තමන් කරන දේ නිවැරදි මෙන්ම ගැළපේ නම් කවුරු මොනවා කිව්වත් කමක් නෑ
වසර පමණ කාලයක සිට නිරූපණ කටයුතු සිදුකරන ඇය නමින් තිලිණි අනුරාධායි. නිරූපණය විනෝදාංශයක් ලෙස සිදුකරන ඇය තරග සඳහා ඉදිරිපත්ව අත්දැකීම් ඔස්සේ ඉදිරියට යමින් සිටියි. ඒ පිළිබඳව හා ඉදිරි කටයුතු සම්බන්ධයෙන් දැනගැනීමට ‘සාරවිට’ අපි ඇය මෙලෙසින් සම්බන්ධ කරගත්තෙමු
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මම තිලිණි අනුරාධා. රැකියාවක් කරන්නේ නැහැ. විනෝදාංශයක් විදියට තමයි Modeling කරන්නේ.
නිරූපණයට ඇවිත් කොපමණ කාලයක් වෙනවාද?
දැන් අවුරුද්දක් පමණ වෙනවා. Miss Sri Lanka pageant එකෙන් තමයි Modeling වලට ආවේ. ඒ තරගය නිසා තමයි මම ක්ෂේත්‍රයේ ඉන්නේ.
ඔබ තෝරා බේරාගෙනද නිරූපණ වැඩකටයුතු කරන්නේ?
ගොඩක්ම හඳුනන අයගේ වැඩකටයුතු තමයි කරන්නේ. ඒකට හේතුව මම විනෝදාශයක් ලෙස Modeling කරන නිසා.
නිරූපණය පිළිබඳව ඔබ හැදෑරීමක් කරලා තියෙනවාද?
Miss Sri Lanka Pageant එකට යද්දී මම catwork Training Class එකකටවත් ගිහින් තිබුණේ නැහැ. අපිට එහිදී Training කළා Cat-work. ඒ අත්දැකීම් සමග තමයි මම වැඩකටයුතු කරන්නේ.
නිරූපණය විනෝදාංශයක් නිසා කාලයත් සමග ඔබ නිරූපණයෙන් ඈත් වෙනවාද?
නෑ එහෙම නෑ. හොඳ වැඩක් ලැබුණොත් කරනවා. හැම දෙයක්ම කරන්න බෑ. ගැළපෙන දෙයක් බලලා කරනවා.
නිරූපණයෙන් වැඩිපුර දායකත්වය ලබාදෙන්නේ Fashion පැත්තටද Bridle පැත්තටද?
මම ඒ දෙකම කරනවා.
ඇඳුම් පැලඳුම් තෝරා ගැනීමේදී සීමාවන් තිබෙනවාද?
නෑ එහෙම නෑ. මොඩල් කෙනෙක් වුණාම ඕනම ඇඳුමක් අඳින්න ඕන. නමුත් මට නොගැළපෙන ඇඳුම් මම භාරගන්නේ නැහැ.
නිරූපණය ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් අය Modeling කරන අය ගැන කියන්නේ දකින්නේ නරක විදියට. ක්ෂේත්‍රයේ එහෙම අයත් ඉන්නවා. නමුත් අපි දැනගන්න ඕන තැනකට ගිහින් හරි විදියට හැසිරිලා කරන්න ඕන දේ මොකක්ද කියලා අපේ හිතේ තියාගෙන ඒ දේවල් හරියට කළානම් කිසි ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ.
අපි කරනදේ හරි නම් කවුරු මොනවා කිව්වත් කමක් නෑ. අපි කවුද කියලා අපිව දන්න මිනිස්සු දන්නවා නම් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕන නැහැ.
නිරූපණයෙන් ඉදිරියට යන්න බලපාන්නේ දක්ෂකමද? වාසනාවද? නැත්නම් ලස්සනද?
මම නම් කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න ලස්සන විතරක් නෙවෙයි දැනුමක් තියෙන්නත් ඕන. ලස්සන තිබිලා අපි තැනක ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැතිනම් අපිව මිනිස්සුන්ගෙන් විවේචනයට ලක්වෙනවා. මම කියන්නේ දැනුමක් තියෙන්නත් ඕන. ලස්සන විතරක් තිබිලා මදි.
ඉදිරියේදී තරගයක් සඳහා දායක වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?
Pageant වලට දායකවෙන්න අදහසක් නැහැ. ඒත් අනිත් අයට මම කියන්න කැමතියි pageant සඳහා දායක වෙන්න කියලා. මොකද ඒවායින් හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ අත්දැකීම ගොඩක් වටිනවා.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
ක්ෂේත්‍රයේ නම තියාගන්න පුළුවන් හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හැමදාම මිනිස්සුත් එක්ක හොඳින් ඉන්න බලාපොරොත්තු වෙනවා.