තනිකමටයි මම කැමැති



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-06-07-ent-86

‘‘ඇන්ඩි‍්‍රයා’’ යනු බටහිර තාලයට හැඩ ගැහිච්ච චරිතයක්. විදේශයක සිට ඇවිත් ලංකාවේ ජීවත් වන තරුණියක්. මේ ඇන්ඩි‍්‍රයා අපට හමුවන්නෙ. ජී. නන්දසේනගේ ‘‘දෙව්ලියේ’’ නාට්‍යය සමගයි. මේ නාට්‍යය විකාශය වන්නේ ස්වර්ණවාහිනියේයි. දෙව්ලියේ සමග මේ විදියට ආලින්දයට එන ඇය අයේෂා මධුෂානි දයාරත්නයි.

මම සැබෑ ජීවිතයේ දී බොහොම හිත හයිය කෙනෙක්. මට කවුරුහරි එපා වුණොත් මැරෙනකල්ම එපාමයි. ඒක මට තාත්තාගෙන් ආ පුරුද්දක්. හිත හයිය වුණත් වැටෙන අවස්ථාත් තියෙනවා. එවිට තනියම අඬනවා. මට කොහොමත් ඥාති හිතමිත‍්‍රාදීන් අඩුයි. එක හොඳ යාළුවෙක් ඉන්නවා. කොහොමටත් මම තනිකමට හරි කැමතියි.

 

මෙහෙම කියන මේ ‘‘ඇන්ඩි‍්‍රයා’’ හෙවත් අයේෂා මධුෂානි කවුද? අද කතා බහ ඇය සමගයි.

 

කාලයකට ඉහතදී ඔබට ෆයිල් නංගී කිව්වා, දැන් කොහොමද කතා කරන්නෙ?

2017-06-07-ent-85විශේෂයක් නැහැ. දැන් ඒක මිනිස්සුන්ට අමතක වෙලා. සමහර චැනල් නම් ඒ ප‍්‍රශ්නය නිසා මාව ගෙන්වන්න ටිකක් අදි මදි කරනවා.

 

අද ඔබ ගැන කතා වන්නෙ?

රංගන ශිල්පිනියක් විදියටයි.

 

මොනවද විකාශය වන නාට්‍යය?

දෙව්ලියේ (ස්වර්ණවාහිනී) ‘‘ඇන්ඩි‍්‍රයා’’ කියන චරිතය. ඊට පෙර අයිටීඑන් එකේ මිහිඳුම් තරණ විකාශය වුණා. ඊට අමතරව නිර්මාණ බොහෝමයකට සම්බන්ධ වුණා. ඉදිරියේ විකාශයට නියමිතයි. ලකී ඩයස් මහතාගේ දඩබ්බරී, අර්ජුන කමලනාත්ගෙ ‘‘සඳමලී’’ සුදන්ත තිලක්සිරිගෙ මායාවි, ලහිරු මුදලිගේමහදැනමුත්තා ටෙලිනාට්‍යයේ මහදැනමුත්තාගෙ ලොකු දුව, චන්දන ධර්මප‍්‍රියගෙ ධවල මායා, ඒවාට අමතරව නිර්මාල් රාජපක්‍ෂගේ මාරාන්තික සර්පයා කියලා. පසුගිය දිනවල ලංකාවේ ප‍්‍රථම වතාවට පැවැත් වූ (දියයට) අන්ඩර් වෝටර් මොඞ්ස්ල් පැජන්ට් එකේ Scuba (ස්කුබා) ශ්‍රී ලංකා විලාසිතා තරගයේ දී හොඳම නිරූපිකාව සහ තවත් උප ජයග‍්‍රහණ කීපයක් ලැබුවා.

 

වෘත්තියෙන් ඔබ කරන්නෙ?

ක්‍ෂේත‍්‍රයට ආවේ වෘත්තීය නර්තන ශිල්පිනියක ලෙසයි. දැන් රංගනයත් වෘත්තිය වෙලා.

 

මේ විදියට ඇයි කලා ක්‍ෂේත‍්‍රයට එන්න හිතුණේ?

ඒක අහම්බයක්. ඒක එක්තරා හීනයක් ඉටුවීමක්. සැබෑ නොවෙයි කියලා හිතපු එකක්. ඉස්සර මම හොඳ ක‍්‍රීඩිකාවක්. කලාවට හිතන්නවත් බැරි දුරක හිටියෙ. දෛවය මොකක්දෝ හාස්කමක් කළා. පෙර පිනක් වෙන්න ඇති.

 

මේ ක්‍ෂේත‍්‍රයට නාවා නම්?

එහෙම නම් අනිවාර්යයෙන්ම ගුවන් හමුදාවේ සේවයට එක් වන්න තිබුණා.

 

ක‍්‍රීඩාවෙන් දුර නොගියේ?

මාදම්පේ සේනානායක ක‍්‍රීඩා පාසලේ ඉගෙන ගන්නා කාලයේදී මට අම්මා තාත්තාගෙන් ඈත්වෙලා ඉන්න බැහැ කියා හිතුවා. ඒ නිසා කලින් ඉගෙන ගත්ත පාසලට (ශ්‍රීමත් ජෝන් කොතලාවල දොඩම්ගස්ලන්ද) A/L කරන්න ආවා. උසස් පෙළ එහිදී පෙනී සිටියා. සරසවි වරම් නොලැබුවත් හොඳ ප‍්‍රතිඵල ලැබුවා. නැවතත් දෙවැනි වර උසස් පෙළ කරලා සෞන්දර්යය සරසවියට අනුබද්ධ විවෘත හා දුරස්ථ අධ්‍යයන කේන්ද්‍රයට ඇතුළත් වුණා. එහිදී උපාධිය හැදෑරුවා.

 

දැන් අරමුණ?

උපාධියෙන් පසුව කලායතනයක් මගින් නව පරපුරකට දැනුම ලබා දෙන්න. හැබැයි සාම්ප‍්‍රදායික නර්තනය අංශයෙන්.

 

ඒ වුණාට ප‍්‍රසංගවලදී ඔබ නටන්නෙ සාම්ප‍්‍රදායික නැටුම නොවෙයි!

ප‍්‍රසංගවලට යන්නෙ නැහැ. යන්නෙ විවාහ උත්සව සහ ආයතන විසින් පවත්වන සම්මාන ප‍්‍රධාන වගේ අවස්ථා සඳහා විතරයි. එවැනි දේවල දී සාම්ප‍්‍රදායට එහා ගිය දෙයක් තමයි බලාපොරොත්තු වන්නෙ. සාම්ප‍්‍රදායික නර්තනයට එහා ගිය දෙයක් හදාරලා තියෙනවා. සෞන්දර්යේදී අපේ උඩරට පහත රට සබරගමු කළේ. 2014 සිරස ඩාන්සින් ස්ටාර් නටද්දී අවසන් 10 දෙනා අතරට ආවා. බොහෝ විට එහිදී කළෙත් බොලිවුඞ්, හොලිවුඞ් ආභාෂයේ නර්තනයි.

 

උපාධිය අරගෙන රඟපෑම තමයි කල්පනාව?

උපාධිය අරගෙන රජයේ රස්සාවක් කිරීම. ටීචර් වෙන්න කියන අරමුණ නැහැ. නමුත් ඒක ආභරණයක්. එහෙමයි මම හිතන්නෙ.

 

අද ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද?

ගමේ අය මගෙ ගැන හරියට සතුටු වෙනවා. ආඩම්බර වෙනවා. බොහෝ උත්සව වලට පවා ආරාධනා ලැබෙනවා. යාළුවෝ පවා හොඳ කියනවා.

 

ක්‍රේෂත්‍රය ගැන හිතන්නෙ කොහොමද?

හොඳ ගමනක් යන්න පුළුවන් ක්‍ෂ්ත‍්‍රයක්. ඕනෑම ක්‍ෂ්ත‍්‍රයකදී යා යුතු විදිහක් තියෙනවා. හෙමින් යන්නත් පුළුවන්. ඉක්මනින් යන්නත් පුළුවන්.

 

ඔබ යන්නෙ හෙමින්ද? ඉක්මණින්ද?

ඉතාම හෙමින් යන ගමනක්. මම මේ ක්‍ෂ්ත‍්‍රයට එන විට අහලකවත් හිටපු නැති අය අද බොහෝදුර ගිහින්. මට තියෙන්නෙ කැපකිරීම් කරමින් යන ගමනක්. අත්දැකීම් එක්ක යන ගමනක්. ඒ යන ගමනට ආසයි.

 

මෙහෙම ගිහිල්ලා, කවදාහරි දේශපාලන ෆයිල් එක අතට ගන්න හිතුණොත්?

ඒක හීනයක්. කුඩා කල සිට හැදුනෙ එවැනි පරිසරයක. තාත්තා දේශපාලනය කළා. මේ සැරේ ගමෙනුත් ආරාධනා ආවා. ඒත් ඒකට තාත්තා අකමැති වුණා. එයා රටේ දේශපාලනය ගැන හරියට කළකිරිලා ඉන්නෙ. ඒ නිසා මටත් එපා කියලා කියන්නෙ. හැබැයි මම මිනිස්සුන්ට සේවය කරන්න කැමැතියි. ආදරය ලබන්න කැමැතියි. කිසිදාක කිසි විටෙක ගම අමතක නොකරන කෙනෙක්. ගමේ ඕනෑම දෙයකට මේ දක්වා දායක වුණා. ඉදිරියටත් එහෙමයි. හරි ගමනක් යන අරමුණ නිසා මටම සීමා මායිම් දාගෙන හොඳ ගමනක තමයි මම යන්නෙ.

 

කොයි හැටි වෙතත්, තරුණයින්ගෙ බැලූම් වලින් නම් අඩුවක් නැතුව ඇති?

මට බොහෝ විට රංගනයේදී බොහෝ දෙනා හමුවන්නෙ. එහිදී මම සංකීර්ණ චරිතයක් නෙවෙයි. මට කාගෙන්වත් අයුතු යෝජනා ඇවිත් නැහැ. නමුත් ඉන්න විදිය සහ ලබා දෙන ප‍්‍රතිචාර අනුව තමයි යෝජනා එන්නෙ. සීමාව දැනගෙන කටයුතු කළාම ප‍්‍රශ්නයක් නැහැ.

 

අයේෂා, ඔබ ඔබ ගැන ආඩම්බර වන්නෙ?

පවුලේ කාගෙන්වත් කිසිම තල්ලූවක් නැතුව (කලාවට) මේ තැනට ආවේ හිතේ හයියෙන්. කොළඹ ඇවිත්, ඒ සමාජයේ ගැටිලා උපාධියකුත් කරගෙන නර්තන ආයතනයකුත් පවත්වාගෙන ආවේ හිතේ හයියෙන්. ඒ හයිය මට ලබා දුන්නෙ අපේ අම්මා. ඒ ශක්තියෙන් තමයි කොළඹ පය ගහගෙන මේ ගමන යන්නෙ.

 

රංගනයේ දී ඕනෑම චරිතයක් රඟපාන්න සූදානම් ද?

මම ප‍්‍රවීන ශිල්පිනියක නොවෙයි. ඒත්, මට විවිධ චරිත ලැබුණා. වෙනස් චරිතකළ හැකි වුණා. ඒ ගැන සතුටුයි.

 

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-06-07-ent-82   2017-06-07-ent-84 2017-06-07-ent-83