තවම චිත්‍රපටයකට ආරාධනා ලැබිලා නැහැ
නවක රංගන ශිල්පිනියක් වන තාරුකා හෙට්ටිආරච්චි අද සාරවිට කතාබහට එකතු වුණා. ඇය මේ දිනවල විකාශය වන ‘ඔබ නිසා’ ටෙලි නාට්‍යය ඇතුළු නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වනවා. ඇය ඇගේ විස්තර අපට කිව්වේ මේ විදිහටයි.
මම තාරුකා හෙට්ටිආරච්චි. මගේ පදිංචිය දෙල්ගොඩ. වයස අවුරුදු 23යි. රංගන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්රයේ වැඩ කටයුතු කරනවා.
දායක වෙලා තිබෙන නිර්මාණ ගැන කිව්වොත්?
මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන ‘ඔබ නිසා’ කියන ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වෙනවා. ඔබ නිසා නාට්‍යයේ දිව්‍යාගේ යෙහෙළියකට තමයි මම රංගනයෙන් දායක වෙන්නේ. එතකොට සංසාරා කියලා මොබයිල් ඇප් එකක විකාශය වන නාට්‍යයට රංගනයෙන් එකතු වෙලා ඉන්නවා. අහස් මාලිගා ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණා. එතකොට මියුසික් වීඩියෝ අටකට පමණ දායක වෙලා තිබෙනවා. වෙළඳ දැන්වීම් කිහිපයකටත් දායක වෙලා තිබෙනවා.
ඔබ නිසා නාට්‍යයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?
ඔබ නිසා නාට්‍යයේ සහය අධ්‍යක්ෂක ධනුෂ්ක අයියා හරහා තමයි ඒ චරිතයට මම සම්බන්ධ වෙන්නේ.
ක්ෂේත්රයට එකතු වෙලා කොච්චර කල් වෙනවාද?
දැන් අවුරුද්දක් විතර වෙනවා.
පොඩි කාලයේදී ලැබුණු අත්දැකීම් මොනවාද?
අත්දැකීම් නම් ගොඩක් ලැබුණා. ගොඩාක් දේවල් ඉගෙනගත්තා.
ගෙදරින් කොහොමද ලැබෙන සහයෝගය?
අම්මයි තාත්තයි ලොකු සහයෝගයක් ලබා දෙනවා. තනියෙන් වැඩවලට යවන්නේ නැහැ. තාත්තා හැමදේටම පස්සෙන් ඉන්නවා. ඒක මට ලොකු ශක්තියක් ඇත්තටම.
කලා ක්ෂේත්රයම වෘත්තීයක් විදිහට කරන්නද බලාපොරොත්තු වෙන්නේ?
මම රැකියාවක නිරත වන ගමන් තමයි රංගන ක්ෂේත්රයේ වැඩ කටයුතු කරන්නේ. එක දිගටම නිර්මාණවලට ආරාධනා ලැබුණොත් පූර්ණ කාලීනව මම ඒ පැත්තටම යොමු වෙනවා. එහෙම නැති වුණොත් රැකියාව කරන ගමන්ම නිර්මාණවලට දායක වෙනවා.
රංගන ශිල්පිනියක්ට රංගන ක්ෂේත්රය තුළින් හොඳ ආර්ථික මට්ටමක් ගොඩ නගාගන්න පුළුවන්ද?
ඔව්. එක දිගටම නිර්මාණවලට ආරාධනා ලැබිලා, ඒවාට දායක වුණොත් මම හිතනවා හොඳ ආර්ථිකයක් හදාගන්න පුළුවන් වෙයි කියලා.
නිරූපණයටද වැඩියෙන්ම කැමති රංගන ශිල්පිනියක් වෙන්නද?
නිරූපණ ශිල්පිනියක් වෙනවාට වඩා රංගන ශිල්පිනියක් වෙන්න තමයි මම ආසා කරන්නේ.
ඔබේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
අළුතින් දායක වුණු මියුසික් වීඩියෝ දෙකක් රිලීස් වෙන්න තියෙනවා. එතකොට තව ටෙලි නාට්‍යයක රූපගත කිරීම් මේ දිනවල කරගෙන යනවා.
සිනමා නිර්මාණවලට ආරාධනා ලැබිලා නැද්ද?
නැහැ. තවම චිත්‍රපටයකට ආරාධනා ලැබිලා නැහැ. ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවා.
ඔබට උදව් කළ පිරිස ගැන කිව්වොත්?
මගේ අම්මා, තාත්තා පවුලේ අය උදව් කරනවා. එතකොට රසිඳු අයියාව ආදරයෙන් මතක් කරනවා. එතකොට කමල් දේශප්‍රිය මහතා ඇතුළු වචනයකින් හරි උදව් කරපු හැමෝවම ආදරයෙන් මතක් කරනවා.
කැළුම් දේවින්ද