ඩ්‍රීම්ස් ස්ටාර් තරගයේ අවසන් විසි දෙනාට මම තේරිලා ඉන්නවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-12-11-ent-100

මෙවර දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තරගාවලියේ තරග වදින තරගකාරිනියක් තමයි කුෂිණි ප්‍රවින්ද්‍යා කියන්නේ. කුෂිණි මේ වනවිට මේ තරගාවලියේ අවසන් විසිදෙනා අතරට තේරී පත්වෙලා තිබෙනවා. සංගීතයෙන් ඉදිරියටම යෑමට බලාපොරොත්තු වන කුෂිණිට සාරවිට ඉඩක් වෙන් කරේ මෙහෙමයි.

 

ඔබ ගැන හඳුන්වා දුන්නොත්?2018-12-11-ent-103

මගේ නම කුෂිණි ප්‍රවින්ද්‍යා. මගේ වයස විසිතුනයි. මම සාමාන්‍ය පෙළ හැදෑරුවේ හොරණ අශෝක විද්‍යාලයෙන්. උසස් පෙළ හැදෑරුවේ නුගේගොඩ සුජාතා විද්‍යාලයෙන්. දැනට මම සංගීතය හදාරනවා.

 

වෘත්තීය විදිහට කරන්න බලාපොරොත්තු වෙන්නෙත් සංගීතයද?

ඔව්.

 

ඔබ දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් තරගකාරිනියක් නේද?

ඔව්. දැන් ඩ්‍රීම්ස් ස්ටාර් තරගයේ අවසන් විසි දෙනා අතරට තේරිලා ඉන්නවා.

 

කොහොමද ඩ්‍රීම්ස් ස්ටාර් තුළින් ලැබෙන අත්දැකීම්?

නදීක සර්, කීර්ති සර්, සමිතා මිස් ඇතුළු හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලා අපේ වැරදි පෙන්වා දෙනවා. එතකොට යාළුවෝ ගොඩාක් හමු වුණා. එයාලා එක්ක ලොකු ගමනක් යන්න ආසයි.

 

ඩ්‍රීම්ස් ස්ටාර් තරගය ජයග්‍රහණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

ඔව්. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි ගොඩාක් මහන්සි වෙලා පුහුණු වෙනවා. දැන් යන්නේ sms තරගවට. ඉතින් ප්‍රේක්ෂකයෝ අවශ්‍යයි. සමහරු උදව් වෙනවා.

 

ඩ්‍රීම්ස් ස්ටාර් තුළින් ඉවත් වෙන්න සිදු වුණොත් සංගීතයෙනුත් ඉවත් වෙනවද?

නැහැ. මම දිගටම සංගීතය කරන්න තමයි මගේ ආශාව සහ හීනය. ලංකාවේ හොඳ ගායිකාවක් වෙන්න ආසයි. හොඳ ජනප්‍රියත්වයක් තියෙන ගායිකාවක් වෙන්න ආසයි.

 

ඩ්‍රීම්ස් ස්ටාර් තුළ ඔබට තරගයක් තියෙනවාද තවත් තරගකරුවෙක් සමග?

එහෙම නැහැ. හැමෝම දක්ෂයි. එහෙම මානසිකත්වයක් අපිට නැහැ. හැමෝම සහෝදරයෝ වගේ තමයි ඉන්නේ. අපි එහෙම එක එක්කෙනාට තරගකාරීත්වයක් ගොඩ නගාගෙන නැහැ. සින්දුව හොඳට පුහුණු වෙලා ගායනා කරලා, අනිත් අයත් සමග සහයෝගයෙන් වැඩ කරන්න තමයි කැමතියි.

 

ඔබේම කියලා ගීත නිර්මාණය කරලා තියෙනවාද?

තවම නම් කරලා නැහැ. ඉදිරියේදී මගේම ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

ඩ්‍රීම්ස් ස්ටාර් තරගාවලියෙන් ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. සංගීතයෙන් ඉස්සරහටම යන්න තමයි හීන දකින්නේ.

 

අවසන් වශයෙන් ඔබේ ගමනට උදව් කළ පිරිස ගැන කිව්වොත්?

මුලින්ම අම්මා සහ ගෙදර අයව මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මගේ බාප්පා චතුර පෙරේරා. එයාව මතක් කරන්න ඕනේ. එයා තමයි ඩ්‍රීම්ස් ස්ටාර් එකේ කීබෝඩ් ප්ලේ කරන්නේ. එයත් මට ලොකු සහයක් ලබා දෙනවා. එතකොට මගේ නෑදෑයෝ සහ යාළුවෝ හැම දෙනාවම ආදරයෙන් මතක් කරනවා.

 

කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද

 

 2018-12-11-ent-101 2018-12-11-ent-102