දක්ෂතාවය තිබ්බොත් වාසනාව ඉබේම ඇති වෙනවා
මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍යය කිහිපයකින්ම හමුවන ඇය අලෝකා ධනංජනිය. ඇය රංගන ක්ෂේත්රයට නවකයෙකි. සිරස රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ %ෆිල්ම් ස්ටාර්^ රියලිටි තරගය හරහා කලා ක්ෂේත්රයට අවතීර්ණ වූ ඇය මේ වනවිට ටෙලි නාට්‍යය හා සිනමා කිහිපයකටම දායක වී සිටියි. මේ දිග හැරෙන්නේ ඇය සමග කළ කතාබහකි.
ඔව්, ක්ෂේත්රයට ඇවිල්ලා නම් ලොකු කාලයක් නැහැ. සිරස රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ 'ෆිල්ම් ස්ටාර්" රියලිටි තරගය හරහා තමයි මම ක්ෂේත්රයට ආවේ. එම තරගයේ දී මට හොඳම දුෂ්ට චරිතයට හිමි සම්මානය දිනාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ තමයි රංගන ශිල්පිනියක් විදිහට කලා ක්ෂේත්රයට එකතු වුණේ. මුලින්ම රඟපෑවේ "සම්බෝලේ.lk" කියන වෙළෙඳ දැන්වීමට.
දැනට කොපමණ නිර්මාණ ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනවාද?
සිනමා නිර්මාණ ගත්තොත් තුනකට විතර දායක වෙලා තියෙනවා. සනත් අබේසේකර මහත්මයාගේ %ගුත්තිල^, සනත් ගුණතිලක මහත්මයාගේ %ගැනු^ කියන චිත්‍රපට දෙකේ වැඩ මේ වනවිට අවසන්. ළහිරු තිවංක අධ්‍යක්ෂණය කරන තවත් චිත්‍රපටයක වැඩ කටයුතු අගෝස්තු මාසයේ දී ආරම්භ වීමට නියමිතයි. ටෙලි නාට්‍යය ගත්තොත් මේ දිනවල විකාශය වෙන ශාන්ත සොයිසා මහත්මයාගේ %ජීවිතේ ඇති තුරා^ හා අර්ණ ජයවර්ධන මහත්මයාගේ %සක්කරා^ ටෙලි නාට්‍යය දෙකත් එක්ක ටෙලි නාට්‍යය හයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා.
රසික ප්‍රතිචාර වැඩිපුර ලැබුණේ මේ නිර්මාණ අතරින් මොන චරිතයටද?
දැනට විකාශය වෙන "ජීවිතේ ඇති තුරා" ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ %ශලනි^ චරිතයට. ඒක උප ප්‍රධාන චරිතයක්. "සක්කරා" ටෙලි නාට්‍යයේ මම රඟපාන්නේ "රන්මලී" චරිතයට. ඒ චරිත දෙකටම එක හා සමාන රසික ප්‍රතිචාර ලැබෙනවා. මේ ටෙලි නාට්‍යවලට අමතරව මම රඟපෑ "අහස් මාලිගා", "සිද්ධාර්ත් ගෞතම්", "පූරි" ටෙලි නාට්‍යය චරිතවලට හොඳ රසික ප්‍රතිචාර ලැබුණා. ඉදිරියේ දී විකාශය වීමට නියමිත %අඩෝ^ හා "කාංචනා" ටෙලි නාට්‍යය දෙකටත් මම රංගනයෙන් දායක වෙනවා.
රංගන ශිල්පිනියක් වෙන්න කැමැත්තක් තිබුණාද?
තේරෙන කාලේ ඉඳලා නිළියක් වෙන්න ආසාවක් තිබුණා. හැබැයි පාසල් යන කාලේ මම විෂයක් විදිහට සංගීතය ඉගෙන ගත්තා. ඉඳලා හිටලා පාසල් වේදිකාවෙත් මම රඟපෑවා. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ සිරස නාළිකාව විසින් සංවිධානය කළ %ෆිල්ම් ස්ටාර්^ රියලිටි තරගයට සම්බධ වීම. ඒ හරහා තමයි මට රංගන ක්ෂේත්රයට එන්න මාවත සැකසුණේ. අද මම රංගන ශිල්පිනියක් විදිහට යම් තැනකට ඇවිල්ලා තියෙනවා කියලා මම හිතනවා.
නවකයෙක් නිසා ක්ෂේත්රයට එන්න බයක් දැනුණේ නැද්ද?
ක්ෂේත්රය ගැන නම් විවිධ දේවල් අහලා තිබුණා. නමුත්, අපි හොඳට අපේ තත්ත්වය රැකගෙන හරියට මේ ක්ෂේත්රය තුළ රැඳිලා හිටියොත් ඒ වගේ දේවල් සිදු වෙන්නේ නැහැ. බොහෝ අය ඉක්මනින් ජනප්‍රිය වෙන්න තමයි ඔය වගේ දේවල්වලට යොමු වෙන්නේ. මට එහෙම ඉක්මනින් ජනප්‍රිය වෙන්න උවමනාවක් නැහැ. මම කැමති මේ ක්ෂේත්රය තුළ නිර්මාණ තෝරා බේරාගෙන හෙමින් ගමනක් යන්න.
පවුලේ අයගෙන් බලපෑම් ඇති වුණේ නැද්ද?
ලොකු බලපෑමක් නම් තිබුණේ නැහැ. මගේ අම්මා විදෙස් ගත වෙලා ඉන්නේ. ගොඩක් වෙලාවට තාත්තා තමයි හැම දේකටම මා සමග ඉන්නේ. ඒ වගේම මගේ පවුලේ අය. %ෆිල්ම් ස්ටාර්^ තරගයට සහභාගි වෙන කොට නම් දුර නිසා ගෙදර අය කිව්වා මේක අත්ඇරලා දාන්න කියලා. මගේ ගම මාවනැල්ලේ. ඉතින් මේ තරගයට සහභාගි වෙන්න %මාවනැල්ලේ^ ඉඳලා අපිට සතියට කිහිප වරක් කොළඹ එන්න සිද්ධ වුණා. හැබැයි දැන්නම් මගේ පවුලේ අය ගොඩක් කැමතියි මම මේ ක්ෂේත්රයට සම්බන්ධ වුණාට. විශේෂයෙන්ම මගේ අම්මා, තාත්තා දෙන්නා. ඒ දෙන්නා තමයි මගේ ප්‍රධාන රසිකයෝ දෙන්නා.
මේ ක්ෂේත්රය තුළ රැඳිලා ඉන්න නම් වාසනාවද? දක්ෂතාවයද වැඩිපුර තියෙන්නේ ඕනි?
දක්ෂතාවය තිබ්බොත් වාසනාව ඉබේම ඇති වෙනවා කියලා තමයි මම හිතන්නේ. උදාහරණයක් විදිහට නදී කම්මැලිවීර රංගන ශිල්පිනියව ගන්න. ඇය වර්තමානයේ ඉන්න රංගන ශිල්පිනියක් එක්ක ගත්තොත් රුවින් වගේම පැහැයෙනුත් අඩු කෙනෙක්. නමුත්, ඇය පසුගිය ටෙලි නාට්‍යය සම්මානවලදී හොඳම නිළිය විදිහට සම්මාන දිනාගන්නවා. ඇය ගොඩක් දක්ෂ නිළියක්.