තාත්තා කැමති මම ව්‍යාපාරිකාවක් වෙනවටයි
රූපලාවන්‍ය ක්ෂේත්රයෙන් ඉදිරියටම යන්න උත්සහ කරන කෙනෙක් තමයි සංදීපනී එදිරිසිංහ කියන්නේ. මේ වෙද්දි සංදීපනී ෆොටෝෂූට් කිහිපයකටම දායක වුණු නිරූපණ ශිල්පිනියක් ද වනවා. ඉතින් ඇය සාරවිටට එකතු වුණේ මේ විදිහට.
මගේ නම සංදීපනී එදිරිසිංහ. මම ඉන්නේ කඳානේ. මම දැනට ලයිසියම් ස්කූල් එකේ උපාධියක් හදාරනවා. එතකොට රූපලාවන්‍ය ක්ෂේත්රය ගැනත් ඉගෙන ගන්නවා. මම අවුරුදු 16 ඉඳලා තමයි රූපලාවන්‍ය ක්ෂේත්රය පිළිබඳව ඉගෙන ගන්නේ. නමුත් මගේ අසනීප තත්වයන් නිසා මම ඒක හදාරන එක ටික කලකට නවත්වා දැම්මා. නමුත් මට හිතුනා මම දක්ෂ ඒ පැත්තට කියලා. ඒක නිසා දැනට මම Air Brush වගේ අරාබි රූපලාවන්‍ය පිළිබඳව ඉගෙනගන්නවා.
එතකොට සංදීපනී රූපලාවන්‍ය ශිල්පිනියක් වීමටද බලාපොරොත්තු වන්නේ?
රූපලාවන්‍ය පැත්තෙන් ඉහළටම ඉගෙන ගන්න තමයි අදහස තියෙන්නේ. නමුත් සැලෝන් එකක් පටන් ගන්න හෝ සැලෝන් එකක වැඩ කරන්න කියලා බලාපොරොත්තුවක් නැහැ. අනාගතයේදී උත්සහ කරනවා මගේම කියලා රූපලාවන්‍යාගාරයක් පටන් ගන්න.
රූපලාවන්‍ය ක්ෂේත්රයෙන් අද වෙද්දි හොඳ ආර්ථික මට්ටමක් හදාගන්න පුළුවන්ද?
දැනට ලංකාවේ ගොඩාක් දෙනා රූපලාවන්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් සීමිත තෝරා ගත් රූපලාවන්‍යාගාර කිහිපයකට විතරයි මිනිස්සු යන්නේ. ඉතින් මම හිතනවා හොඳට ඉගෙනගෙන, අපිට පාරිබෝගික අවශ්‍යතා හඳුනාගෙන ඒ දේවල් ඉටු කරන්න පුළුවන් නම් මම හිතනවා හොඳ ආර්ථික පසුබිමක් හදාගන්න පුළුවන් වෙයි කියලා. අනිත් එක තමයි රූපලාවන්‍ය කියන්නේ විශාල ක්ෂේත්රයක්. ඉතින් ඒකේ රූපලාවන්‍ය පැතිකඩවල් ගොඩක් තියෙනවා. ඉතින් ඒ හැමදේම කරන්න පුළුවන් නම් හොඳයි.
රූපලාවන්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වන ගොඩක් අය රංගනයට සහ නිරූපණයට එක්වෙනවා. සංදීපනීගේ අදහසක් නැද්ද නිරූපණයට හෝ රංගනයට සම්බන්ධ වෙන්න?
අදහසක් තියෙනවා. පේපර් ෂූට් සහ බ්‍රයිඩල් ෂූට් තමයි මම කරන්න කැමතියි. ඒ පැත්තෙන් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තු වෙනවා. පොඩි කාලෙදි නම් මමයි මගේ නිවුන් සහෝදරියයි කමර්ෂල් කිහිපයකට පෙනී සිටියා. දැනට නම් රංගනයට එන්න බලාපොරොත්තුවක් නැහැ. අද කාලේ ගොඩාක් අය ජනප්‍රිය වෙන්න කියලා ඕනම දෙයක් කරනවා. නමුත් දක්ෂතාවය මත කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් බාර ගන්නවා. නැත්නම් රංගනයට එන්න කියලා බලාපොරොත්තුවක් නැහැ.
අනාගත බලාපොරොත්තු ගැන කිව්වොත්?
රූපලාවන්‍ය ක්ෂේත්රයෙන් ඉදිරියටම යන්න තමයි. ඊට අමතරව ව්‍යාපාරිකාවක් වෙන්න.
ගෙදරින් ලැබෙන සහය ගැන කිව්වොත්?
අම්මා තමයි හැමදේටම ළඟින් ඉන්නේ. තාත්තාගේ නම් වැඩි කැමැත්තක් නැහැ කලාව සම්බන්ධ වැඩ කටයුතුවලට. තාත්තා කැමති මම ව්‍යාපාරිකාවක් වෙනවාට. මගේ සහෝදර සහෝදරියන්ගෙන් නම් හොඳ සහයක් ලැබෙනවා.
විශේෂයෙන් මතක් කරන්න පිරිසක් ඉන්නවාද?
මුලින්ම මම ස්තූතියි කරන්න ඕනේ දෙවියන් වහන්සේට. එතකොට මගේ පවුලේ අය, එතකොට ඡායාරූප ශිල්පී සජීව ලක්ෂාන් අයියට ස්තූතියි කරන්න ඕනේ. තව ඉශංක අයියාව මතක් කරන්න ඕනේ. මගේ පලවෙනි ෂූට් එක කරපු අරුණි අබේවික්රමටත් සාරවිට කණ්ඩායමටත් ස්තූතියි වෙනවා.
කැලුම් දේවින්ද / ඡායාරූප - සජීව ලක්ෂාන්