‘තිත්ත ඇත්ත’ කියන පෙම්බර මධූ
මෙවර සඳැල්ල අවුරුදු කවරය හැඩගන්වන ඇය මධුෂානි ප්‍රදීපා වික්‍රමසිංහය. ප්‍රීතිරාජ් වීරරත්නගේ ‘‘තිත්තඇත්ත’’ සිනමා නිර්මාණය සමග සිනමාවට පැමිණි මේ මධුෂානි කවුද?
මධුෂානි, ඔබ ගැන විස්තර කිව්වොත්?
මම මධුෂානි ප්‍රදීපා වික්‍රමසිංහ. ගම බණ්ඩාරවෙල. දැන් පදිංචිව සිටින්නේ මහරගම. නාට්‍ය හා රංග කලා අංශයේ උපාධිය වෙනුවෙන් තවම අධ්‍යාපනය හදාරනවා. පවුලේ මමයි, අම්මයි, තාත්තයි විතරයි. තාත්තා හමුදා සේවයේ යෙදී සිටියෙ. දැන් විශ්‍රාමිකයි. අම්මා සංගීත අංශයේ ගුරුවරියක ලෙස කටයුතු කළා.
මධුෂානි ඉගෙන ගත්තෙ මොන වගේ අරමුණක් ඇතිවද?
පාසල් කාලයේ ඉඳලාම නර්තනය සහ රංග කලාව ගැන උනන්දු වුණා. ඊට මුල් තැන දීලා තමයි කටයුතු කළේ. පුංචි කාලයේ ඉඳලාම මගේ ආසාව තිබුණේ ගුරුවරියක වීමටයි. තවමත් මට තියෙන්නෙ ඒ අරමුණයි.
ඒ අරමුණ තිබිය දී රංගන ශිල්පිනියක වුණේ කොහොමද?
නර්තනය හා රංග කලාව හදාරන අතරේ ප්‍රීතිරාජ් වීරරත්න මහතාගෙන් ආරාධනයක් ලැබුණා. එතුමා නිසා තමයි මුලින්ම සිනමාවට පැමිණීමේ අවකාශය ලැබුණෙ. ඒක මට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් කියලා කියන්න පුළුවනි.
ඊට පෙර රඟපාලා නැද්ද?
වේදිකා නාට්‍ය නිර්මාණවලට පාසල් කාලයේ ඉඳලාම විවිධාකාරයෙන් දායක වුණා. ජයසේකර අපොන්සු මහතාගේ තටු, කිරා, රජු වේදිකා නාට්‍යවල රඟපෑම් අවස්ථා ලැබුණා. ගුරුවරියක වීමේ අරමුණ දක්වා යන තෙක් මේ දේවල් කළ යුතුයි කියලා හිතුවා. ඒ වගේම මම සිනමාවට හරිම ආසයි. දන්නා කියන කාලයේ ඉඳලාම චිත්‍රපට නරඹනවා.
ඇයි සිනමාවට එච්චර ආදරේ?
අපේ අම්මා සංගීත අංශයේ ගුරුවරියක වෙච්ච නිසා කලාව සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ලබන්න පුළුවන් වුණා. පොඩි කාලයේ ඉඳලාම චිත්‍රපට නරඹන්න පුරුදු වුණෙත් අම්මා හදලා තිබුණු ඒ වටපිටාව නිසයි. ගාමිණීxවිජයxමාලනී, ස්වර්ණා ඒ වගේ දැවැන්ත චරිත තමයි අදටත් මගේ ප්‍රියතම තරු. මේ වගේ රසිකත්වයක් තිබෙන මට ප්රිතිරාජ් වීරරත්න මහතා හඳුනාගන්න ලැබුණෙ අහම්බයකින්. අපේ අයියා කෙනෙක් මාර්ගයෙන් තමයි මට ඒ අවස්ථාව ලැබුණෙ.
මේ චිත්‍රපටයේ රඟපාන්නෙ ප්‍රධාන චරිතයක් ද?
ඔව්.
ඒ චරිතය ගැන කිව්වොත්?
වලිසිංහ නමැති අමැතිවරයකුගේ දියණියක්. රදල පැලැන්තිය නියෝජනය කරන පවුලක තරුණියක්. බොහොම සෙල්ලක්කාර චරිතයක්. මෙහි මගේ චරිතයේ නම ‘‘මධු’’.
මේ චරිතය කරද්දී මතකයේ රැුඳි සිදුවීම් එහෙම තියෙනවද?
‘‘තිත්තඇත්ත’’ චිත්‍රපටයේ මගේ පෙම්වතා ලෙස රඟපාන්නෙ රාහුල් නමැති රංග ශිල්පියා. ඔහු මෙහි රඟපාන්නෙ ඒ නමින්මයි. රූගත කිරීම් කළ කාලයේ දී එක් දවසක පේ්රක්ෂකයින් දෙදෙනෙක් ලොකේෂන් එකට ආවා. ඇවිත් රාහුල් සහ මා එක්ක සෙල්ෆි ඡුායාරූප ගනිමින්, සමරු අත්සන් ද ලබා ගත්තා. අපි හිතුවෙ ඒක ඇත්තටම කළ දෙයක් කියලයි. ඒත් ඒක කරලා තියෙන්නෙ සෙට් එකේ කට්ටිය ප්ලෑන් කරලා. ඉතින් අපි ඔක්කෝටම හරි හිනා. අධ්යක්ෂ ප්‍රීතිරාජ් මෙන්ම චිත්‍රපටයට සම්බන්ධ හැමෝගෙන්ම ලැබුණෙ ලොකු සහයෝගයක්. ඒ ගැනත් කියන්නම ඕනෑ.
රඟපෑම හැර මධුෂානි තව වෙන මොනව ද කරන්නෙ?
දැනට මම කලායතනයක් කරගෙන යනවා. නර්තනය, සංගීතය සහ නාට්‍ය පුහුණුවීම් කටයුතු ආදී දේ එහිදී උගන්වනවා. මෙම කලායතනය බිහිකිරීමට පුරෝගාමී වූවේ හත්පෝරුවේ චන්දරතන හිමියන්. උන් වහන්සේ ඉතා ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ. උන් වහන්සේ කලාවට බොහෝසෙයින් අත දෙන හිමිනමක්. මගේ ගමනටත් ඒ හිමියන් ගොඩක් උදව් කළා. මෙම කලායතනය නම් කරලා තියෙන්නෙ ‘සිසිල සෙවණ නන්දාරාම මාධුර්යය කලායතනය’ නමිනුයි.
‘‘තිත්තඇත්තට’’ පසුව ලැබුණ වෙනත් සිනමා නිර්මාණ මොනවද?
ප්රිතිරාජ් මහතාගේ ‘‘එදත් දිනුම්අදත් දිනුම්’’ චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණා. පුබුදු චතුරංග ඇතුළු ජනප්‍රිය සහ සිනමාවේ ප්රවීනයින් රැුසක් සමග එහි රඟපෑමට ලැබුණා. එය ලොකු අත්දැකීමක්. ඊට අමතරව සුරේෂ් කුමාරසිංහ මහතාගේ ‘‘යුක්තියට සාධාරණය’’ චිත්‍රපටයේ ප්රවීනයින් රැුසක් සමග රඟපෑමට අවස්ථාව ලැබුණා. ඒ ගැනත් කියන්න කැමතියි.
ටෙලි නාට්‍ය රංගනයට අවස්ථා ලැබුණෙ නැද්ද?
නාලන් මෙන්දිස් සහ බෙනට් රත්නායක මහත්වරුන්ගේ නිර්මාණ දෙකකට දායක වුණා. ඊට අමතරව තවත් නිර්මාණ ලැබුණා. ඒත් අධ්‍යාපන වැඩ නිසා කාලය අවම නිසා ඒවා මග හැරුණා.
සිනමා තිරයෙ පෙම්වතිය ලෙස මෙලෙසින් ‘‘තිත්ත ඇත්ත’’ සමග හමුවන මධුෂානි සැබෑවටත් පෙම්වතියක්ද?
ඔව්.
මධුෂානි කොහොම කෙනෙක්ද කියලා කිව්වොත්?
හරිම සරල නිහතමානි චරිතයක්. කිසිම වෙලාවක කේන්ති යන්නෙ නැහැ. ඇත්තටම කිව්වොත් මම කේන්ති නොයන කෙනෙක්.
දිගටම රඟපෑම කරන්න ද හිතන්නෙ? ගුරුවෘත්තිය කරන්නද?
රඟපාන අතරේ ගුරුවරියක වීම තමයි මගේ සිහිනය.
රඟපෑමේදී සීමා තියෙනවද?
යම්කිසි විදියකට සීමාවක් තියෙනවා. මම බාර ගන්න ඕනෑ මට පුළුවන් දේ විතරයි. රඟපෑම කියන්නෙ බොහෝ දේ ඉගෙන ගන්න තියෙන අංශයක්. මහේන්ද්‍ර පෙරේරා නමැති අපූරු රංග ශිල්පියා හරිම විශ්මිත චරිතයක්. ඔහු දායක වන චරිතයට ජීවයක් ලබා දෙනවා. අන්න ඒ විදියට ලැබෙන චරිතය රඟපෑමට මම හරි ආසයි.
මේ දක්ෂතා හැර වෙන තව මොනවටද දක්ෂ?
නිවේදන සහ හඬකැවීම්වලට දක්ෂයි. ඒවාටත් දායක වෙලා තියෙනවා.
හැඩගැන්වීම් - සැලෝන් බියුටි ගෙදර / සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ