තරු නග්ගන්න වගේම තරු බස්සන්නත් ජනතාවට පුළුවන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-07-ent-04

දෙරණ "ඩ්‍රීම් ස්ටාර්" තරගයේ දෙවැනි තැන දිනාගත් මහේෂි සඳමාලි අද "සාරවිට" තරු කතා බහ සමග මෙළෙස අපි සමගින් එක් වුණේමු. සිය අලුත්ම නිර්මාණ වෙනුවෙන් කාර්යබහුල වී සිටින ඇය ඉදිරියේදී විදේශයන්හි පැවැත්වෙන සංගීත ප්‍රසංග කිහිපයක් සඳහා සහභාගී වීමට නියමිතවද සිටියි.

 

මේ දිනවල නිව නිර්මාණ කිහිපයකට ඔබ මුල පුරලා තියෙනවා කියලා ආරංචියි?2018-03-07-ent-03

ඔව්, නව නිර්මාණ දෙකක වැඩ කටයුතු මේ දිනවල සිදු කරමින් යනවා. "ඩ්‍රීම් ස්ටාර්" තරගය අවසන් වෙනවත් එක්කම අධ්‍යාපන වැඩවලට මුලිකත්වය දෙන්න සිද්ධ වුණා. දැන් ඒ වැඩ කටයුතු සියල්ල නිමා වෙලා තියෙනවා. ඉතින් මගේම නිර්මාණ්‍යකට යොමු වෙන්න කාලය හරි කියලා හිතුණා. ඒ නිසා තමයි අලුත් වැඩ කිහිපයකට දැන් මුලපුරන්න හිතුවේ.

 

"ඩ්‍රීම් ස්ටාර්" තරගයේදී ලැබුණ රසික ප්‍රතිචාර තවමත් ඒ පරිද්දෙන්ම ඔබට ලැබෙනවාද?

ඊටත් වඩා ලැබෙනවා කිව්වොත් හරි. කොතන ගියත් කරු හරි මාව අඳුනගත්තොත් කතා කරනවාත ඒ වග්ම තමයි ප්‍රසංග වේදිකාව තුළත් රසික ප්‍රතිචාර උපරිමයෙන්ම මට ලැබෙනවා.

 

මහේෂි ප්‍රසංග වේදිකාවට කොයි වගේ ඉඩක්ද වෙන් කරලා තියෙන්නේ?

ආරාධනා නම් අඩුවක් නැතිව ලැබෙනවා. පසුගිය ටිකේ නම් ටිකක් අඩුවෙන් භාරගත්තේ. මොකද විශ්ව විද්‍යාල වැඩ කටයුත් නිසා. ඉදිරියට එන්නේ අවුරුද් සමය නිසා ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වෙන්න ආරාධනා වැඩිපුර ලැබෙනවා.

 

රියලටි තරගවලින් ක්ෂේත්‍රයට එන බොහෝ දෙනෙකුට පැවැත්මක් නැහැ. ඒ ඇයි?

මෙහෙමයි. ක්ෂේණිකව ඇවිල්ලා ක්ෂේණිකව නැතිවෙලා යන්න මම හිත විදිහට ගොඩක් හේතු තියෙනවා. අධ්‍යාපන මට්ටම, සංගීත ලෝලීන් ගැන හිතන විදිහ. ක්ෂේත්‍රෙය් සැහෙන්න දුරක් යන්න ඕනා නම් ඒ ගැන හැදෑරිමක් තියෙන්නේ ඕනා. මම හිතන්නේ ඒක ප්‍රධාන වෙනවා කියලා. ගුණාත්මක නිර්මාණයක් කරන්න නම් සංගීතය ගැන හැදෑරීමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. අපිට අවශ්‍ය දේ නෙමෙයි ශ්‍රාවකයන්ට දෙන්න ඕනා. ඒ අය කැමතියි දේ අපි දෙන්න ඕනා. අන්න ඒකයි ඉක්මණට ඇවිල්ලා ඉක්මණට බැහැල යන අයගේ රහස තියෙන්නේ.

 

අද ගීත එළිදැක්වීමේ තරගකාරීත්වයක් තියෙනවා?

ගීතයක් %හිට්^ වෙනවාම කාරණයක්. අපි හිතමු හොඳ පවර්ෆුල් ටයිටල් එකක් එක්ක ගීතයක් කළා කියමුකෝ. අනිවාර්යයෙන්ම ඒක %යූ ටියුබ්^ චැනල්වල %හිට්^ වෙනවා. මොකද ලැබෙන විව්ස් වලින් ගීතයේ ජනප්‍රියත්යට වගේම ගුණාත්මක බව මණින්න බැහැ. ඒක ඇත්තක්. සමහර හොඳ ගුණාත්මක නිර්මාණ යට ගිහිල්ලා තියෙනවා ඒවාට ඉල්ලුමක් නැතිව. රැල්ලට එන සංගීතය රසවිඳින්න ශ්‍රාවකයන් උනන්ඳු වෙලා තියෙනවා අද ලංකාවේ.

 

"ඩ්‍රීම් ස්ටාර්" තරගය ගැන මොකද හිතෙන්නේ?

මුල්ම වටය මට මතකයි මම මුලින් ගායනා කළේ සුජාතා අත්නායක මහත්මියගේ %සඳ රැජිණියනේ^ කියන ගීතය. එහිදි මට සමිතා මුදුන්කොටුව මහත්මිය කිව්වා %මහේෂි ඔබ මේ තරගයෙන් බොහෝ දුරක් යන කෙනෙක් කියලා මට විශ්වාසයකි කිව්වා^ ඒ වචනේ මගේ හිතේ තිබුණ හැම තරගවටයකදීම. ඇත්තටම මේ තරගයේ අවසන් වටයට මාව ඒවි කියලා මම මුලින්ම හිතුවේ නැහැ. නමුත්, උත්සාහය තිබුණා. ඉතින් මගේ දක්ෂතා හැකි උපරිමයෙන් පෙන්වලා අවසන් වටය තෙක් එන්න මට පුළුවන්කම ලැබුණා. ඒකට මගේ පවුලේ අය, නෑදැයෝ, යාළුවෝ. මගේ ගම් පළාතේ ජනතාව. මේ හැම කෙනෙක්ම උදව් මැද ආවා මම අවසන් තරගයට.

 

එදා හිටිය මහේෂිද අදත් මේ ඉන්නේ?

තරු බවට පත්වන්නේ කවුරු නිසාද රසිකයෝ නිසා. එතකොට තරු ඉහළට ගෙනියන්න වගේම පහළට ගෙන්නත් රසිකයන්ට පුළුවන්.

 

උදව් කරපු අය ගැනත් කියමු‍?

මගේ පවුලේ අම්මා, තාත්තා, මල්ලි. නැදෑයෝ සියලු දෙනා. මා පාසල් ගිය කොටුවේගෙදර ප්‍රාථමික විද්‍යාලය. නිට්ටඹුව සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලය, ගම්පහ යශෝධරා දේවි බාලිකා විද්‍යාලය හා එහි සියලු දෙනා. එතකොට මා අධයාපනය ලැබු කැළිණි විශ්ව විද්‍යාලයේ සියලු දෙනා. මගේ ගම්පළාත අගලගොඩ, වේයන්ගොඩ ප්‍රදේශයේ ජනතාව.

 

  2018-03-07-ent-02 2018-03-07-ent-01