ටෙලි නිළියට වඩා සිනමා නිළියට මම කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-01-26-ent-132

පළමු චිත‍්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සම්මානයක් ලැබේ නම්? එය ඇත්තටම සතුටට වඩා ලොකු ධෛර්යවත් කරවීමකි. ප‍්‍රවේගය චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය රඟපාමින් සිනමාවට පැමිණි උදාරි පෙරේරා ඒ වාසනාවන්තිය වූවාය. එලෙසින් ඇයට ප‍්‍රථම සම්මානය හිමි වූයේ පසුගියදා පැවැති ”හිරු ගෝල්ඩන් එවෝඞ්ස්” සම්මාන ප‍්‍රදානයේදී ජනප‍්‍රිය නිළියට හිමි සම්මානයයි.

ජනප‍්‍රියම නිළියට හිමි ඒ සම්මානය ලැබීමත් සමග උදාරි මේ වනවිට කාර්යබහුලව සිටින බව කියන්න පුළුවනි. මොන තරම් කාර්යබහුල වුව ද ඇය ගෙදර රැුඳී සිටින්නටත් හේතුවක් තිබෙනවා. උදාරිගේ මුළු ලෝකයම තියෙන්නේ එතැනලූ. අද ”සඳැල්ල” කතා බහට උදාරි ඒ ගැනත් කියාවි.

 

උදාරි, මේ දිනවල වඩා කාර්යබහුලයි නේද?

2017-01-26-ent-129බෙනට් රත්නායක මහතාගේ අලූත්ම චිත‍්‍රපටය වන ”නෙලා” චිත‍්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වෙනවා. එය මගේ දෙවැනි චිත‍්‍රපටයයි. ඊට අමතරව මේ වසරේදී තවත් තිර පිටපත් දෙකක්ම ලැබිලා තියෙන්නේ.

 

පළමු චිත‍්‍රපටයෙ රඟපෑම නිසාම සම්මාන උළෙලකදී ”ජනප‍්‍රියම නිළිය” වීම ගැන හිතන්නේ කොහොම ද? එවැනි සම්මානයක් ලැබේවි කියලා හිතුව ද?

ගෙත් එක්ක දිනක්ෂි, ශලනි ඒ සම්මානය සඳහා වූ නාමයන් අතර සිටියා. ඒ දෙදෙනා ටෙලි තරු ලෙස මුළු රටම දන්නා තාරකාවියන් දෙදෙනෙක්. ඉතින් මට මේ අතරින් ජනප‍්‍රියම සම්මානය ලැබේවි කියලා නම් හිතුවේ නැහැ. නමුත් ඒ කාල සීමාවේදි මා රඟපෑ ප‍්‍රවේගය වඩා ජනප‍්‍රිය වී තිබුණා. ඒ නිසා සිනමාවේ දායකත්වය අතින් මට අවස්ථාවක් තිබුණා.

 

මේ තරම් කෙටි කාලයකදී ”ජනප‍්‍රිය සම්මානය” ලැබීමෙන් පසුව ඔබට දැණුන හැඟුණ දේ මොනව ද?

ලොකු සතුටක් ඇති වුණේ. මිනිසුන්ගේ ආදරය මඟ තොටේදි ලැබෙන්න පටන් ගත්තාම, ජීවිතයට ලොකු වටිනාකමක් ලැබුණ බව දැනුණා. ඒ නිසා ඒ ආදරය අරුත්බර කර ගන්න විදියට වඩ වඩාත් හොඳින් නිර්මාණවලට දායක වෙන්න ඕනෑය කියලා හිතුවා. ඒ දරාගත නොහැකි සතුට නිසාම තමයි තව තවත් නිර්මාණ කෙරෙහි හිත ගියේ.

 

ඇයි ටෙලි නාට්‍යවල රඟ නොපාන්නේ?

ප‍්‍රධානම හේතුව තමයි කාලය පිළිබඳ ප‍්‍රශ්නය. පුතාට තවම අවුරුදු දෙකයි. ටෙලි නාට්‍යවලට ගියාම එක දිගට ඒ වෙනුවෙන් රැුඳී සිටින්න වෙනවා. තවම මට ඒ දේ කරන්න බැහැ. මගේ වැඩිපුර අවධානය තියනේනේ බබා ගැනයි. ඒ හැරත් ”සිනමා නිළිය” කියන අංශයට මම වඩාත් කැමතියි. නමුත් ටෙලි තිරයේ හොඳ දෙයක් ලැබුණොත් පසු කාලයකදී ඒ ගැන සොයා බලනවා.

 

ඒ කියන්නෙ දැන් හොඳ ටෙලි නාට්‍ය නැහැ කියල ද?

තියෙනවා. නමුත් මවක ලෙස මට ඊට කාර්යබහුල වෙන්න බැහැ.

 

දැන් ”ගුවන් සේවිකා” රැුකියාව කරන්නේ නැද්ද?

ජ්‍යෙෂ්ඨ ගුවන් සේවිකාවක ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යෙදී සිටියදී එයින් ඉවත් වුණා. නමුත් මගේ ජීවිතයේ අදටත් මම ඒ වෘත්තියට ගරු කරනවා. ජීවිතයේ ඒ නිසා ඉගෙන ගත්ත දේ සහ අත්දැකීම් බොහෝමයි. ලෝකය ගැන ලද ඇත්දැකීම් බොහෝමයි. අද එතැන නැතත්, අදටත් මම මගේ රටේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට හරිම ආදරෙයි.

 

අද වෙන මොනව ද කරන්නේ?

”ගර්ල්ස් ඔන්ලි බයි උදාරි පෙරේරා” නමින් සැලෝන් එකක් තලවතුගොඩ ප‍්‍රදේශයේ පවත්වාගෙන යනවා.

 

එහිදී රූපලාවන්‍ය කටයුතු කරන්නේ ඔබම ද?

විශේෂයෙන්ම කොණ්ඩා විලාසිතා සහ රූපලාවන්‍ය කටයුතු ගැන සොයා බලා කැප වෙනවා. ඇත්තටම ඒ අංශය මට නුහුරු දෙයක් නෙවෙයි. අවුරුදු ගණනක්ම ශ්‍රී ලංකන් සේවයේ යෙදී සිටියදී අපට රූපලාවන්‍ය සහ හැඩට සිටීම ගැන අත්දැකීම් තිබුණා. ගුවන් සේවිකාවක් කියන්නේ ඇත්තටම ජීවිතයේ ලස්සනට ජීවත් වීමට හුරු කරවන ලස්සන රස්සාවක්. පසුව මම රූපලාවන්‍යය ගැන හැදෑරුවා. ඉන් පසුව තමයි මේ ව්‍යාපාරික කටයුත්ත පටන් ගත්තේ. සැමියා මට මේ සියලූ දේ වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබා දුන්නා.

 

නිළිකම, ව්‍යපාරය සහ ගෙදර කටයුතු මේ ඔක්කෝම කරන්න වෙලාවක් තියෙනව ද?

මෙහෙමයි, මම ගෙදරදි ෆෝන් එකේ එල්ලිලා ඉන්නෙවත්, වෙනත් අමතර වැඩවත් කරන්නේ නැහැ. ගෙදරට දරුවාට ඉටු විය යුතු උපරිම දේ වෙනුවෙන් කටයුතු කරනවා. ජාතික ගුවන් සේවයේ කටයුතු කිරීම නිසා මට කාලය කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් ලැබුණා. මට ගෙදර උයන පිහන දේත් හොඳින් කරන්න පුළුවනි.

 

ඉතා රසට උයන්න පුළුවනිලූ නේද?

ඇත්තෙන්ම ඔව්. අපට හුරු කෑම වගේම, ඔය එක එක දේ මුසු කරලා අපූරු කෑම හදන්න මට පුළුවනි. ඒවාට විශේෂ නමක් නම් නැහැ.

 

ඒ කියන්නේ නමක් නැති කෑමක් හදාගන්න නම්, උදාරි අමතන්න කියල ද?

අනේ මන්දා. ඒවා මේවා දාලා හරි රසට එක එක වෙලාවට කෑම හදනවා.

 

යාළුවෝ ඔබට කියන්නේ ”දීපිකා පදුකෝනි” කියලා නේද?

මුහුණෙ වල ගැසුණු පෙනුම නිසා සමහර යාළුවෝ එහෙම කියනවා.

 

”ඔබ ගාව මම ඉන්නෙමී, සුසුමක් වගේ යා ෙවිවී” මේ ගීතය මේ දිනවල නිතරම අහන්නේ ඇයි?

හරි සුන්දර ගීතයක්. ගායනා කිරීමේ රිද්මයත් සරලයි. ඉතින් මම ඒකට ආසයි. මගේ පුංචි පුතා ඉතින් මම මුමුණන ගීත අහගෙන ඉන්නවා.

 

උදාරි මොන වගේ චරිතයක් කියල ද ක්ෂේත‍්‍රයේ අය කියන්නේ?

හැඟීම් ප‍්‍රකාශ කිරීමේ මුහුණක් තියෙන නිසා එයින් ප‍්‍රයෝජන ගෙන හොඳ චරිත තෝරා ගන්න කියලා තමයි කියන්නේ.

 

හැඩගැන්වීම ” Suli”

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

2017-01-26-ent-131
2017-01-26-ent-130
2017-01-26-ent-128
2017-01-26-ent-127
2017-01-26-ent-126