'දරුවනේ' රඟපාන කොට මට අවුරුදු 12යි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-11-ent-28

මෙවර ‘හිරු අවුරුදු’ කුමරිය ලෙස කිරුළු පළන් පූජනි භාග්‍යා, නිරූපිකාවක මෙන්ම රංගන ශිල්පිනියක් ලෙසද වර්තමානයේ කටයුතු කරයි. මේ වනවිට ටෙලි හා සිනමා නිර්මාණ රැසකටම සිය රංගන දායකත්වය ලබාදී ඇති ඇය, ගීත රූප රචනා බොහෝමයකින්ද ප්‍රේක්ෂක ඔබ හමුවී තිබේ. මෙවර ‘සාරවිට’ තරු කතාබහට අපි ඇය සම්බන්ධ කර ගත්තෙමු.

 

පූජනි ක්ෂේත්‍රයට එන්නේ?2018-07-11-ent-29

මම ක්ෂේත්‍රයට එන්නේ වයස අවුරුදු 12ක් වෙද්දි. ඒ සුනිල් ටී.ප්‍රනාන්දු මහත්මයාගේ ‘දරුවනේ’ චිත්‍රපටය තුළින්.

 

ඔබ නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?

දැන් නම් වැඩිපුර දායකත්වය දෙන්නේ නිරූපණය පැත්තට. නමුත්, මම රංගන ශිල්පිනියක් විදිහට කලා කටයුතුවලටත් ඒ හා සමාන දායකත්වයක් ලබාදෙනවා.

 

දායක වෙලා තියෙන නිර්මාණ මොනවද?

මුලින්ම ක්ෂේත්‍රයට ආවේ ‘දරුවනේ’ චිත්‍රපටයෙන්. ඊට පස්සේ තවත් ටෙලි නාට්‍යය කිහිපයකම රඟපෑවා. ඒ අතර නලින් මාපිටිය මහත්මයාගේ ‘මංසල’ හා ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ ‘ආදර ගීතය’ කියන ටෙලි නාට්‍යය ඒ අතර තියෙනවා. මා රංගනයෙන් දායක වුණ තවත් ටෙලි නාට්‍යය කිහිපයක්ම විකාශය වීමට නියමිතයි. ටෙලි හා සිනමා නිර්මාණවලට අමතරව මම ගීත රූප රචනා හා රූපවාහිනි වෙළෙඳ දැන්වීම් බොහෝ ප්‍රමාණයකට දැනට දායක වෙලා තියෙනවා.

 

පූජනීට රඟපාන්න පුළුවන්ද?

ඔව්, අනිවාර්යෙන්ම. නමුත්, ගොඩක් දේවල් රංගනය පැත්තෙන් තව හදාගන්න තියෙනවා. රූපගත කිරීම්වලට සහභාගි වෙන කොට ගොඩක් වෙලාවට එතන ඉන්න ප්‍රවීණ පිරිසකගෙන් රංගනය ගැන ඉගෙන ගන්නවා. ඔවුන්ගෙන් ගුරුහරුකම් ලබාගන්නවා. රංගනය කියන දේ අද හදාරලා හෙට ඉවර කරන්න බැහැ. හැමදාම යමක් ඒ තුළින් ඉගෙන ගන්න පුළුවන්. ප්‍රවීණයන් ගොඩක් දේවල් මට කියලා තියෙනවා.

 

කුඩා කාලේ ඔබේ හීනේ වුණේ?

ගුවන් සේවිකාවක් නැත්නම් පශූ වෛද්‍යවරියක් වෙන්න. සත්තුන්ට ගොඩක් ආදරෙයි. කවදාහරි එයාලා වෙනුවෙන් යමක් කරන්න ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.

 

ඔබ අවුරුදු කුමරිය තරගයක ජයග්‍රාහිකාවක්?

ඔව්, මෙවර හිරු රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ ‘හිරු අවුරුදු’ කුමරිය තරගයේ ජයග්‍රාහිකව බවට පත්වුණා. ‘හිරු’ වගේ දැවැන්ත මාධ්‍යජාලයක ‘අවුරුදු කුමරිය’ තරගය ජයග්‍රහණය කරන්න ලැබීම ලොකු සතුටක්.

 

මේ ක්ෂේත්‍ර තුළ අනාගත ඉලක්ක තියෙනවාද?

මම කැමතියි සිනමා නිළියක් වෙන්න. ජනප්‍රිය නිළියක් වෙනවට වඩා දක්ෂ නිළියක් වෙන්න තමයි මගේ ලොකුම ඉලක්කය.

 

බුද්ධික සේනාධීර

ඡායාරූප - සජිව ලක්ෂාන්

 

  2018-07-11-ent-30