දක්ෂ වගේම ජනප්‍රිය නිළියක් වෙන්න තමයි කැමතියි
"අංගනා" හා "සුජාතා" ටෙලි නිර්මාණ තුළින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් පබසරා මධුෂානි සමගින් අද "සාරවිට" තරු කතා බහ අපි මෙළෙස ඇරඹුවෙමු. මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාව හරහා ඔබ දකින "තව දුරයි ජීවිතේ" ටෙලි නාට්‍යයේ "ටීටි" ලෙස ප්‍රේක්ෂක ඔබගේ ආදරය දිනා සිටින පබසරා තවත් ටෙලි නිර්මාණ කිහිපයකින් මේ දිනවල ඔබ හමුවේ. ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව ඇය අපිට පැවසුවේ මෙවැනි අදහස් කිහිපයකි.
මේ දිනවල ඔබ ප්‍රේක්ෂකයන් අතර කතාබහ වන චරිතයක්?
ඔව්. ඒකට හේතුව විදිහට මම දකින්නේ මේ දිනවල ස්වර්ණවාහිනි රූපවාහිනි නාළිකාවේ විකාශය වන චන්දන ධර්මප්‍රියගේ %තව දුරයි ජීවිතේ^ ටෙලි නාට්‍යයේ "ටීටි" කියන චරිතය නිසා. ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් මම ටික කාලයක් වුණත්, ප්‍රේක්ෂකයන් අතර මම වඩාත් කතාබහට ලක්වුණේ මේ %ටීටි^ කියන චරිතය නිසා. කොටින්ම කියනවා නම් මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂය බවට මෙම ටෙලි චරිතය පත්වෙනවා.
"තව දුරයි ජීවිතේ" ටෙලියට අමතරව තවත් ටෙලි කිහිපයකම අපි ඔබව දකිනවා?
ඔව්, සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන 'මේඩි සීනා' කොමඩි ටෙලි නාට්‍යය තුළ වගේම, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන 'මේ මමයි' කියන ටෙලි නාට්‍යයවල මා රංගනයෙන් දායක වෙනවා. ඊට අමතරව මේ දිනවල සනත් අබේසේකරගේ %වීර පුරන් අප්පු^ හා ගිහාන් රෝහණගේ 'මේ මල් වසන්තයයි' කියන ටෙලි නිර්මාණවල රූපගත කිරීම්වලට දායක වෙලා ඉන්නවා.
මේ දිනවල ඔබව දකින ටෙලි චරිත එකිනෙකට වෙනස් ඒවා?
ඇත්තටම එකිනෙකට වෙනස් චරිත රඟපාන්න මම ගොඩක් කැමතියි. මගේ වාසනාවට මෑත කාලයේ දී මට එකිනෙකට වෙනස් විවිධ චරිත රඟපාන්න ලැබුණා. 'තව දුරයි ජීවිතේ' ටෙලි නාට්‍යයේ 'ටීටි' කියන චරිතය නපුරු දඟකාර චරිතයක්. නමුත්, 'මේඩි සිනා' ටෙලි නාට්‍යයේ මම කරන්නේ හාස්‍යමය චරිතයක්. %මේ මමයි^ ටෙලි නාට්‍යයේ කරන්නේ සාමාන්‍ය චරිතයක්.
'ටීටි' චරිතය හැරෙන්න පබසරා ප්‍රේක්ෂකයන් අතරට ගිය වෙනත් චරිත තියෙනවද?
ඔව්, 'ටීටි' චරිතයට කලින් 'සුජාතා' හා 'අංගනා' කියන ටෙලි නාට්‍යයවල මා රඟපෑ චරිත ප්‍රේක්ෂකයෝ කතා කළා. නමුත්, මම ප්‍රේක්ෂකයෝ අතර තරුවක් වුණේ මේ 'ටීටි' කියන චරිතය හරහා. අද 'පබසරා' කියන නම අමතක වෙන තරමට ප්‍රේක්ෂකයන්ට %ටීටි^ කියන චරිතයට ළං වෙලා තියෙනවා කියලා මට හිතෙනවා.
නිවේදිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා පස්සේ ඇයි රංගන ශිල්පිනියක් වුණේ?
රඟපාන්න ආසාවක් පුංචි කාලේ ඉඳලාම මට තිබුණා. නමුත්, මගෙ කැමැත්ත තිබුණේ නිවේදිකාවක් විදිහට වැඩ කරන්න. නිවේදිකාවක් වෙලා වැඩ කරන අතරතුරේ තමයි රංගන ශිල්පිනියක් වෙන්න මාර්ගය සැකසුණේ.
නිවේදනය හා රංගනය කියන පැතිකඩවලින් ඔබ වඩාත් කැමති?
දැන් නම් රංගනය පැත්තට තමයි මම වැඩිපුරම කැමති. නිවේදිකාවක් විදිහට මම ලොකු දුරක් ආවා. Fm නාළිකාවල වගේම, රූපවාහිනි නාළිකාවලත් මම නිවේදිකාවක් විදිහට වැඩ කරලා අත්දැකීම් ලබාගත්තා. දැන් වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්‍රය තුළ වැඩ කරනවා. ඉතින් දැන් මගේ කැමත්ත සහ අවධානය වැඩිපුරම ලබාදීලා තියෙන්නේ රංගනය පැත්තට. ඉඩ ලැබෙන පරිදි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට වැඩ කරන්න අවස්ථාවක් අවොත් මම ඒක අනිවාර්යයෙන්ම භාර ගන්නවා.
දක්ෂ නිළියක් වෙන්නද, ජනප්‍රිය නිළියක් වෙන්නද පබසරා කැමති?
දක්ෂ වගේම ජනප්‍රිය නිළියක් වෙන්න තමයි කැමතියි. මොකද රංගන ශිල්පිනියකට ඒ දෙකම ගොඩක් වැදගත්. %ටිටී^ චරිතයට ලැබෙන ප්‍රතිචාරත් එක්ක හැඟෙනවා මම මිනිස්සු අතර ජනප්‍රිය වෙලා තියෙනවා කියලා. ඉතින් මම කැමතියි දක්ෂ නිළියක් විදිහට ඉදිරියේ දී මාව ප්‍රේක්ෂකයෝ දකිනවට.