දක්ෂතාවය කියන දේ හැමෝටම නොලැබෙන දෙයක්
නිෂී කියන්නේ ටිකක් විතර දඟකාර, විසේකාර, කටකාර ඒ වගේම හරිම අවංක කෙල්ලෙක්. හොඳට හොඳයි. හිත හොඳ කෙල්ලෙක් කිව්වොත් හරි. ප්‍රශ්න ඔළුවෙ තියාගෙන ජීවත් වෙන්න කැමැති නැහැ. සැහැල්ලූවෙන් ජීවත් වෙන්න ආසයි.මේ විදියට අද සඳැල්ල හැඩ කරන්න ආව ඇය, නිෂී සමරවීරයි. නීල පබළු නාට්‍යයේ මෙත්මාගේ චරිතය රඟපාන්නේ ඇයයි.
බදුල්ලේ ඉපදුණේ. දැන් පදිංචිය වේයන්ගොඩ. මුලින්ම ඉගෙන ගත්තේ බදුල්ල විශාඛා බාලිකා උසස් විද්‍යාලයේ. පසුව පස්යාල මහා විද්‍යාලයට ගියේ.
මොනවගේ අරමුණක් ද තිබුණේ?
ලොකු අරමුණක් තිබුණේ නැහැ. අපේ තාත්තා රැුකියාව කළේ ශ්‍රී ලංකා ගුවන් තොටුපළ අධිකාරියෙ. ගුවන් තොටුපළ විස්තර කතා කරද්දී ඒ අංශය ගැන ලොකු ආසාවක් මට තිබුණේ. ගුවන් සේවිකාවක වීම තමයි ලොකුම අරමුණ වුණේ.
ඒ අරමුණට මොකද වුණේ?
රූපලාවන්‍ය ක්ෂේත්රය ගැනම ඉගෙන ගත්තා. ඉන් පසුව රුපලාවන්‍ය ආයතනයක් පටන් ගත්තා. ඒ අංශය ගැන නිරන්තරයෙන් ප්‍රගුණ කරමින් ඉදිරියට ගියා. දැන් රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යනවා. ඊට අමතරව බ්රයිඞ්ල් මොඩල් කෙනෙක් ලෙසත් කටයුතු කරනවා. දැන් මගේ අරමුණ රූපලාවන්‍ය ක්ෂේත්රයේ දිගු ගමනක් යාමටයි.
රඟපෑමට ආවේ?
මුලින්ම ක්ෂේත්රයට ආවේ මනාළියක ලෙස නිරූපණය කරමින්. දිගින් දිගටම ඒ විදියට කටයුතු කරද්දී මියුසික් වීඩියෝ සහ දැන්වීම් වලට නිරූපණය කිරීමේ අවස්ථාව ලැබුණා.
මියුසික් වීඩියෝ සහ දැන්වීම් වලට පෙනී සිටින අතරේ හිරු අවුරුදු කුමාරිය තරගයට ඉදිරිපත් වුණා. එහිදී තෙවැනි ස්ථානය ලැබුවා. පසුව ප්‍රභාත් රෝෂන් මහතා අධ්‍යක්ෂණය කළ කවුරුන්ද නුඹ මගේ ටෙලි මාලාවේ රඟපෑමට අවස්ථාවක් ලැබුණා.
ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ ගමන පටන් ගත්තේ එහෙමයි. ඉන් පසුව නැවත ටික කාලයක් රඟපෑවේ නැහැ, රූපලාවන්‍ය වැඩ නිසා. ඉන් පසුව තමයි මේ දින වල සිරස විකාශය කෙරෙන නීල පබළු රඟපෑමට එක් වුණේ.
කොහොමද ඊට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ප්‍රතිචාර හොඳයි. හරි සතුටුයි.
දැන් ගුවන් සේවිකා සිහිනය නැද්ද?
ඒක ඇත්තටම හීනයක්. නමුත් දැන් කරන වැඩ එක්ක මට ඒ ගැන හිතන්න බැහැ. වේයන්ගොඩ, නයිවල නිෂී බ්‍රයිඩල් නමින්ම මගේ සැලෝන් ව්‍යාපාරය කරගෙන යනවා.
ඒ අතරේ නිරූපණය සහ රඟපෑම නිසා කාලය ගෙවෙන්නේ දැන් මේ වැඩ වලටයි.
රඟපෑම ගැන හිතන්නේ කොහොමද?
ඇත්තටම දක්ෂතාවය ඇත්නම්, එය වැඩි දියුණු කරගෙන ලොකු ගමනක් යා හැකි අංශයක්. ඉගෙන ගන්න දෑ ප්‍රායෝගිකව හදාරන්න තියෙන දේ බොහෝමයි.
ක්ෂේත්රයේ හොඳ නමක් තියාගෙන ගමනක් යන්න නම්?
තමන් තමන්ට අවංක වෙන්නම ඕනෑ. දක්ෂතාවය කියන දේ හැමෝටම නොලැබෙන දෙයක්. ඒ දක්ෂතාවයෙන් ගමනක් යන්න නම්. තමුන් කරන චරිතයට හොඳ සාධාරණයක් කරන්න ඕනැ. එහිදී මට ඉක්මන් ගමනක් යන්න ඕනෑ නැහැ. ලැබෙන චරිතයට හොඳ සාධාරණයක් කරලා හෙමින් ගමනක් ගියොත් දුර චාරිකාවක යෙදෙන්න පුළුවනි.
නිෂී කියලා කියන්නේ?
නිෂි කියන්නේ ක්ෂේත්රයේ ජනප්‍රිය වෙච්ච නාමයයි. නමුත් උප්පැන්නෙ කියන්නේ. නිෂාදි කියලයි. හැබැයි දැන් හැමෝම මා ගැන දන්නේ නිෂි කියලයි.
නිෂීට ආදරයකුත් ඇති?
ඔව්, ආදරයක් තියනෙවා. ඒ ගැන කියන්නම ඕනෑ.
ඔව්, කියන්න.
පෙම්වතාටත් වඩා එහා ගිය බැඳීමක් තමයි තියෙන්නේ. අද මම ක්ෂේත්රයේ මෙතැන සිටිනවා නම්, ඒ එයා නිසයි. මේ සියලූ දේ ගැන කියා දීලා මට මේ මඟ හදලා දුන්නේ එයා.
ඔය කියන එයා කවුද?
නිරෝෂන්.
නිරෝෂන් මොනවද කරන්නේ?
රූපලාවන්‍ය ක්ෂේත්රයේම තමයි. සැලෝන් ව්‍යාපාරය කරගෙන යනවා.
නිෂී ආදරය සහ විවාහය කියන්නේ?
ලොකු බැඳීමක්. තමන්ට තමන් අවංකව ජීවිතය පුරා යන ගමනක්.
දෙන්නාට දෙන්නා අවංක වන තරමට තමයි විවාහය ශක්තිමත් වන්නේ. ඉතින් විවාහ වෙච්ච දවසට එය අරුත්ගැන්වීම මගේ අරමුණයි.
නීල පබළු කරද්දී වෙච්ච සිදුවීම් එහෙම මතක් කළොත්?
නීල පබළු එකේ මගේ නංගි විදියට රඟ පාන්නේ. පූජා ඉතින් මට දෙබස් කියද්දී පූජා වෙනුවට කියැවුණේ පියුම් කියලයි. පියුම් කියන්නේ මගේ සැලෝන් එකේ වැඩ කරන නංගි. නිතරම ඒ නම කියලා පුරුද්දට මට කියැවුණේම පූජා වෙනුවට පියුම් කියලයි. ඉතින් ඒ සීන් එක කීප වතාවක්ම කරන්න සිද්ධවුණා.
නිෂි, කාන්තාවක් යනු කවුද කියලා විග්රහ කරන්නේ කොහොමද?
කාටවත් ඊර්ෂ්‍යා නොකරන උත්සාහයෙන්, ධෛර්යයෙන්, ජීවිතය ගෙන යා හැකි චරිතයක් විය යුතුයි. කඩාවැටීම් හමුවේ, ධෛර්ය සම්පන්නව ජීවිතයට මුහුණදීම වැදගත්.
ලස්සන වෙන්න, ලස්සන ගැන කියා දෙන ලස්සන ගැන විග්රහ කරන්නේ කොහොමද?
මනස නිරවුල්ව තියාගන්න. හිනාවෙලා සතුටින් ඉන්න. ප්‍රශ්න ඔළුවට ගන්නේ නැතුව සැහැල්ලූවෙන් ඉන්න. හැකි නම් මාසයකට වතාවක් හරි සැලෝන් එකකටත් යන්න.
නිෂීට අද ජීවිතය ගැන හිතෙන්නේ කොහොමද?
හරිම සතුටුයි. මගේ මේ වයසට මෙච්චර දුරක් එන්න හිතුවෙ නැහැ. හෙමින් හෙමින් ලස්සන ගමනක් යන්න ආසයි.
සටහන/ඡායාරූප: සඳුන් ගමගේ