තමන්ගේ දක්ෂතා අනුව ඉදිරියට යා හැකි ක්ෂේත්රයක්
තවමත් නව යොවුන් වියේ පසුවන මෙම සොඳුරු රුවැත්තිය නමින් වාසනා තරංගනීය. නිරූපණය අත්පොත් තබා ඇති ඇය රංගන කටයුතු තම අධ්‍යාපන කටයුතුවලින් පසුව එකතුවීමට සැරසී සිටින්නීය ඇගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව පැවසීමට ‘සාරවිට' සමගින් එක්වූ මොහොතකි මේ.
මුලින්ම ඔයා ගැන සඳහන් කළොත්?
මගේ නම වාසනා තරංගනී. මං උසස් පෙළ කලා අංශයෙන් හදාරනවා. ඊට අමතරව නිරූපණ කටයුතුවලට දායකවෙනවා.
ඉගෙනීමේ කටයුතුත් එක්ක නිරූපණයට එන්න ගෙදරින් ඉඩ දුන්නද?
මම අධ්‍යාපනය කරන්නෙත් කලා අංශයෙන් නිසා නර්තනයට, රංගනයට පාසලේ කටයුතුවලට පොඩි කාලේ ඉඳන් දායකවෙන නිසා ගෙදරින් අකමැත්තක් දැක්වූවේ නැහැ.
කොයි කාලේද නිරූපණයට එකතු වුණේ?
දැනට මාස 8ට විතර කලින් තමයි මම නිරූපණය ක්ෂේත්රයට ආවේ. ඒ ශෙහාන් අයියා හරහායි.
දැනට මොනා හරි වැඩ සඳහා දායක වෙලා තියෙනවාද?
දැනට ස්ටූඩියෝ ෂූට්, බ්‍රයිඩ්ල් ෂූට්, පේපර් කවර් ෂූට්වලට දායකවෙලා තියෙනවා.
නිරූපණය ගැන අදහස මොකද?
නිරූපණය ගැන හොඳ නරක දෙපැත්තක් තියෙනවා ඒ දේ තමන්ම තෝරගන්න ඕනේ. මං හිතන්නේ හොඳ විදිහට තමන්ගේ දක්ෂතාවට අනුව ඉදිරියට ගියොත් මේක හොඳ ක්ෂේත්රයක්.
රංගනය පැත්තට යොමු වෙන්න අදහසක් නැද්ද?
රංගනයට ආරාධනා ලැබිලා තියෙනවා. අධ්‍යාපන කටයුතුවලින් පස්සේ ඒ ගැන වැඩිදුර අවධානයක් යොමු කරනවා වගේම රංගනයට දායක වෙනවා.
වෘත්තීමය වශයෙන් කවුරු වෙන්නද බලාපොරොත්තුව?
අධ්‍යාපන කටයුතුවලින් පස්සේ සුදුසු රැකියාවක් කිරීම තමයි ප්‍රධාන බලාපොරොත්තුව. ඒ අතරතුර නිරූපණට දායක වෙනවා.
ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?
සුදුසු රැකියාවක් කිරීම වගේම නිරූපණයෙන් මගේ රංගනයෙන් දක්ෂතා අනුව ඉදිරියට යන එක තමයි ලොකුම බලාපොරොත්තුව
උදවු කරපු පිරිසක් ඉන්නවාද මතක් කරන්න?
මගේ අම්මා තාත්තා ලොකු තාත්තා තමා ගොඩක් උදවු කළේ.