ටෙලිනාට්‍ය දෙකකට ආරධනා ලැබිලා තියනවා
සිරස අවුරුදු කුමරිය, දෙරණ අවුරුදු කුමරිය, සියත මිස් ශ්‍රී ලංකා, දෙරණ මිස් ශ්‍රී ලංකා යන තරඟ සඳහා මුහුණ දී තම නිරූපණ ක්ෂේස්ත්‍රය ආරම්භ කර මේ වන විට නිරූපණ ක්ෂේස්ත්රයේ දිගු ගමනක් යන වගීෂා ඉෂාන්ති මෙලෙස "සාරවිට" සමඟ සම්බන්ද කර ගතිමු.
මේ දවස් වල Bridal Shoot වලට සහභාගි වෙනවා. ඉදිරියට වැඩ කටයුතු කිහිපයකටම අරාධනා ලැබිලා තියනවා. ඒ දේවල් වලට සහභාගි විමේ බලාපොරොත්තුවෙන් දැනට තියන වැඩ කටයුතු කරගෙන සැහැල්ලුවෙන් ඉන්නවා.
ඔබ මේ ක්ෂේස්ත්රයට සම්බන්ධ වෙන්නේ මොන කාලේද?
මුලින්ම මම 2016 සිරස අවුරුදු කුමරිය තරඟය සඳහා සහභාගි වුණා. ඊට පස්සේ 2017 දෙරණ අවුරුදු කුමරිය තරඟයට සහභාගි වෙල අවසන් 12 දෙනා අතරට සුදුසුකම් ලැබුවා. මේ කාලේ තමයි මගේ නිරූපණ ක්ෂේස්ත්රයට සම්බන්ද වෙන්නේ සහ මේ ගමනේ ආරම්භය.
ක්ෂේස්ත්‍රය පිළිබඳ මොකද හිතන්නේ?
හොඳයි. මම දකින්නේ තමන් නිවැරදිනම් තමන් හිතට අවංකව ක්ෂේස්ත්රයේ ඉන්නවනම් සුන්දරව යන්න පුළුවන් ගමනක්.
මේ වෙනකොට Music video වලට හෝ ටෙලි නාට්‍ය වලට සහභාගි වෙලා තියනවද?
දැනට Music video විඩියෝ හයකට පමණ සහභාගි වෙලා තියනවා. ඒ අතරින් "ඒ මතකයේ", "අහස් ගැබ", "තාත්තේ නුඹේ" යන Music video ප්‍රචාරය වෙනවා. ඉදිරියේදි අනෙක් Music video විඩියෝ තුනත් දැක ගන්නට හැකි වෙයි. මීට අමතරව ටෙලිනාට්‍ය දෙකකටත් ආරධනා ලැබිලා තියනවා.
අවසානයට ඔයාට මේ ගමන එන්න උදව් කළ අය ගැන මතක් කලොත්?
මුලින්ම මතක් කරන්න ඕනේ මගේ අම්මව. අම්මා හැම දේකටම මං ලඟින්ම ඉන්නවා. ඒ වගේම මාත් එක්ක හැමදේකටම යන්න එන්නේ මගේ අම්මා. අම්මව මේ වෙලාවේ ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ මගේ මුල්ම Model Shoot එක කරපු ඒ සඳහා උදව් කරපු පතිරණ, හිරාන්, රමේෂ් යන අයව මතක් කරන්න ඕනේ. මීට අමතරව සමීර වීරසිංහ අයියා, චන්දන හේවා පතිරණ, ප්‍රියන්ත ලලිත්, සිතාරා මිස් ඇතුළු මට මේ තැනට එන්න උදව් කළ හැමෝටම මං ස්තූතිවන්ත වෙනවා.
සටහන් සහ ඡායාරූප - ඉෂාන් සංජීව