තමන් හරියට හිටියොත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-04-ent-50

වර්තමානයේ රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන ආලෝකා ධනන්ජනි සමගින් අද ‘සාරවිට’ තරු කතාබහ මෙළෙස අපි ඇරඹුවෙමු. දැනට රංගන ශිල්පිනියක් ලෙස බොහෝ කලා කටයුතුවලට දායකව සිටින ඇය ඉදිරියේදී තවත් ටෙලි නාට්‍යය කිහිපයකින් ප්‍රේක්සක ඔබ හමුවීමට නියමිතය.

 

ආලෝකා රංගන ශිල්පිනියක් වෙන්නේ?2018-12-04-ent-54

කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් ලොකු කාලයක් නැහැ. මාස 18ක් විතර ඇති. ‘සිරස ෆිල්ම් ස්ටාර්’ රියලටි තරගය හරහා රංගන ක්ෂේත්‍රයට ආවේ.

 

දායක වුණ කලා නිර්මාණ ගැන කිව්වොත්?

සම්බෝලේ.එල්.කේ, ගොවිසෙත, ඕනා එකක්.එල්.කේ, යූ ටියුබ් ඇප්ස් කියන වෙළෙඳ දැන්වීම්වලට දායක වෙලා තියෙනවා. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටත් මේ වනවිට සම්බන්ධ වෙලා ඉන්නවා. හිරු රූපවාහිනි නාලිකාවේ දිග හැරෙන ‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යයේ රඟපානවා. ඉදිරියට කතා කරලා තියෙන හිරු නාලිකාවේ මේ දිනවල විකාහ්‍ය වන ‘සිද්ධාර්ත් ගෞතම්’ ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙන්න.

 

කලා ක්ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?

රංගනය ක්ෂේත්‍රය කියන්නේ හරි අමුතු එකක්. හොඳ හැදෑරිමකින් තමයි මේ ක්ෂේත්‍රයට එන්න ඕනා. මොකද, ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. දවසින් දවස ඉගෙන ගන්න තමයි තියෙන්නේ. මම නම් මේ ක්ෂේත්‍රයට ගොඩක් කැමතියි.

 

රංගන ශිල්පිනියන් නොවුණා නම්?

රංගන ශිල්පිනියන් නොවුණා නම් මම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට වැඩ කරන්න තමයි කැමැත්තෙන් හිටියේ. එහෙමත් නැත්නම් ප්‍රවෘත්ති නිවේදිකාවක් වේවි. මොකද, මම ඒ පැත්තට තමයි යොමු වෙන්න ආසාවෙන් හිටියේ.

 

තරුණියකට මේ ක්ෂේත්‍ර උචිතද?

තරුණියකට පමණක් නොවෙයි තරුණයන්ට වුණත් මේ ක්ෂේත්‍රය බාධාවක් නැහැ. තැනකට ගිහින් හරියට ඉන්න පුළුවන් නම් දෙන වැඩේ හරියට කරන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

 

නමුත්, ගොඩ දෙනෙක්ට මේ ක්ෂේත්‍රය ගැන පැහැදිමක් නැහැ?

ඔව්, රංගන ක්ෂේත්‍රය ගැන ගොඩක් අය කතා වෙනවා. කිසිම පැහැදිමක් නැහැ. ඒකට හේතුව විදිහට මම දකින්නේ කවුරු හෝ එක්කෙනෙක් දෙන්නෙක් කරපු වරදක් නිසා තමයි මෙහෙම ක්ෂේත්‍රය ගැන වැරදියට හිතන්නේ. නමුත්, එහෙම කියන තරම් වරදක් නම් මම දකින්නේ නැහැ. තමන් හරියට හිටියොත් කවුරුත් මුකුත් කියන්නේ නැහැ.

 

වැඩ තෝරගෙනද කරන්නේ?

ඔව්, තෝරා ගැනීමකින් තොරව වැඩ භාර ගන්නේ නැහැ. මගේ සිමාවන්වලට අනුව තමයි තෝරා ගන්නේ.

 

සීමාවන් තියෙනවද වැඩක් භාරගනිද්දි?

ඔව්, සීමා මායිම් තියෙනවා. මගේ සිමාවන් කිහිපයක් තියෙනවා එතැනින් එහාට මම වැඩ භාරගන්නේ නැහැ.

 

මුදල්ද? වැඩේද? ඔබ වැඩි අවධානයක් යොමු කරන්නේ?

භාර ගන්න වැඩේ හරියට කරන එක තමයි මගේ මුලිකම දේ. ඊට පස්සේ ලැබෙන මුදල.

 

උදව් කළ අය?

උදව් කරපු අය නම් ගොඩක් ඉන්නවා. මම අද මෙතැන ඉන්නේ ‘සිරස ෆිල්ම් ස්ටාර්’ රියලිටි තරගය නිසා. එහෙම දෙයක් තිබුණේ නැත්නම් ආලෝකා කියලා කෙනෙක් අද බොහෝ දෙනෙක් දන්නේ නැතිව ඇති. මුලින්ම ‘ෆිල්ම් ස්ටාර්’ වැඩසටහන කරපු ඉරුෂ ද සිල්වා, ඉනෝකා ප්‍රේමවර්ධන, ශිරෝන් ප්‍රගීත්, දිදුල බෝගහකුඹුර, සමිත් බස්නායක හා විනිසුරු මණ්ඩලය. ඊට අමතරව මේ වැඩසටහන කරපු සිරස රූපවාහිනි නාලිකා කණ්ඩායම. අම්මා, තාත්තා, අක්කා විශේෂයෙන්ම මතක් කරන්නත් ඕනි.

 

 2018-12-04-ent-51 2018-12-04-ent-53