දක්ෂ නිරූපිකාවක් වගේම නිළියක් වෙන්න වෙර දරන 'සුබාෂි'
මේ දිනවල දක්නට ලැබෙන දක්ෂ තරුණ නිරූපිකාවක් හා ව්‍යාපාරිකාවක් වන සුබාෂි හෙට්ටිආරච්චි ‘අද‘ සාරවිට කතාබහට එකතු වුණා. මේ ඇයත් සමග කළ සාකච්ඡාවයි.
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මම සුබාෂි හෙට්ටිආරච්චි, මම මොඩ්ලින්, ඩාන්සින් කරනවා. ඊට අමතරව මොඩ්ලින් කෝඩිනේටින් කරනවා. මේ අවුරුද්දේ මගේ සැලෝන් පටන් ගන්න හිතාගෙන ඉන්නවා.
එතකොට දැනට කොච්චර කාලයක් වෙනවද නිරූපණ ක්ෂේත්රයට ඇවිල්ලා?
මම දැනට අවුරුදු 03කට විතර කලින් වගේ තමයි නිරූපණ ක්ෂේත්රයට ආවේ. හැබැයි මගේ අධ්‍යාපන කටයුතු නිසා ටික කාලයක් නිරූපණ ක්ෂේත්රයෙන් ඈත් වෙලා හිටියා. මේ නොවැම්බර්වලදී කැට් වෝ(ල්)ක් බැජ් එකට සිලෙක්ට් වෙලා ඉන්නවා.
එතකොට මේ දවස්වල මොකද කරන්නේ ?
මේ දවස්වල බ්‍රයිඩ්ල් ෂූට්, එතකොට ටීවී කොමර්ෂල් කරනවා, වටවල කමර්ෂල් එක" HNB කමර්ෂල් එක" LB ෆිනෑන්ස් එකේ මේන් මොඩ්ල(ර්) විදියට වැඩ කරනවා.
එතකොට මේ හැමදේම බැලන්ස් කරගන්නේ කොහොමද?
දැනට මම මගේ ඩාන්සින් ග_ප් එක තාවකාලිකව නවත්තල තියෙනවා. මගේ සැලෝන් එකේ වැඩයි, ස්පා එකේ වැඩවලටයි කාලය ඕනේ නිසා. එතකොට නිරූපණ වැඩයි ටීවී කමර්ෂල් වැඩයි බැලන්ස් කරගෙන යනවා.
රංගනයට ඇරයුම් ලැබිලා නැද්ද ?
රංගනයට ඇරයුම් ලැබිලා තියෙනවා. රූපවාහිනී ආයතන කිහිපයකින් ටෙලි නාට්‍ය කිහිපකට ආරාධනා ලැබුණා. ටෙලි නාට්‍ය ක්ෂේත්රයෙන් තැනකට එන්න බලාපොරොත්තුවක් තියෙනවා.
කොහොමද එතකොට මේ දේවල්වලට ගෙදරින් ලැබෙන සහයෝගය?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. තාත්තා, අක්කා එතකොට මගේ යාළුවෝ එයාලා මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.
මොනවද ඔබේ අනාගත බලාපොරොත්තුව?
දක්ෂ නිරූපිකාවක් දක්ෂ නිළියක් වෙන්න තමයි බලාපොරොත්තුව
ඔබට කවුරු හරි මතක් කරන්න තියෙනවද අවසාන වශයෙන්?
මගේ අම්මව මතක් කරන්න ඕනේ. එයා දැන් ජීවතුන් අතර නෑ, අම්ම මට ලොකු ශක්තියක් වුණා, එතකොට තාත්තා ඇතුළු පවුලේ හැමෝම මතක් කරනවා. මේ හැමෝම මට ලොකු ශක්තියක් වුණා. ඒ හැමෝටම ස්තූතියි කරනවා.
(කැලුම් විශ්වනාත්)