තමන්ගේ හැසිරීම මත තමයි හොඳ නරක තීරණය වෙන්නේ
නදීෂා කියන්නේ නවක රංගන ශිල්පිනියක්. මේ වනවිට ඇය ලංකාවේ ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වෙලා තිබෙනවා. ඊට අමතරව ඇය රූපලාවන්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වීමට ද බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ ක්ෂේත්‍ර දෙකෙන්ම ඉදිරියට යෑමට බලාපොරොත්තුවක් තිබෙන නදීෂාට සාරවිටට සම්බන්ධ වුණේ මෙහෙමයි.
මගේ නම නදීෂා දිල්හානි. මගේ ගම පදියතලාවේ. නමුත් දැනට පදිංචි වෙලා ඉන්නේ මහරගම. මම රංගන ක්ෂේත්රයේ සහ නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙලා ඉන්නවා.
කොහොමද කලාවට සම්බන්ධ වෙන්නේ?
මම මහේන්ද්‍ර පෙරේරා සර්ගේ නාට්‍ය පාසලට සම්බන්ධ වුණා. ඒ හරහා තමයි රංගනයට ඉඩකඩ ලැබුණේ.
රංගනයෙන් සම්බන්ධ වුණු නිර්මාණ ගැන කිව්වොත්?
පාරා, බෙනට් රත්නායක මහතාගේ ඇට්ටරයා, ගිවන්ත අර්ථසාද්ගේ කාසි, සිල්ලර සමනල්ලු ඇතුළු ටෙලි නාට්‍ය රැසකට සම්බන්ධ වෙලා තිබෙනවා.
රංගනයට අමතරව මොනවද කරන්නේ?
නැහැ. දැනට නම් රංගනය පැත්තේ වැඩ කටයුතු තමයි කරන්නේ.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
චූටි කාලේ රඟපාද්දි නම් තාත්තා කැමති වුණා. නමුත් ලොකු වෙද්දි නම් මුලදි වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් දැන් නම් ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා.
මහේන්ද්‍ර සර්ගේ රංගන පාසලේ අත්දැකීම් කොහොමද?
ඇත්තටම මහේන්ද්‍ර සර්ගේ යටතේ අධ්‍යාපනය හදාරන්න ලැබීම ලොකු වාසනාවක්. එතුමා කලා ක්ෂේත්රයේ සිටින දැවැන්තයෙක්. ඇත්තටම හොඳ අධ්‍යාපනයක් ඔහුගෙන් ලැබුණා. එතනින් හොඳ පිරිසක් හඳුනාගන්න ලැබුණා. ඒ අත්දැකීම් හරිම සුන්දරයි.
නවකයෙක් විදිහට කලා ක්ෂේත්රය ගැන දැනෙන්නේ මොකද්ද?
ඇත්තටම ක්ෂේත්රය කියන්නේ නරක තැනක නෙවෙයි. තමන්ගේ හැසිරීම මත තමයි හොඳ තැනක්ද නරක තැනක්ද කියලා තීරණය වෙන්නේ.
නදීෂා ෆැෂන් කරන්න ආසයිද?
ඔව්. මම ෆැෂන් කරනවා. නමුත් එන හැමදේම කරන්නේ නැහැ. මට ගැලපෙන ෆැෂන් විතරයි කරන්නේ.
රඟාපන්න ලැබුණේ නැති, ආසම චරිතයක් තියෙනවාද?
ඔව්. මම හරිම ආසයි අහිංසක චරිතයක් රඟපාන්න. ඒත් තවම නම් එහෙම චරිතයක් ලැබිලා නැහැ.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
ඉදිරියේදී රංගනය තුළින් ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මම රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරනවා. ඒ පැත්තටත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
ඔව්. මුලින්ම මගේ අම්මයි තාත්තායි මතක් කරන්න ඕනේ. එතකොට මහේන්ද්‍ර පෙරේරා සර්වත් මතක් කරනවා. ඊට අමතරව මට හැමතිස්සෙම උදව් කරන හැමෝවම මම මතක් කරනවා.
කැළුම් දේවින්ද