ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නැහැ
වෙළඳ දැන්වීම් හරහා ජනප්‍රිය වුණු නිරූපණ ශිල්පිනියක් තමයි සඳූ කියන්නේ. දැනට පෞද්ගලික අංශයේ රැකියාවක් කරන සඳූ ඒ අතරතුර තමයි නිරූපණය කරන්නේ. ක්ෂේත්රයෙන් ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙන සඳූ සාරවිටට හමුවුණේ මේ විදිහට. ඔයා ගැන විස්තර කළොත්?
මගේ නම සඳූ සෙනෙවිරත්න. මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. ඒ අතරතුර තමයි නිරූපණ වැඩකටයුතු කරන්නේ.
ක්ෂේත්රයට ඇවිල්ලා නම් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. මුලින්ම සම්බන්ධ වුණේ ඉන්දීය චිත්‍රපටයකට. ඒක ලංකාවේ නම් තිරගත වුණේ නැහැ. ෆොටෝෂූට්, වෙළඳ දැන්වීම් වගේ දේවල් කිහිපයකට දායක වෙලා තියෙනවා.
රංගනයට එකතු වෙන්න අවස්ථාවන් ලැබිලා නැද්ද?
නැහැ. මට ටෙලි නාට්‍ය නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් නැහැ.
දායක වුණු වෙළඳ දැන්වීම් ගැන කිව්වොත්?
BOC, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඇතුළු වෙළඳ දැන්වීම් කිහිපයකටම දායක වෙලා තියෙනවා.
නවක ශිල්පිනියකට අද ක්ෂේත්රය හොඳයිද?
අපි ඕනෑම තැනක හැසිරෙන විදිහ අනුව තමයි ඒක තීරණය කරන්න පුළුවන්. අපි අනිත් අයත් එක්ක හොඳින් ගනුදෙනු කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඕනම නරක තැනක වුණත් හොඳින් ඉන්න පුළුවන්.
ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා තමයි හැමදේකටම පස්සෙන් හෙවනැල්ල වගේ ඉන්නේ.
රැකියාව සමග නිරූපණය සමබරව කරගන්නේ කොහොමද?
නිවාඩු වෙලාවල් යොදාගෙන දෙපැත්තම සමබරව කරගෙන යනවා. මම පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඩිප්ලෝමා එකක් හදාරද්දිත් ඒ දේවලුයි නිරූපණ වැඩයි දෙකම සමබරව කරගෙන ගියා. ඒ නිසා රැකියාවත් සමග නිරූපණය සමබරව ගෙන යන්න පුළුවන්.
විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?
මගේ පවුලේ අය තමයි හැමදේටම ලගින් ඉන්නේ. ඉතින් එයාලයි, මට වචනයකින් හරි උදව් කරපු හැමෝමවයි මතක් කරනවා.
කැළුම් දේවින්ද