ජයග්‍රහණයේ සතුට නිහඬව භුක්ති විඳිනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20200518heshani-01

2020 දෙරණ අවුරුදු කුමරිය තරඟාවලියෙන් ජයග්‍රහණය ලැබු‍වේ හේෂානි ලියදිපිට. ඇය තවම උසස් අධ්‍යාපනය හදාරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. ජයග්‍රණය ගැන කතාබහ කරන්න අපි අද සාරවිට කතාබහට හේෂානිට ආරාධනා කළා.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම හේෂානි ලියදිපිට. මගේ පවුලේ පස්දෙනෙක් ඉන්නවා. මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරනවා.

නිරූපණයට සම්බන්ධ වෙන්නේ?

මම වෙළඳ දැන්වීම් හරහා තමයි ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව ෆැෂන් ෂූට්වලට දායක වුණා.

දෙරණ අවුරුදු කුමරියට අයදුම් කරන්නේ කොහොමද?

මම පලවෙනි වතාවට තමයි ඒ වගේ තරඟයකට අයදුම් කරන්නේ. අම්මයි අක්කයි තමයි ඒකට පෙළඹුවේ. වට කිහිපයකින් පසුව අවසාන දොළොස් දෙනාට මාව තේරුණා. මූලික වටයේ තෝරාගැනීම්වලට යන්න මම ලැහැස්ති වෙද්දි මගේ ඇඳුම මදිනකොට පිච්චුණා. මම හිතුවේ ඒක අසුබ ලකුණක් කියලා. ඒත් මූලික වටයෙන් අවසාන පණස් දෙනාට තේරුණාට පස්සේ මගේ හිතට පොඩි බලාපොරොත්තුවක් ආවා. හොඳ තරඟාවලියක් තිබුණා.

20200518heshani-02

මෙවර අවුරුදු කුමරිය තරඟාවලිය පැවැත්වුණේ වෙනස් විදිහකට?

ඔව්. මෙවර දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය පැවැත්වෙන්න නියමිතව තිබුණේ මාර්තු 28 අපේ ගම පරිශ්‍රයේ. අපි ඒ වෙද්දිත් සති දෙකක් පුරාවට චන්දන වික්‍රමසිංහ සර් යටතේ පුහුණුවීම් කරා. නමුත් මේ ප්‍රශ්නය සමගම අපිට පුහුණුවීම් නවත්වන්න සිදුවුණා. කවුරුත් මේ ප්‍රශ්නය මෙතරම් දුරට යයි කියලා හිතුවේ නැහැනේ. හිතේ විශ්වාසයක් තිබුණා දෙරණ අපිව අත් හරින්නේ නැතුව මොකක් හරි දෙයක් කරාවි කියලා. ඒ අය කිව්වා වගේම එයාලට කරන්න පුළුවන් උපරිම විදිහට මේ වසරේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය පැවැත්වූවා. ඒ ගැන දෙරණට ස්තූතියි කරන්න ඕනේ.

ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ජයග්‍රහණය ගැන සතුටුයි. නමුත් මේ වෙලාවේ ලංකාවේම මානසිකත්වය තියෙන්නේ ඒ වගේ ජයග්‍රහණයක් සමරන්න පුළුවන් හෝ කතාකරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි. ජයග්‍රහණයේ සතුට නිහඬව භුක්ති විඳිනවා.

කලාව පැත්තෙන් ඉස්සරහට යන්නද අනාගතයේ බලාපොරොත්තු වෙන්නේ?

මම සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ප්‍රාසාංගික කලා උපාධියක් හදාරන්නේ. වෘත්තීමය වශයෙන් choreographer කෙනෙක් විදිහට වැඩ කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. දැනටමත් මම නර්තන පන්තියක් කරනවා.

මේ ජයග්‍රහණය සමග නිර්මාණවලට ආරාධනා ලැබුණද?

මියුසික් විඩීයෝවලට නම් ආරාධනා කිහිපයක් ලැබුණා. තවම මගේ පැත්තෙන් වචනයක් දුන්නේ නැහැ. මොකද එහෙම දේකට යොමු වෙන්න පුළුවන් වාතාවරණයක නෙවෙයිනේ අපි ඉන්නෙත්. මොකද අපි දන්නේ නැහැනේ මේ කොරොනා ප්‍රශ්නය කවදා ඉවර වේවිද කියලා. නමුත් ඉස්සරහට තව හොඳ නිර්මාණවලට ආරාධනා ලැබුණොත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

ජයග්‍රහණය පසුපස ඉන්නේ කවුද?

මුලින්ම මගේ පවුලේ අයව මතක් කරන්න ඕනේ. ඊටපස්සේ ලක්සිරි සර්, ශර්මිලා මිස් ඇතුළු දෙරණ නාලිකාවට ස්තූතියි කරනවා. තව සුභා අක්කට, දෙනුවන් අයියාට, මගේ යාළුවන්වත් මතක් කරනවා.

කැළුම් දේවින්ද

20200518heshani-03 20200518heshani-04 20200518heshani-05