දක්ෂ නිළියක වෙන්න හීන දකින ගංගු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-26-ent-02

දක්ෂ නිරූපිකාවක් වගේම දක්ෂ නිළියක් තමයි ගංගු ප්‍රශානා කියන්නේ. පාසල් යන වයසේදීම කලා ක්‍ෂේත්‍රයට පැමිණි ඇය අනාගතයේදී දක්ෂ නිළියක් වීමට බලාපොරොත්තු වේ. ඇය සාරවිට කතාබහට එකතුවුණේ මේ විදියට..

 

ඔයා ගැන හඳුන්වලා දුන්නොත්?

2017-10-26-ent-07මම ගංගු ප්‍රශානා. මගේ ගම කුරුණෑගල. මම මේ අවුරුද්දේ උසස් පෙළ කළේ. දැන් ප්‍රායෝගික පරීක්ෂණයට ලෑස්ති වෙනවා. මගේ වයස අවුරුදු 20යි. මම 2014 රාජ්‍ය ළමා නාට්‍ය උලෙළේ හොඳම ළමා නිළිය වෙලා තියෙනවා. ඊට පස්සේ ඩිලන්ත හපන්වල සර්ගේ කතන්දර ගෙදර ටෙලි නාට්‍යයට කතා කළා. ලබන අවුරුද්දේ ඒක විකාශය වෙනවා. ඊට අමතරව ජාතික රූපවාහිනියේ අවුරුදු ඇඩ්ව(ර්)ටීස්මන්ට් 04ක් කළා. මම ඩාන්සින් කළේ. ඒක නිසා තමයි නාට්‍යවලට යන්න අවස්ථාව ලැබුණේ. තව ශාන් අයියගේ ටෙලි නාට්‍යයකට කතා කළා. ප්‍රධාන චරිතයකට. ඒකත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මම මොඩ්ලින් කරනවා. බ්‍රයිඩ්ල් ෂූට් වගේ දේවල් කරනවා.

 

අධ්‍යාපන කටයුතු කරන නිසා ගෙදරින් මේ දේවල්වලට මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

ඔව් අම්මයි අප්පච්චියි මට ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා. මම පොඩිකාලේ ඉඳන් ආර්ට් කරපු නිසා ගෙදරින් මට මේ දේවල්වලට නිදහස දීලා තියෙනවා.

 

එතකොට කොච්චර කාලයක් වෙනවද මේ ක්‍ෂේත්‍රයට ඇවිල්ලා?

මම පාසල් කාලේ ඉඳන් තමයි මේ වැඩවලට සම්බන්ධ වුණේ. 9-10 වසරේ ඉඳන් වගේ මේ ක්‍ෂේත්‍රයේ වැඩ කරනවා

 

අද ලංකාවේ මොඩ්ලින්වලට ලොකු තැනක් තියෙනවා. ඒ වගේම විවිධ චෝදනා තියෙනවා. මොකද හිතෙන්නේ ඒ ගැන ?

මෙහෙමයි. අද මොඩ්ලින්වලට ලොකු තැනක් තියෙනවා. ඒක නිසා සමහර අය විවිධ ක්‍රම පාවිච්චි කරනවා මේ ක්‍ෂේත්‍රයට එන්න. අනික අද මොඩ්ලින් දිහා මිනිස්සු අඳුරු ඇහැකින් බලන්නේ. ඒ වුණාට මොඩ්ලින්වලට ටැලන්ට් එක පෙන්නලා එන අය මේ ක්‍ෂේත්‍රයේ ගොඩක් කාලයක් රැඳිලා ඉන්නවා. මොඩ්ලින් කියන්නේ මගේ ජීවිතේ වගේ.

 

ඔයා නිර්මාණ තෝරා ගැනීමක් කරනවද නිර්මාණ බාර ගැනීමේදී ?

ඔව් අනිවාර්යයෙන්ම, මම හොඳ නිර්මාණ විතරයි බාර ගන්නේ. මම තාම අධ්‍යාපන කටයුතු කරන නිසා නිර්මාණයන් ගැන හොඳට හිතනවා. අනික අපිට ක්‍ෂේත්‍රය තුළ ගොඩක් කාලයක් ඉන්න පුළුවන් වෙන්නේ හොඳ නිර්මාණ කළොත් විතරයි.

 

අපි කතා කළොත් අනාගත බලාපොරොත්තු මොනවද?

මම මේක වෘත්තියක් විදියට කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මම මීඩියා පැත්තෙන් තමයි ඉස්සරහට යන්න බලාපොරොත්තු වෙන්නෙ. ඒක වෘත්තීය කරගන්නවා. තව ලොකු හීනයක් තියෙනවා දක්ෂ නිළියක් වෙන්න.

 

අවසාන වශයෙන් කවුරුහරි ඉන්නවද මතක් කරන්න ?

අනිවාර්යෙන්ම,මුලින්ම අම්මයි අප්පච්චී මතක් කරන්න ඕනේ.එතකොට සුමිත් සමරසිංහ සර්,හපන්වල සර්,එතකොට මගේ නැටුම් ගුරුවරු , මේ මට උදව් කරපු මගේ යාළුවන්ටත් මම මේ අවස්ථාවේ ස්තූතියි කරනවා.

 

කැලුම් දේවින්ද / ඡායාරූප - දිෂ්ණ ධර්මරත්න

 

2017-10-26-ent-01  2017-10-26-ent-06 2017-10-26-ent-05 2017-10-26-ent-04 2017-10-26-ent-03