‘ටැටූ’ එක මම ඇන්දේ ගෙදර අයට හොරෙන්
මේ දිනවලද විකාශය වෙන ටෙලිනාට්‍ය කිහිපයක දකින කාවින්ද්‍යා දුල්ෂානි, ඒ හරහා ඉහළ රසික ප්‍රතිචාර අත්කර ගනිමින් සිටින්නීය. වර්තමානයේ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් වන කාවින්ද්‍යාට මෙවර අපි වෙන්සම විදිහේ ප්‍රශ්න කිහිපයක් යොමු කළාඒ ‘ටැටූ’ විල්සිතා පිළිබඳවය
‘ටැටූ’ විලාසිතාවක් කරන්න හිතුවේ ඇයි?
තෙරේන කාලෙ ඉඳලා ‘ටැටූ’ එකක් අඳින්න ආසාවෙන් හිටියා. ඒත්, ගෙදර අයගේ බලපෑම් මත ඇන්ඳේ නැහැ. මේ ඇඳපු ‘ටැටූ’ එකත් ඇන්ඳේ මෑතකදී. හරියටම මාස දහයක් විතර ඇති මේක ඇඳලා.
පවුලේ අයගෙන් ලැබුණේ මොන වගේ ප්රතිචාරයක්ද?
ප්‍රතිචාර කෙසේ වෙතත්, හොඳටම බැණුම් නම් ඇහුවා. ගෙදර කාටත් හොරෙන් තමයි යාළුවෙක් එක්ක ගිහින් තමයි මේ ‘ටැටූ’ එක ඇන්ඳේ. ඇන්ඳලා ගෙදර අයටවත් පෙන්නුවේ නැහැ. අම්මට තමයි මුලින්ම ‘ටැටූ’ එක අහුවුණේ.
දැනට ‘ටැටූ’ කීයක් ඇඳලා තියෙනවාද?
‘ටැටූ’ දෙකක් ඇඳලා තියෙනවා. දකුණු අතේ මැදට වෙන්න ‘හදගැස්ම’ ඇන්ඳා. බෙල්ලේ පිටිපස්සේ නිදහසේ ඉගිල්ලෙන කුරුල්ලෝ ටිකක් ඇන්ඳා.
ආයෙත් ‘ටැටූ’ එකක් කරන්න අදහසක් නැද්ද?
අපෝ නැහැ. මේ කරපු ‘ටැටූ’ දෙකත් මකාගන්න බැරිව ඉන්නේ. ආසාවට කළාට දැන් නම් මේක කරපු මෝඩකම කියලා හිතුණා.
වෘත්තියත් එක්ක මේ වගේ විලාසිතාවක් කරන්න බැහැ නේද?
ඇත්තටම ඔව්. ඒ කාරණය නම් දැන් ගොඩක් මට බලපාලා තියෙනවා. නමුත්, බෙල්ලේ පිටිපස්සේ, අතේ කරපු නිසා මේක ලොකුවටම පෙන්නේ නැහැ කාටවත්.
‘ටැටූ’ එකක් කරලා බලාපොරොත්තු වෙන්නේ මොනවද?
අද නම් මේක විලාසිතාවක් විදිහට කවුරුත් කරනවා. නමුත්, මම එහෙම විලාසිතාවකට නෙමෙයි කළේ. මගේ තියෙන ආසාවට. ‘ටැටූ’ එකක් ඇඳලා බලන්න ඕනා කියලා හිතුණ නිසා කළා මේක.
යාළුවෝ එක්ක මේ ඇඳපු ‘ටැටූ’ එක ගැන කතා කළාද?
ඔව්. මගේ ගොඩක් යාළුවෝ ‘ටැටූ’ ඇඳලා තියෙනවා. ඒ නිසා තමයි ‘ටැටූ’ එකක් අඳිනවා කියන ආසාව මටත් ආවේ. යාළුවන්ගෙන් විස්තර අහලා හොඳ තැනකින් තමයි මේ ‘ටැටූ’ එකත් මම අන්ඳ ගත්තේ.