරන්න ගිහින් අනවශ්‍ය කරදර වෙන්න පුළුවන්.
ගෙදර ඔක්කෝමලා කලා පවුලක් වීම ගැන හිතන්නෙ කොහොම ද?
ලොකු සතුටක් තියෙන්නෙ. අපේ අම්මා තාත්තා කියන්නෙ මේ ක්ෂේත්රය ඉතාම හොඳ ක්ෂේත්රයක් කියලයි. ක්ෂේත්රයේ හොඳින් හිටියොත් දුර ගමනක් වගේම. හොඳ ගමනක් යන්න පුළුවන් කියලයි.
අම්මා නම් කියන්නෙ සසින්දිට තවත් බොහෝ දක්ෂතා තියෙනවා කියලයි?
නැටුම් සහ ගායනයත් පුළුවනි. මේ සියලූ දේ පිටුපස තාත්තා තමයි ඉන්නෙ. අම්ම මගේ හොඳම යාළුවා. එයාලා එක්ක පොඩි වයසේදිම විවිධ ඉසව්වලට දායක වෙච්ච නිසා එයාලගෙ අභාෂය මට එන්න ඇති. මේ ක්ෂේත්රයට බයෙන් එන්න ඕනෑ නැහැ කියලයි අපේ අම්මා කියන්නෙ. ඒක ඇත්ත. සුන්දර ගමනක් වගේම, හොඳ ගමනක් යන්න සුදුසුම තැනක් මෙතැන. ඒ නිසා කලාවට මම හරිම ආදරෙයි.
සටහන හා ඡුායාරූප: සඳුන් ගමගේ