ටෙලි තිරයට පෑයූ ඇතුගල්පුර සුරූපිණිය
ඩිස්නි රාජපක්ෂ වන මේ සුරූපිනිය මියුසික් වීඩියෝ කලාවට මෙන්ම දැන්වීම් නිරූපණ ක්ෂේත්රයට සහ ප්‍රාසාංගික නර්තන කලාවට අමුත්තියක නොවෙයි. 2014 සියත මිස් ශ්‍රී ලංකා තරගයේදී මිස් ටැලන්ට් මෙන්ම ස්පෝර්ට්ස් ඇන්ඞ් ෆිට්නස් අංශයෙන් උපකිරුළ හිමිකර ගත්තේ මේ ඩිස්නිය. වත්මනෙහි ඇය ටෙලිනාට්‍ය කලාවට පිවිස සිටින්නීය. සරත් ධර්මසිරිගේ ”සුළඟ ඔබ ලූහු බඳී” ඇයගේ ටෙලිනාට්‍ය සම්ප්‍රාප්තිය වෙයි. එය විකාශය වීමට නියමිතව තිබියදී මේ දිනවල ඇය දායක වන්නේ තුෂාරි අබේසේකර නිර්මාණවේදිනියගේ පත්තිනි ටෙලි මාලාව වෙනුවෙනි. පත්තිනි ටෙලි මාලාවේ මාධිනී හෙවත් නෘත්‍ය රාජිනිය වී සිටින සුරූපී ඩිස්නි සඳැල්ලට ආ මොහොතකි මේ.
ඩිස්නි මොකක්ද හැබෑට ඒ නාමයෙහි තේරුම?
මමත් තවම දන්නේ නැහැ. අපේ අම්මගේ හොඳම යාළුවෙක් හිටියලූ. එයාගේ නම තමයි අම්මා මට දාලා තියෙන්නේ. හැබැයි තවම හේතුව කිව්වේ නැහැ.
පවුලේ විස්තර එහෙම?
අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි.
ඩිස්නි කොහොමද මේ ක්ෂේත්රයෙට ආවේ?
පාසල් ගියේ මුලින්ම කුරුණෑගල මලියදේව බාලිකාවට. පසුව කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් එකට. පාසල් කාලයේ සිටම කලා අංශයේ වැඩවලට දායක වුණා. සමස්ත ලංකා ප්‍රථම ස්ථානය (මුද්‍රා නාට්‍ය අංශයෙන්) හතර වතාවක්ම වගේ ජයග්‍රහණය කළා. පසුව රාජ්‍ය නාට්‍ය උළෙලේදී සම්මාන ලැබුවා.
කලා අංශයේ නිරතව සිටියත්, ඉගෙන ගත්තේ නම් වෛද්‍යවරියක වීමේ අදහසින්. ජීව විද්‍යා අංශයෙන් තමයි ඉගෙන ගත්තේ. මේ විදියට යන අතරවාරයේදී 2014 මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වුණා. එතැනින් පටන් ගත්ත ගමන තමයි රඟපෑම දක්වා ඉදිරියට ආවේ.
අද ඔබ ගැන කතා වන්නේ?
ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනවා. මගේ වෘත්තිය අද ඒ අංශයයි. ශ්‍රී ලංකා රූ රැජින තරගයට ඒමටත් පෙර සිට චන්න විජයවර්ධන සර් යටතේ නර්තනය හදාරමින්, රිදී රැුයක්, සන්නාලියනේ වැනි ප්‍රාසාංගික ඉසව් හරහා මුලින්ම අවස්ථා ලැබුණා. අදටත් මම චන්න සර්ගේ ශිෂ්‍යාවක්.
කොහොමද එතකොට රඟපෑමට එන්නේ?
සරත් ධර්මසිරි මහතා යටතේ සුළඟ ඔබ ලූහු බඳී නාට්‍යයේ මුලින්ම රඟපෑමට අවස්ථාව ලැබුණා. එහි රඟපෑම හරියට මට දැනුණේ රංග පාසලකට ගියා වගේ වූ හැඟීමක්. මේ නාට්‍ය විකාශය වන තෙක් දැන් මම ආසාවෙන් බලා සිටිනවා.
එතකොට ‘පත්තිනි’ නාට්‍යය?
එය දෙවැනියට කළ නාට්‍යයයි. තුෂාරි අබේසේකර මහත්මියට ගෞරවය හිමි වෙන්න ඕනෑ. පත්තිනි නාට්‍යයේ මම රඟපාන්නේ ‘මාධවී’ කියන චරිතයයි. එනම් නෘත්‍ය රුජිනිය කියන චරිතයයි. ඒක මම බොහෝම ආසාවෙන් කළ චරිතයක්. මොකද නර්තනයට මම ආසා කරන්නේ කුඩා කාලයේ සිටමයි. ඒක මගේ ආත්මය වගෙයි. ඉතින් ‘මාධවි’ගේ චරිතය මගේ ජීවිතය වගේ වුණා.
ඒ කියන්නේ ඔබ හොඳ නැට්ටුක්කාරියක්?
ඇත්තටම මම නර්තන ශිල්පිනියක් කියලා හඳුන්වනවාට ආසයි. උඩරට, භරත, බැලේ ආදී නර්තන අංශ චන්න සර් යටතේ හදාරා තියෙනවා. තවමත් සර් යටතේ නර්තනය ප්‍රගුණ කරනවා.
වෙළඳ දැන්වීම්වලටත් පෙනී සිටියා නේද?
තෝරා බේරාගත් කීපයකට පෙනී සිටියා. මියුසික් වීඩියෝ කීපයකටත් පෙනී සිටියා.
ඩිස්නිගේ කල්පනාව දිගටම රඟපාන්නද?
රඟපෑම කියලා ලැබෙන ලැබෙන චරිත හෝ ලැබෙන ලැබෙන දැන්වීම් බාරගන්න අදහසක් නැහැ. කළ හැකි හොඳ දේ විතරක් බාර ගැනීම මගේ අදහසයි. ඒ හැරත් රඟපෑම කියන්නේ හරිම පුළුල් විෂයක්. සරත් ධර්මසිරි සර් යටතේ බොහෝ දේ ඉගෙන ගන්න ලැබුණා. දැන් මම රඟපෑම ගැන හදාරන්න පෙළැඹෙනවා. නමුත් මගේ විශේෂ දායකත්වය දෙන්නේ මම පවත්වාගෙන යන ජාත්‍යන්තර පාසලේ වැඩවලටයි. මුලින්ම එය පත්වාගෙන ගියේ අපේ අම්මා. දැන් මම එහි කටයුතු බාරගෙන හොඳින් කරගෙන යනවා.
ජනප්‍රිය වෙන්නත් ආසයි?
ඔව්. ඒක නැහැ කිව්වොත් බොරුවක්නේ. හැබැයි ජනප්‍රියත්වය වෙනුවෙන් කියලා ඕනෑම දෙයක් කරන්න සූදානම් නැහැ. මිනිසුන්ගේ ආදරය ලබන්න ආසයි.
මේ කලා ක්ෂේත්රය හොඳයිද?
මේ වන තෙක් කලා ක්ෂේත්රයේ මට නම් නපුරක් වෙලා නැහැ. අපි හොඳ නම් අපි හරි නම් මේ ක්ෂේත්රය තමයි හොඳම තැන. මගේ පෙර පිනක්ද මන්දා මට ලැබන හමුවන සෑම කලා ශිල්පිනියකම අතිශය ගෞරවනීයයි. ඒ වගේම හරිම හොඳයි.
ඉතිහාස කතා කියවන්න හරි ආසලූ නේද?
ඇත්තෙන්ම ඔව්. අන්තිමට කියෙව්වේ විජය කුවේණි සහ පත්තිනි කතා පොත් දෙකයි.
ක්‍රීඩා සහ ගායනයටත් දක්ෂලූ නේද?
ක්‍රීඩාවට බොහෝ දක්ෂ වුණා. ගායනයත් ප්‍රගුණ කරමින් සිටින්නේ. පැරණි අපූරු සිංහල ගීතවලට වගේම හින්දි ගීතවලටත් හරිම ආසයි.
ඇත්තටම ඩිස්නිට බැරි මොනවද?
ඇත්තටම එක් දෙයකට හැර බොහෝ දේට දක්ෂ වෙන්න මම ආසයි. ඉවුම්, පිහුම්, මැහුම්, ගෙතුම් සහ ගෙදරදොර වැඩටත් දක්ෂ වෙන්නම ඕනෑ.
මේ ඔක්කොම අත්හැරලා ගෙදර බිරිඳ ගෘහණිය වෙන්න වුණොත්?
ඒක වීරකමක් හැටියට මම නම් දකින්නේ නැහැ. මාව තේරුම් ගෙන විවාහ වන කෙනා මට එහෙම තහනම් දාන එකකුත් නැහැ. කොහොම වුණත් ගෙදර සතුටින් ගත කළ යුතුමයි. හොඳ මවකුත්, හොඳ බිරිදකුත්, හොඳ ගෘහණියකුත් වගේම සමාජයට අරුත්බර කාන්තාවක වීම තමයි අරමුණ.
සටහන/ඡායාරූප සඳුන් ගමගේ