ජීවත්වෙන්න ඕනෑ ආදරණීය විදිහට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-09-19-ent-563

‘‘මෙයා උපදින කොට හරිම ලස්සනයි, ඇත්තම කිව්වොත් පුදුම ලස්සනක්. නර්ස්ලා හැමෝම වට වෙලා මෙයා දිහා බලාගෙන හිටියා. අනේ හරිම ලස්සන දරුවෙක් කියලා තමයි හැමෝම කිව්වෙ.’’ ‘‘රුමලි’’ ගැන මතකය අවදි කරමින් ඇයගේ මව පවසන්නේ එලෙසිනි. රුවින් මලක් මෙන් ලස්සන වූ නිසා මව ඇයට රුමලි ලෙස නම් තබා තිබේ. කවුද මේ ලස්සන රුවැත්තිය? ඇය අපට හමුවන්නේ ‘‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’’ නාට්‍යයේ ‘‘ටීෂා’’ නමැති චරිතය සමගය. එනිසා අද බොහෝ පේ‍්‍රක්‍ෂකයින්ට සොඳුරු රුවක් වී සිටින ‘‘රුමලි’’ සඳැල්ල හැඩ කළේ මෙලෙසිනි.

 

සම්පූර්ණ නම කිව්වොත්?

ගමගේ දොන් රුමලි.

 

පවුලේ විස්තරයක් කියමු?

අම්මා තාත්තයි, මමයි, නංගියි මල්ලියි. අම්ම? ගෘහණියක්. තාත්තා ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ නංගි ගුවන් සේවිකාවක ලෙස සේවය කරනවා. මල්ලි තවම ඉගෙන ගන්නවා.2019-09-19-ent-561

 

‘‘පාවෙලා වළාකුළේ ඒවි ද අම්මා’’ ටීෂාගෙ චරිතය ලැබුණෙ කොහොම ද?

දෙරණ හරහා තමයි මට ඒ අවස්ථාව ලැබුණෙ. එහි චරිත සඳහා තෝරා ගන්නා පරීක්‍ෂණයට මාත් සහභාගී වුණා. මගෙ අඳුරන අක්කා කෙනෙක් තමයි ඒ ගැන මට කිව්වේ. එයාගෙ නම සුබෝදා.

 

ඊට පෙර රඟපාලා නැද්ද?

ඊට කලින් චිත‍්‍රපටයක රඟපෑවා. තවම එය තිරගත වුණේ නැහැ. මුලින්ම ක්ෂේත‍්‍රයට ආවේ වෙළඳනාම ප‍්‍රවර්ධන සහ රූපවාහිනී දැන්වීම් නිරූපිකාවක මෙන්ම, වෙළඳ දැන්වීම් නිරූපණය සහ බ‍්‍රයිඩල් නිරූපණයෙන්. 2018 දී රූ රැුජිණ තරගයකටත් ඉදිරිපත් වුණා.

 

ඉගෙන ගත්තෙ මොන අංශයෙන්ද?

ලන්ඩන් ්රැුක්‍ කරලා නීති අංශයට ආවා. හැබැයි පොඩි කාලයේ ඉඳලාම මට තිබුණෙ කලාවට නැඹුරු වූ හිතක්. නිරූපණ අංශයට ආවේ පෞරුෂ වර්ධනයට. එයින් ලබාගත හැකි බොහෝ දේ තිබෙන නිසයි. රංගනයට අවශ්‍ය මූලික අත්තිවාරම නිරූපණ ක්ෂේත‍්‍රයෙන් ලැබුණා.

 

කොහොම වුණත් අනාගතයේ ඔබ නීතිඥවරියක් ද?

බලාපොරොත්තු නම් එහෙම තමයි. ඛඛඊ එක ඉවර කරන්න තව වසර දෙකක් විතර තිබෙනවා. ඛඛඊ එක කළ පමණින්ම නීතිඥවරියක වෙන්න බැහැ. ඒක පුළුල් විෂයයක්. ඉගෙන ගත යුතු බොහෝ දේ තියෙනවා. වෘත්තීය නීතිවේදිනියක් වීම වගේම රංගන කටයුතුවලත් යෙදීමට ආසයි. ජනප‍්‍රියත්වයට වඩා හොඳ චරිතවලට දායක වෙලා, කවදාහරි සමාජයේ නමක් ඉතිරි කරලා යන්න ආසයි.

 

කොහොමද ‘‘ටීෂා’’ ට ලැබෙන ප‍්‍රතිචාර?

මේ නාට්‍යයේ හැටියට එය දුෂ්ට චරිතයක්. නපුරු චරිතයක්. ඒ නිසා ටිකක් විතර බැනුම් තමයි ලැබෙන්නෙ. සමහර අය මගේ දිහා බලන්නෙ තරහින් වගේ. ටීෂා ටිකක් විතර ආත්මාර්ථකාමී චරිතයක්. දේවකගෙ දරුවා එයාගෙන් ඉවත් කරලා හරි දේවක අයිිතිකර ගන්න බලන චරිතයක්. පේ‍්‍රක්‍ෂකයන් ඒකට කැමති නැහැ.

 

හැබෑවටත් නපුරුද ?

මම මා ගැන කියන්න කැමති නැහැ. මොකද මම පොඞ්ඩක්වත් නපුරු නැහැ. මගේ යාළුවෝ සහ හිතවත් අයට පුදුමයි මම මේ වගේ නපුරු චරිතයක් කිරීම ගැන.

 

රුමලි සැබෑ ජීවිතේ මොන වගේ කෙනෙක් ද?

සැබෑ ජීවිතේ හරිම සරල කෙනෙක්. ජීවිතේ සංකීර්ණ කර ගන්නෙ නැතුව සරලව ජීවත් වෙන්න හදන කෙනෙක්. ජීවිතය අපි ගෙවන්න ඕනෑ ආදරණීය විදිහටයි. අපි අපිව පාලනය කරගෙන ගමනක් යා යුතුයි කියලයි මට හිතෙන්නෙ.

 

මේ නාට්‍යයෙන් පසුව තවත් චරිත ලැබුණ ද?

තවත් නාට්‍යය කීපයකටම ආරාධනා ලැබුණා. ඒත් ඉස්සෙල්ලා එක දෙයක් හරියට කරලා එයින් යම්කිසි පළපුරුද්දක් ලබාගෙන හිටියොත් හොඳයි කියලා හිතුවා. එකපාර චරිත දෙකක් තුනක් කරන්න ගියාම පීඩනය වැඩියි. එතකොට එකකටවත් හරියට දායකත්වය දෙන්න බැරි වුණොත් අසාර්ථක වෙනවා. ඒ නිසා දැනට මේ චරිතය දිගටම කරනවා. ඉන්පසුව ඊළඟ චරිතය ගැන හිතනවා.

 

රංගන ක්ෂේත‍්‍රයට ආවේ, ජනප‍්‍රිය වෙලා ලැබෙන ප‍්‍රතිචාර නිසාද?

ජනප‍්‍රියත්වයට කැමතියි. ඒක වෙනම දෙයක්. ඒත් ජනතාවගේ ආදරය අපට ලැබෙන්නෙ. අපට බනින්නෙ වුණත්, හරියට චරිතය කළොත් විතරයි. අපි රඟපාන චරිත වෙතින් මිනිසුන්ට ගැනීමට දෙයක් තියෙනවා නම්, ජනප‍්‍රියත්වයට වඩා වටින්නෙ එයයි. මිනිස්සු සැහැල්ලූ වෙලා ජීවිතේ ලස්සන වෙනවා නම්, අන්න ඒ දේට කැමතියි.

 

‘‘රුමලි’’ ලස්සනයි කියලා මිනිස්සු කියනවාට කැමතිද?

කැමතියි, ඒක ස්වභාවයනෙ.

 

ඒ නිසා ආඩම්බර ද?

ආඩම්බරයකට වඩා සතුටක් එන්නෙ. අනේ මේ විදියට මා ගැන කිව්වනෙ කියලා.

 

‘‘රුමලි’’ වඩා දක්‍ෂ ?

කුඩා කාලයේ ඉඳලාම චිත‍්‍ර අඳින්න දක්‍ෂයි. ඒ කාලයේ ඉඳලා ඇන්ද චිත‍්‍ර එකතුවක් මා ළඟ තියෙනවා.

 

ලස්සන මලක් වගේ රුවින් සපිරි රුමලිට ආදර යෝජනාවලින් අඩුවක් නැතුව ඇති ?

අඩුවක් නම් නැහැ. ඒත් පවුලේ ආශිර්වාද එක්ක මටත් පේ‍්‍රමයක් තියෙනවා. එයා මගේ ගමනටත් ගොඩාක් උදව් කරනවා.

 

එයා මේ ක්ෂේත‍්‍රයේ ද?

නැහැ.

 

රුමලිට ජීවිතේ ගැන දැනෙන්නෙ කොහොමද?

පවුලේ අය එක්ක වගේම සමාජයේ හැමෝම එක්ක සතුටින් යහපත් විදියට ජීවත් වීමයි. මම නිසා අම්මා තාත්තා වගේම පවුලේ අය සතුටක්, ආඩම්බරයක් ලබනවා නම්, ඒ සතුට මට වටිනවා. තමන්ගෙ හීන සැබෑ කර ගෙන, හොඳින් ජීවත්වීම කළොත් ජීවිතය දැනේවි. අම්මා තාත්තා වගේම මට තව පුංචි කෙනෙකුත් ඉන්නවා. එයත් මගෙ ජීවිතයට සමීපයි. ඒ සියලූ දෙනා සතුටුවන විදියට ජීවත්වීම අරමුණයි.

 

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

 

 2019-09-19-ent-562