තමන් සීමාවල හිඳගෙන සිටියොත් ඕනෑම ක්ෂේත්රයක කටයුතු කරන්න පුළුවන්
මේ දිනවල ITN රූපවාහිනියේ විකාශය වන ‘කොන්කළ දෝනී’ නාට්‍යයේ අමාලීගේ චරිතය නිරූපණය කරන පූජානි භාග්‍යා මෙවර සාරවිට කතාබහට එකතු වෙනවා. ඇය මේ වනවිට උසස්පෙළ විභාගයට මුහුණ දී සිටිනවා. ඇයත් සමග සාරවිට කළ කතාබහයි මේ..
පූජානි අපිට ඔයාගේ විස්තර ටිකක් කියන්නකෝ?
මම පූජානී භාග්‍යා. මට වයස අවුරුදු 19යි. මම උසස් පෙළ කරලා ඉවරයි. මගේ පාසල කැලණිය ගුරුකුල විද්‍යාලය. වාණිජ අංශයෙන් තමයි උසස් පෙළ කළේ.
ක්ෂේත්රයට එක්වෙන්නේ කොයි කාලේදීද?
මම මුලින්ම රංගනය හරහා තමයි මේ ක්ෂේත්රයට එන්නේ. එතකොට මට අවුරුදු 13දී.
දායක වුණු නිර්මාණ ගැන ටිකක් කියමුද?
මුලින්ම සුනිල් ටී. ප්‍රනාන්දු මහත්මයාගේ ‘දරුවනේ’ චිත්‍රපටයෙන් තමයි මම මේ ක්ෂේත්රයට එන්නේ. සම්මුඛ පරීක්ෂණයකින් පස්සේ තමයි ඒකට මාව තෝරාගත්තේ. ඊට පස්සේ ‘සිරිවාසල’ කියන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඊටපස්සේ උසස් පෙළ කරන කාලේදි තමයි පළවෙනි ෆොටෝ ෂූට් එක කළේ. දිලීප් තිවංකර අයියා තමයි ෆොටෝ ෂුට් එක කළේ. එයත් අපේ ස්කෝලේමයි. ඒකෙන් පස්සේ තමයි මට ගොඩක් වැඩවලට කතා කළේ. ෆොටෝ ෂූට් ගොඩක් කරලා තියෙනවා. මියුසික් වීඩියෝ එකකුත් කළා. ‘ආදර ගීතය’ කියලා ටෙලි නාට්‍යයකුත් කළා. ඒක තවම ටෙලි කාස්ට් වුණේ නැහැ. ආරාධනා ගොඩක් එනවා. නමුත් විවිධ හේතු නිසා ඒවා භාරගත්තේ නැහැ. මේ දවස්වල ITN එකේ යන ‘කොන් කළ දෝනී’ නාට්‍යයයේ අමාලීගේ චරිතය කරන්නේ මම.
රංගනය සහ නිරූපණය අතරින් වැඩිපුර කැමති මොන ක්ෂේත්රයටද?
වැඩිපුර කැමති රංගනයට.
පූජානි රංගනය ගැන හදාරලා තියෙනවාද?
නැහැ. මම සාමාන්‍ය පෙළට නාට්‍ය හා රංගකලාව විෂයක් විදියට කළා. එතකොට වේදිකා නාට්‍ය පිළිබඳව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මම පොඩිකාලේ ප්‍රියන්ත සමරකෝන් සර්ගේ ඇකඩමි එකේ ඉගෙන ගත්තා. හැබැයි ඉදිරියට හදාරන්න බලාපොරොත්තු වෙනවා.
මේ ක්ෂේත්රය වෘත්තියක් විදියට කරන්න බලාපොරොත්තු වෙනවාද?
මම මේ ක්ෂේත්රයට එද්දි නම් හිතුවේ මේක තාවකාලිකව කරන්න. ඒත් මට වැඩ කරගෙන යද්දි හිතුණා මේ ක්ෂේත්රයේ මට ඉදිරියටම යන්න පුළුවන් කියලා. මොකද දැන් මට කතාකරන වැඩත් එක්ක මම මේක වෘත්තීයක් විදියට කරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නේ තරුණියන්ට මේ ක්ෂේත්රය වෘත්තියක් විදියට කරන්න පුළුවන්ද?
ඔව්. සමහර අය හිතනවා මේ ක්ෂේත්රයේ විවිධ ප්‍රශ්න තියෙනවා කියලා. ප්‍රශ්න ඇති. ඒත් ගැහැනු ළමයෙක්ට මේ ක්ෂේත්රයේ පරිස්සමින් වැඩ කරගෙන යන්න පුළුවන්. වැඩකට යද්දී වැඩිහිටියෙක් එක්ක යන්න පුළුවන් නම් ප්‍රශ්නයක් ඇති වෙනවා කියලා දැනෙනවා නම් ඒක නවත්තන්න පුළුවන් නම් මේ ක්ෂේත්රය ගැහැනු ළමයෙක්ට ඉන්න පුළුවන්.
ඔයා නිර්මාණ තෝරාගෙනද කරන්නේ?
ඔව්. මගේ විවිධ සීමාවන් තියෙනවා. ඒවා තුළ මම මගේ වැඩ කරනවා. මම විශේෂයෙන් ග්ලැමර් ෂූට් කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම කස්ටියුම් එක ගැන හිතනවා. මියුසික් වීඩියෝ එකකදි වුනත් මට මම සීමා පනවලා තියෙන්නේ. බ්‍රයිඩ්ල් ෂූට්වලට තමයි මම ගොඩක්ම කැමති.
ගෙදරින් මේ දේවල්වලට ලැබෙන සහයෝගය කොහොමද?
මුලින්ම මේ ක්ෂේත්රයට එද්දි තාත්තා වැඩි කැමැත්තක් පෙන්නුවේ නැහැ. ඒ වුණාට තාත්තා මට ගොඩක් උදවු කරනවා. අම්මා උපරිම උදවු කරනවා. මම කවදාවත් ලොකේෂන් එකකට තනියම ගිහිල්ලා නැහැ. අම්මා එයාගේ වැඩත් පාඩු කරගෙන එනවා. අම්මයි තාත්තයි ලොකු සහයෝගයක් දෙනවා මගේ වැඩවලට.
පූජානිගේ ඉදිරි බලාපොරොත්තු සහ ඉදිරි වැඩ කටයුතු ගැන කිව්වොත්?
දැනට මම පෞද්ගලික ආයතනයක අලෙවි විධායක කෙනෙක් විදියට වැඩ කරනවා. ඒ අතරතුර මගේ අධ්‍යාපන කටයුතුයි, රංගන කටයුතුයි, නිරූපණ කටයුතුයි කරගෙන ලොකු ගමනක් යන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.
අවසාන වශයෙන් කිව්වොත් මේ ගමනට උදවු කරපු අය ගැන?
මගේ අම්මා, තාත්තා, මගේ නංගිලා දෙන්නා, ජනිතා ඇන්ටි, දිලිප් තිවංකර අයියා සහ මට වචනයකින් හරි උදවු කරපු හැම දෙනාටම මම ස්තූති කරනවා.
Dilan Chryshantha / Pix - Sajeewa Lakshan