ජීවිතේ කියන්නේ සල්ලිම නෙවෙයි
නර්තන ශිල්පිනියක් ලෙස ක්ෂෞත්‍රයට අවතිර්ණ වූ නෙතු ක්‍රිස්ටිනා නිරූපිකාවක් ලෙසද කටයුතු කරමින් සිටියි. ඉදිරියේදී වෙළෙඳ දැන්වීම් හරහාද නිතර දකින්නට ලැබෙන ඇය රංගනයටද එක්වීමේ කැමැත්තෙන් පසුවේ.
මම පුංචි කාලේ ඉඳලා කැමති නර්තනයට. දැනට වසර තුනක් විතර වෙනවා මම වෘත්තිය මට්ටමේ නර්තන ශිල්පිනියක් වෙලා. දැනට මම %රංගනී^ කියන නර්තන කණ්ඩායම සමගත් තනිවමත් නර්තන වැඩවලට දායක වෙනවා.
නිරූපිකාවක් විදිහටත් ඔබ කටයුතු කරනවා?
හැබැයි හැම වැඩකටම වගේ සහභාගි වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට වැඩ තෝරගෙන භාරගන්නේ. නර්තනයට වගේම නිරූපණයටත් මම ගොඩක් කැමැතියි ඉදිරියට යන්න පුළුවන් වෘත්තියක් මම තෝර ගෙන වැඩිපුර ඒ පැත්තට නැඹුරු වෙනවා.
රඟපාන්න ආරාධනාවක් ලැබුණොත්?
හොඳ නිර්මාණයක් නම් අනිවාර්යයෙන්ම භාර ගන්නවා. නමුත්, මේ ක්ෂේත්‍ර මට අලුත්. ඒ හින්දා පරිස්සමින් තමයි වැඩ කරන්නේ. හැම දෙයක්ම තෝරගෙන බේරගෙන තමයි රඟපාන්නේ. සමහර විට රඟපාන්න ලැබෙන ආරාධනාත් එහෙම වෙයි.
සරාගි දර්ශනයක් ලැබුණොත් භාර ගන්නවාද?
ඒක ගැන පොඩ්ඩක් හිතන්න අවශ්‍යයි. මොකද, ඒ වගේ දෙයක් භාරගනිද්ද මම ගොඩක්ම හිතන්න අවශ්‍යයි මං ගැන. මොකද, ජීවිතේ කියන්නේ සල්ලි නෙමෙයි. අනික ඒ දේවල් කරා කියලා ක්ලාත්මක වෙන්නේ නැ මම හිතන විදිහට. ලස්සන වැඩක් කරලා ලස්සන නමක් තියාගෙන යන්න තමයි මම වැඩියෙන්ම කැමති.
මොන ක්ෂේත්‍රයට සම්බන්ධ වුණත් අලුත් අයට බලපැම් තියෙනවා?
ඔව්, අනිවාර්යයෙන්ම. එහෙම දේවල් තිබුණා කියලා අපේ ගමන යන්නේ නැතුය ඉන්න බැහැ. තමන් දැන ගන්න ඕනි හොඳ නරක මොකක්ද කියලා තෝර ගෙන ඒ පැත්තට යන්න. බලපෑම් කියන දේ කටාත් තියෙන දෙයක්. ඒ දේවල් මඟ ඇරලා හොඳ විදිහට ඉදිරියට යන්න ඕනා.
එහෙම බලපෑම්වලට මුහුණ දීලා තියෙනවාද?
දැනට නම් නැහැ.
ඉදිරි ඉලක්ක මොනවද?
ඉදිරි වැඩ ගැන කිව්වොත් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නර්තනය පැත්තෙන් යන්න පුළුවන් ඉහළම තැනට යන්න. අනිත් එක මට ඉන්නේ අම්මායි, අයියා දෙන්නා. විශේෂයෙන්ම අම්මාව මම බලාගන්න ඕනා. හොඳ තැනකට ඇවිත් එයාලට මගේ දක්ෂතාවය පෙන්වන්න ඕනා. මගේ මල්ලි ෂනු ප්‍රනාන්ඳුවත් මේ මොහොතේදී මතක් කරන්න ඕනා.
බුද්ධික සේනාධීර