දක්ෂතාවයක් නැති කෙනෙක් ජයග්‍රහණය කරන්නේ නැහැ
ගයාත්‍රි කියන්නේ මේ වෙද්දි වෙළඳ දැන්වීම් කිහිපයකටම දායක වුණු නිරූපණ ශිල්පිනියක්. ඊට අමතරව ඇය Miss Intercontinental තරඟාවලිය නියෝජනය කළ තරඟකාරිනියක්. නිරූපණයෙන් ඉදිරියට යෑමට බලාපොරොත්තු වන ගයාත්‍රිව සාරවිටට එකතු කරගත්තේ ඒ නිසයි.
ඔබ ගැන හඳුන්වා දුන්නොත්?
මගේ නම ගයාත්‍රි සොයිසා. මගේ පවුලේ විස්තර කිව්වොත්, මම ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලි සමගයි. මේ දිනවල මගේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා.
නිරූපණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
2018 Miss Intercontinental පැජන්ට් එක හරහා.
Miss Intercontinental තරඟාවලිය ගැන කිව්වොත්?
පැජන්ට් එක පැවැත්වුණේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී. මම මේ පැජන්ට් එකේ අවසන් 10 දෙනා අතරට පැමිණියා. එහිදී මට මිස් බොඩි බියුටිෆුල් කියන ටයිට්ල් එක ලැබුණා.
මේ වෙද්දි නිර්මාණවලට දායක වෙලා තිබෙනවාද?
ඔව්. ඩයලොග් කමර්ෂල් දෙකකටත්, මියුසික් වීඩියෝවකටත් දායක වෙලා තියෙනවා. ඊට අමතරව ක්ලෝතින් බ්‍රෑන්ඩ් දෙකක නිරූපණ ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ටෙලි නිර්මාණයකටත් ආරාධනා ලැබී තිබෙනවා. ළඟදීම එහි රූ ගත කිරීම් කටයුතු ආරම්භ කරනවා.
නවකයෙක් විදිහට ක්ෂේත්රය ගැන දැනෙන්නේ කොහොමද?
නිරූපණය කියන්නේ හරිම ලස්සන ක්ෂේත්රයක්. තමන් හරියට හිටියොත් ක්ෂේත්රයේ හොඳ ගමනක් යන්න පුළුවන්. සමහර අය ක්ෂේත්රයේ නම කැත කරලා තියෙනවා. ඒ නිසා අපිට වුණත් මම නිරූපණ ශිල්පිනියක් කියලා කටක් ඇරලා සමාජයට කියන්න දෙපාරක් හිතන්න වෙලා තියෙනවා.
ලංකාවේ පැජන්ට් වැඩිවෙලා තියෙනවා. ඒක ක්ෂේත්රයට කොහොමද බලපාන්නේ?
ඔව් ඇත්තටම අද වෙද්දි හැම තැනම පැජන්ට් පවත්වනවා. ඒ නිසා පැජන්ට් එකකට තියෙන වටිනාකම නැති වෙනවා. ලෝකයේම තියෙන්නේ ප්‍රධාන පැජන්ට් පහයි. ඊට අමතරව බලපත්‍ර තියෙන අය පැජන්ට් පවත්වනවා. අද වෙද්දි අපේ පැජන්ට් කරන අයට ලයිසන් තියෙනවාද, නැද්ද කියලා දන්නෙත් නැහැ. එහෙම වෙන්නේ නැතුව ස්ටෑන්ඩට් විදිහට පවත්වන පැජන්ට් ටික කරගෙන ගියා නම් හොඳයි කියලා තමයි මගේ අදහස.
දක්ෂ නිරූපණ ශිල්පිනියක් වෙන්න නම් ඇය පැජන්ට්වලට සහභාගී වෙලා තියෙන්න ඕනේද?
මෙහෙමයි. නිරූපණ ශිල්පිනියක් කියන්නේ ඇත්තටම දැනුමක්, අධ්‍යාපනයක් තිබෙන කෙනෙක් විය යුතුයි. පැජන්ට්වලට සහභාගී වන ශිල්පිනියන්ට අනිවාර්යෙන්ම දක්ෂතාවය සහ දැනුම තිබිය යුතුයි. ශිල්පිනිය තුළ යම් දක්ෂතාවයක් තියෙනවා නම් එයා අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්න ඕනේ. දක්ෂතාවයක් නැති කෙනෙක් ජයග්‍රහණය කරන්නේ නැහැ. නමුත් අද වෙද්දි සමහර තැන්වල ඒ තත්වය වෙනස් වෙලා තියෙනවා.
ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු ගැන කිව්වොත්?
මම මේ වෙද්දි අධ්‍යාපන කටයුතුවල නිරත වෙලා ඉන්නේ. අධ්‍යාපන කටයුතු ඉවර වුණාට පස්සේ රැකියාවක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව නිරූපණය රැකියාවක් විදිහට කරන්නේ නැතිව, විනෝදාංශයක් ලෙස කරන්න.
උදව් කළ පිරිස ගැන කිව්වොත්?
මගේ පවුලේ අය, මගේ යහළුවෝ සහ මට ආදරය කරන හැමෝවම මම මතක් කරනවා සහ ස්තූතියි කරනවා.
කැළුම් දේවින්ද