'තරුමලී'ට පස්සේ වැඩිපුරම ප්‍රතිචාර ලැබුණේ 'භාග්‍යා'ට
ස්වර්ණවාහිනි නාලිකාවේ දිගහැරෙන ‘වෙස්’ ටෙලි නාට්‍යයේ ‘භාග්‍යා’ ලෙස ප්‍රේක්ෂක ඔබ දකින විනු උදානි සිරිවර්ධන තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනියකි. ටෙලි හා සිනමා රැසකින් ඉදිරියේදී රසික ඔබ මුණගැසීමට සූදානමින් සිටින විනූ අද ‘සාරවිට’ තරු කතාබහට මෙළෙස අපි සමගින් සම්බන්ධ වුණේමු.
මේ දිනවල ඔබව අපි ටෙලි නිර්මාණ කිහිපයකින්ම දකිනවා?
ඔව්, මේ දිනවල ගොඩක්ම කාර්යබහුල වෙලා තියෙන්නේ ස්වර්ණවාහිනියේ විකාශය වන ‘වෙස්’ ටෙලි නාට්‍යයත් එක්ක. ‘තරුමලී’ ටෙලි නාට්‍යයෙන් පස්සේ ප්‍රේක්ෂක ප්‍රතිචාර වැඩිපුරම ලැබුණ ටෙලි නාට්‍යය මේක කිව්වොත් වැරදි නැහැ. දැනට මේ ටෙලි නාට්‍යයේ කොටස් කිහිපයයි විකාශය වෙලා තියෙන්නේ. ලැබෙන තොරතුරුවලට අනුව රාත්‍රි 8.00ට විකාශය වෙන ටෙලි නාට්‍යය අතරින් වැඩිම ප්‍රේක්ෂක පිරිසක් නරඹන ටෙලි නාට්‍යය බවට ‘වෙස්’ පත් වෙලා තියෙනවා. මම නිරූපණය කරන්නේ ‘සංජනා’ගේ නැඟණිය වන භාග්‍යාගේ චරිතය. ‘සංජනා’ට රඟපාන්නේ දිනක්ෂි ප්‍රියසාද්. ස්වාධීන රූපවාහිනියේ දැනට ‘සංහිද පාමුල’ කියලා තවත් ටෙලියක් විකාශය වෙනවා.
‘වෙස්’ නාට්‍යයට අමතරව තවත් ටෙලි නිර්මාණ කිහිපයකම ඔබ දකිනවා?
ඔව්, ටෙලි නිර්මාණ හතරක විතර වැඩ කරනවා. අගෝස්තු 28 වැනිදා ‘හිරු’ රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන ‘සිද්ධාර්ත් ගෞතම’ ටෙලි නාට්‍යයේ මා රඟපානවා. මහේන්ද්‍ර කුලසිංහ අධ්‍යක්ෂණය කරන ටෙලියක වැඩ පසුගිය ඉරිදා ආරම්භ වුණා. මීට අවුරුදු දෙකකට විතර කලින් කරන්න පටන් ගත්ත ‘දාස් පෙතියා’ කියලා ටෙලි නාට්‍යයක වැඩ නැවතත් පටන් අරගෙන තියෙනවා. ඒ සඳහත් මේ දිනවල මම දායක වෙනවා.
පසුගිය දිනවල විනුව අපි ලොකුවට කලා නිර්මාණවලින් දැක්කේ නැහැ?
එහෙම කියන්න අමාරුයි ඉතින්. කලාවත් එක්ක තමයි නිතරම වගේ ඉන්නේ. බැලුවොත් හැමදාම මොකක් හරි කලා කටයුත්තක වැඩක්. අපි කොපමණ ටෙලි නාට්‍යය ප්‍රමාණයකට දායක වුණත්, විකාශය වෙන කාලය එහා මෙහා වුණාම අපිව එක පාරටම කලා කටයුතුවල දකින්න ලැබෙන්නේ නැහැ. මං හිතන්නේ පසුගිය දිනවල මටත් වුණේ ඒ දේ. කොහොම වුණත් මම එකවර ටෙලි නාට්‍යය කිහිපයකම මම වැඩ භාර ගන්නේ නැහැ. මේ වසරේදී මම දායක වුණ දෙවැනි ටෙලි නාට්‍යය තමයි ‘වෙස්’ කියන්නේ. මගේ මුල්ම එක නාට්‍යට තමයි ‘සඳ දිය සිත්තම්’, ඒ ටෙලි නාට්‍යය දැන් විකාශය වෙලා අවසන්.
ක්ෂේත්රයට ඇවිල්ලත් කාලයක් ගෙවුණත්, විනුව අපි දැක්කේ නිර්මාණවල අඩුවෙන්?
බොහෝ වෙලාවට මම නිර්මාණ තෝරා බේරාගෙන රඟපාන්නේ. 2012 වසරේ දී තමයි මම ක්ෂේත්රයට එන්නේ, දෙරණ විකාශය වුණ ‘පිපෙන මල්’ ටෙලි නාට්‍යය හරහා. එදා ඉඳලා මම දායක වුණ හැම ටෙලි නාට්‍ය චරිතයක්ම ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වුණා. ඒ වගේම මට වැඩ කරන්න ලැබුණෙත්, හොඳ අධ්යක්ෂවරු. කොහොම වුණත් මම වසරකට දායක වුණේ ටෙලි නාට්‍යය එකක් දෙකක් වගේ ප්‍රමාණයක්. චිත්‍රපට ගත්තත් එවැනි ප්‍රමාණයක් තමයි. සිනමා සම්මාන උළෙලවල්වලදී ඇගයීමට ලක්වුණත්, ප්‍රේක්ෂකයන්ගේ නිතරම මම විවිධ චරිත හරහා ඇගයීමකට ලක්වෙලා තියෙනවා මේ කාලය තුළ දී.
ඉදිරියට ඔබගේ ටෙලි නාට්‍යය කිහිපයක්ම එන්න තියෙනවා. ඒ අතර චිත්‍රපට නැද්ද?
දැනට චිත්‍රපටයක රූපගත කිරීම් ඉවර කරලා තියෙනවා. ඒක ළමා චිත්‍රපටයක් ‘අහස් පාලම’ කියලා. ප්‍රසිද්ධ ළමා කතාවක් වුණ ‘මායා බෝංචි වැල’ කතාව තමයි මෙයට ඇතුළත් වෙලා තියෙන්නේ. මෑත කාලයේ ළමයින්ට වෙන්වුණ චිත්‍රපට අඩුවෙන් තමයි ප්‍රදර්ශනය වුණේ. මම හිතනවා ඒ නිසාම මේ චිත්‍රපටය පුංචි ළමයින්ට ගොඩක් හොඳන් රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් වෙයි කියලා. මේ චිත්‍රපටයට අමතරව තවත් චිත්‍රපට දෙකක රූපගත කිරීම් අවසන් කරන්න තියෙනවා.
රංගන ශිල්පිනියක් විදිහට මේ ගෙවපු කාලය ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටු වෙනවා. වසර හයක කාලයක් මේ ක්ෂේත්රය තුළ මම කටයුතු කරමින් ඉන්නවා. ඒ වසර හය තුළ ආපස්සට හැරිලා බැලුවොත්, ගොඩක් සතුටු වෙන්න පුළුවන් නිර්මාණ නමට ලැබිලා තියෙනවා. ප්‍රේක්ෂකයන් මං ගැන කතා කරලා තියෙනවා. වසර හයක් නෙමෙයි මා මේ ක්ෂේත්රයට ඇවිල්ලා ගෙවපු පළමු වසර වුණත් මම ගොඩක් සතුටු වෙනවා. මොකද, මුල් වසරේදීම මට නිළියක් විදිහට යන්න පුළුවන් උපරිම තැනට මට යන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම ‘තරුමලී’ ටෙලි නාට්‍යයේ ‘තරු මලී’ කියන චරිතය හරහා.