ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න ලැබුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200602nipuni-01

නවක නිරූපණ ශිල්පිනියක් වන නිපුනිව මෙවර සාරවිට කතාබහට එකතු කරගන්න සිතුවේ ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් දිගු ගමනක් යෑමට බලාපොරොත්තුවෙන් සිටින නිසයි. ක්ෂේත්‍රයට පිවිස ඉතා කෙටි කලකින් පුංචි තිරය හැඩ කරන්නටද නිපුනිට හැකියාව ලැබෙනවා. නිපුනි සාරවිටත් එක්ක එකතු වු‍ණේ මෙහෙමයි.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම නිපුනි ප්‍රමෝදා. මගේ වයස 21යි. මගේ පදිංචිය නුවර. මම නිරූපණ ශිල්පිනියක් විදිහට වැඩ කරනවා.

නිරූපණයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

බ්‍රයිඩ්ල් මොඩ්ලින් හරහා තමයි මම නිරූපණයට එන්නේ. දැනට මාස කිහිපයකට කලින් තමයි ෆීල්ඩ් එකට සම්බන්ධ වෙන්නෙත්.

20200602nipuni-04

දායක වෙලා තියෙන නිර්මාණ මොනවාද?

නිරූපණ ශිල්පිනියක් විදිහට බ්‍රයිඩ්ල් ෂූට් රැසකටම දායක වෙන්න ලැබුණා. ඒ වගේම ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න ලැබුණා. ඒක තවම විකාශය වු‍ණේ නැහැ. තව හිරු නාලිකාවේ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබුණා. නමුත් කොරොනා වයිරසය නිසා ඒ වැඩ කල් ගියා.

ෆීල්ඩ් එකේ වැඩ කරපු කාලේදී ලැබුණු අත්දැකීම් ගැන කියමුද?

ඇත්තටම හොඳයි. ගොඩක් හොඳ සහයෝගයක් හැමෝගෙන්ම ලැබුණා. ඒ වගේම බොහෝ දේ ඉගෙනගත්තා. අපි සාමාන්‍යයෙන් ආඩම්බරයි කියලා හිතාගෙන හිටපු ශිල්පීන් බොහෝ දෙනෙක් සුහදව කතා කළා. උදව් කළා. ඔවුන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා.

පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය කොහොමද?

තාත්තා නම් මුලදී ලොකු කැමැත්තක් දැක්වූයේ නැහැ. ඒත් අම්මා නම් මුල ඉඳලාම ගොඩක් උදව් කළා. දැන් නම් තාත්තාගෙනුත් කැමැත්තක් තිබෙනවා.

නිරූපණයට අමතරව මොනවාද කරන්නේ?

මම පෙර පාසල් ගුරුවරියක් වීමේ බලාපොරොත්තුවෙන් ඒ පිළිබඳව පාඨමාලාවක් හදාරනවා.

ඉගෙනගන්න ගමන් වැඩ කරන්නේ කොහොමද?

මම ෂූට් බාරගන්නේ සති අන්තයේ දවස්වල. ඉතින් ඒ නිසා සමබරව දෙකම කරගෙන යන්න පුළුවන්. මේ දවස්වල නම් මොකුත් නැහැනේ.

යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය කොහොමද?

ඇත්තටම යාළුවොයි, ගමේ අයගෙනුයි හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ෆොටෝෂූට් දැක්කාම ඒ ගැන කතා කරනවා.

විශේෂයෙන් මතක් කළ යුතු පිරිසක් ඉන්නවාද?

ඔව්. මුලින්ම මගේ ගෙදර අයව මතක් කරන්න ඕනේ. එතකොට සැලෝන් නිලූ, සැලෝන් වින්ඩි කාර්යමණ්ඩලයත් මතක් කරනවා. ඒ වගේම මට ලොකු සහයෝගයක් ලබාදෙන විරාජ් රාජපක්ෂ ඡායාරූප ශිල්පියාවත් මතක් කරන්න ඕනේ.

කැළුම් දේවින්ද

20200602nipuni-0320200602nipuni-02  20200602nipuni-05 20200602nipuni-06