දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන්න කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-12-ent-81

නිරූපණය කළද රංගනයට ළැදියාවක් දක්වන නිරූපිකාවක් තමයි මිතූ කියන්නේ. නමුත් ඇය රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙන්න බලාපොරොත්තු වෙන්නේ රංගනය ගැන හදාරලා. ඒ වෙනුවෙන් ඇය ඉන්දියාවට යාමට නියමිතයි. ඒ ගැන මිතූ සාරවිටට කිව්වේ මෙහෙමයි.

 

මිතූ ගැන පොඩ්ඩක් හඳුන්වලා දුන්නොත්?

2017-12-12-ent-87මගේ නම මිතූ තෙන්නකෝන්. මගේ වයස අවුරුදු 20යි. මම ඉන්නේ මාකොළ. ගිය අවුරුද්දේ තමයි උසස් පෙළ කළේ. දැනට රූපලාවණ්‍ය පාඨමාලාවක් කරනවා. නිරූපණ වැඩත් කරනවා.

 

එතකොට නිරූපණයට පිවිසෙන්නේ කොයි කාලේදීද?

නිරූපණයට එන්නේ සාමාන්‍ය පෙළ ඉවර වුණු කාලේදී. නික් ජයමාන්න සර්ගෙන් තමයි නිරූපණයට එන්නේ. නීරූපණයෙන් මම වෙළෙඳ දැන්වීම්, මියුසික් වීිඩියෝ සහ Cover Pages සඳහාත් දායක වෙලා තියෙනවා.

 

නිරූපණයට එන්න හිතුණේ ඇයි?

පුංචි කාලේ ආසාවක් තිබ්බේ රංගනයට එන්න. නිරූපණයට ආවේ එකපාරටම හිතුණු ආසාවක්. නිරූපණය ගැන පුංචි කාලේ ආසාවක් තිබුණේ නැහැ.

 

මිතූ මේ ක්ෂේත්‍රය වෘත්තීය මට්ටමෙන් කරනවාද?, නැත්නම් විනෝදාංශයක් විදියට කරන්නද බලාපොරොත්තු වෙන්නේ?

අනේ නැහැ. මේක කරන්නේ මට නිවාඩුවක් තියෙන වෙලාවට විතරයි. එහෙම හැමවෙලාවෙම කරන්නේ නැහැ.

 

එතකොට වෘත්තීය විදියට කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. මම ලබන අවුරුද්දේදි ඉන්දියාවේ යනවා. ඒ නාට්‍ය පිළිබඳ ඉගෙනගන්න. ‍මොකද මගේ බලාපොරොත්තුව තමයි රංගනයට එකතු වෙන්න.

 

ඒ කියන්නේ රංගනයට එකතුවෙන්න බලපොරොත්තු වෙන්නේ ඉගෙනගෙනද?

ඔව්.. ඒක හොඳයිනේ. මම දැනට සුගත් සමරකෝන් සර්ගෙන් ඉගෙනගන්නවා. වැඩිදුර ඉගෙනගන්න තමයි ඉන්දියාවේ යන්නේ.

 

මිතූ රංගන කටයුත්තකට දායකවෙලා තියෙනවාද මේ වෙද්දී?

නැහැ. හැබැයි ආරාධනා ලැබුණා ගොඩක්. නමුත් රංගනය ගැන හදාරලා තමයි රංගනයට එන්න බලපොරොත්තු වෙන්නේ.

 

මිතූ අපි කතා කළොත් ඉදිරි වැඩ ගැන?

මම දැන් රූපලාවණ්‍ය පාඨමාලාවක් හදාරනවා. ඒකෙන් ඉදිරියටත් යන්න ඕනේ. නාට්‍යය සහ රංගනයටත් ඒ ගැන ඉගෙනගෙන එන්න හිතාගෙන ඉන්නවා. නිරූපණයත් පුළුවන් කාලයක් කරනවා. ඒ ගැන නම් ලොකු හීනයක් නැහැ.

 

අවසාන වශයෙන් කතා කළොත් උදවු කරපු අය ගැන?

ඔව්.. නික් ජයමාන්න සර්, සුගත් සමරකෝන් සර්, රාජ් රණසිංහ සර්, එතකොට මගේ ආච්චි අම්මා, නැන්දා, මාමාලා, අක්කාලා ඒ හැමෝමටමයි මට වචනයකින් පවා උදවු කරපු අය හැමෝටම මේ වෙලාවේ ස්තූතියි කරනවා.

ඡායාරූප - කවීත් මිලින්ද 

හැඩගැන්වීම - දෙව්මිණි මධුභාෂිනි

  2017-12-12-ent-86 2017-12-12-ent-85 2017-12-12-ent-84 2017-12-12-ent-83 2017-12-12-ent-82