දක්ෂතාව තිබේ නම් ප්‍රසිද්ධිය ඉබේම එනවා
නිරූපණ ක්ෂේත්රයට ඇය නවකයකි. ඇයගේ සිහිනය වන්නේ නිරූපණය තුළින් ගමන් මගක් ගොඩ නගාගැනීමයි. වත්සලා සාරවිට සමග එකතු වූ මොහොතකි.
මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?
මම වත්සලා විජයසිංහ. මම ඉන්නේ කඩවත. මගේ පවුලේ අම්ම තත්තා මල්ලි නංගී ඉන්නේ. මගේ පාසල කඩවත මධ්‍ය මහා විද්‍යාලය. මගේ වයස 21.
නිරූපණයට එකතු වෙන්නේ?
මම නිරූපණයට එකතු වෙන්නේ 2017 මැද වගේ ඉඳලා තමා. මම මේ ක්ෂේත්රයට මුලින්ම අවේ tv1 ආසම 15 හරහා.
ඇයි නිරූපණය තෝරගත්තේ?
මම පුංචි කාලේ ඉඳන් ආස කලේ doctor කෙනෙක් වෙන්න. ඒත් AL වලදි මගේ අතපසු වීමෙන් ඒ හීනේ මට මගහැරුණා. ඊට පස්සේ මං ආස කළේ මේ කෂේත්‍රයට ඉතිං මං ඊට පස්සේ එ හීනේ හඹා යන්න පටන් ගත්තා
අද නිරූපණය ගැන නම් බොහෝ දෙනාට තියෙන්නේ ධනාත්මක අදහසක් නම් නෙමෙයි නේද?
ඔව් ඒක ඇත්ත ඒත් අපි කරන දේ හරියට කරනවනම් අපි හරියට ඉන්නව නම් මේ ක්ෂේත්රය තුළින් හුඟක් ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕන හැමෝම එකවගේ නැහැ. ඉතිං අපි අපිට ගැළපෙන දේ විතරක් තෝරා බේරා ගෙන කලොත් මං හිතන විදියට මේ තුළින් දිගු ගමනක් යන්න පුළුවන් අපහසුවක් නැතුවම.
අද තරුණියන් බොහෝ දෙනෙක් නිරූපණය සඳහා යොමු වෙනවා, මේ ක්ෂේත්රය ලේසී නිසාද?
නෑ මේ ක්ෂේත්රය ලේසි නෑ. මං අනිත් අය ගැන නම් දන්නෑ. ඒත් මමත් තාම මේ ක්ෂේත්රය ගැන ඉගෙන ගන්නවා. තව ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා.
සමාජ ජාල වලින් අද ගොඩක් අය ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරනවා නේද?
ඔව් ප්‍රසිද්ධිය විතරක් තිබුණට මදි. තමන් දක්ෂ වෙන්නත් ඕන නේද. තමන් දක්ෂ නම් ප්‍රසිද්ධිය ලබා ගන්න ඕනනෑ ඒක ඉබේම හම්බවෙනවා. ඒ දක්ෂතාවය තුලින්.
නිරූපණය තුළ ඔබත් සීමා පනවගෙන තියෙනවාද?
ඇත්තටම කිවුවොත් ඔව්, මොකද මං කරන්නේ මට කරන්න පුළුවන්. ඒ වගේම ඒ කරන දේට සාධාරණයක් කරන්න පුළුවන්. මගේ අයට සතුටු වෙන්න පුළුවන් දේවල් විතරයි.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
අම්මා කොහොමත් මට ලොකු තහනමක් දාන්නෑ. කිසිම දේකට හැබැයි තාත්තා කොහොමටත් කැමති නෑ. දැනටත් දන්නෑ ලොකුවට මං මේ ක්ෂේත්රයේ ඉදිරියට යනවා කියලා ඒ හැම දේම අපිට ආදරේ හින්දනේ දවසක තාත්ත මාව තේරුම් අරන් සතුටු වෙයි. ඒ වගේම මගේ මහත්තයා ගැන කියන්නම ඕන. මොකද එයා වගේ හොඳ කෙනෙක් මට හම්බ වුණ හින්ද තමා අද මං මෙතන ඉන්නේ. එයා තමා හැම දේකදීම මගේ පස්සෙන් ඉඳන් මාව දිරිමත් කරමින් මගේ හැමදේටම මට උදවු කරන්නේ මට හරි වැරැද්ද කියා දෙන්නේ.
ඉදිරි කටයුතු ගැන කිව්වොත්?
ඉදිරියෙදි හොඳ නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ක්ෂේත්රය ගැන තව ඉගෙන ගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. රංගනයට දායක වෙන්න ආසාවක් තියෙනවා ආරාධනා ලැබුණොත් හොඳ එකකට සම්බන්ධ වෙනවා. තව මගේ අධ්‍යාපන කටයුතු මේ අවුරුද්දේ පටන් ගන්නවා. ඒවත් මේ එක්කම හොඳින් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා
අවසාන වශයෙන් කිව්වොත් මේ ගමනට සහයෝගය දුන් අය ගැන?
ඒ ගැන කිවුවොත් පළමුව මගේ අම්මා තාත්තා එයාල මාව උපද්දලා මට මේ වගේ රූපයක් දුන්න ඒ වගේම මට හොඳට ඉගැන්නුවා එයාල හින්දයි අද මට මේ දෙවල් ලැබුණේ ඒ වගේම මගේ මල්ලී එයා තමා හැමදේකටම මගේ තනියට එන්නේ ඒ වගේම මගේ හෙවණැල්ල වගේ ඉන්න මගේ ආදරණීය මහත්තයා එයා මේ ක්ෂේත්රයට අකමැති උනානම් අද මම මෙතන නෑ. ඒ වගේම මං රසිදු කවීන්ද්‍ර අයියවත් මගේ යාලුවෝ කුෂානි,රුසිරු නම් නොකියපු මට උදවු කරපු හැම කෙනාටම ස්තූති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා ඔයාලා හැමෝටම හුඟාක් ස්තූතියි