ජනප්‍රිය වෙන්න හදිස්සියක් නැහැ
සිඳු ටෙලිනාට්‍යයේ තෙරුණිගේ චරිතයත් සමග ඉමහත් ජනාදරයට පත්වුණු මනීෂා යුගයේ ජනප්‍රිය නිළියන් අතරට එක්වුණ නවක රංගන ශිල්පිණියක්. මෙතෙක් සිඳු නාට්‍යයේ තෙරුණිගේ චරිතය හරහා ඔබේ ආලින්දය හැඩකළ ඇය ඔන්න අලූත් නිර්මාණ කිහිපයක් හරහාත් මේ දිනවල දැකගන්න ලැබෙනවා. ඒ නිසාම ඇගේ කලා ජීවිතේ අලූත් තොරතුරුත් සමගින් මනීෂාව කතාබහකට එකතු කරගත්තා.
මනීෂා දැන් කාර්යබහුල රංගන ශිල්පිනියක්ද?
අපෝ නැහැ. මට ඕන හොඳ නිර්මාණ ටිකක් කරන්න. මට ඉක්මනට ජනප්‍රිය වෙන්න හදිස්සියක් නැහැ. නිර්මාණ වලට, නිවේදක කටයුතු වලට මට ආරාධනා ලැබෙනවා. ඒත් ඒ හැම දෙයක්ම කරන්නේ මම සීමාවක් තියාගෙන.
මේ දවස්වල සිඳුට අමතරව මොනවද කරන අලූත් වැඩ?
ප්‍රදීප් ධර්මදාස මහත්මයාගේ කිරුළි ටෙලිනාට්‍ය වගේම ස්වර්ණවාහිනියේ විකාශනය වන සිල්ලර සමනල්ලූ ටෙලි නාට්‍යයට දායක වෙලා ඉන්නවා. ඊට අමතරව තවම සිª ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා.
කොහොමද අලූත් ටෙලිනාට්‍ය දෙකට ලැබෙන ප්‍රතිචාර?
හිතුවට වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කිරුළි ටෙලිනාට්‍යයෙත් මම රඟපාන්නේ කිරුළිගේ අක්කගේ චරිතය. ඇය කැම්පස් ගැහැණු ළමයෙක්. කැම්පස් යන ගමන් ගෙදර සියලූම දේවල් සොයා බලන දුක්විඳිමින් ඉගෙන ගන්න වගකීම් බර දරන ගැහැණු ළමයෙක් ඒ චරිතය තුළින් මමත් බොහෝ දේ ඉගෙන ගත්තා. සිල්ලර සමනල්ලූ ටෙලිනාට්‍යයේ නම් හාත්පසින්ම වෙනස් දඟ චරිතයක් තමයි මම කරන්නේ.
අක්කාගේ චරිතවලටම තෙරුණිව කොටුවෙලාද?
නැහැ. මම එහෙම හිතන්නේ නැහැ. සිª ටෙලිනාට්‍යයේ තෙරුණිගේ චරිතය වඩා කිරුළි ටෙලි නාට්‍යයේ මම කරන චරිතය හාත්පසින්ම වෙනස්. මේ චරිත දෙකේ ඒකාකාරී බවක් නැහැ. එකම චරිත වලට කොටු වෙනවට මම කැමැති නැහැ. වෙනස් චරිත කරන්න මම කැමැතියි.
මනීෂාට සිඳු නාට්‍යයත් එක්ක සමාජ වෙබ් අඩවි හරහා විශාල ප්‍රතිචාර ලැබුණා. ඒ ලැබුණු ප්‍රතිචාර, ජනප්‍රියත්වය දැන් ටික ටික අඩුවෙලා කියලා දැනෙන්නේ නැද්ද
ජනප්‍රියත්වය කියන දේ සදාකාලික නැහැනේ. හැමදාම ජනප්‍රිය මට්ටමේ ඉන්න ඕනෑ කියන මානසිකත්වයක් මට නැහැ. දැන් ජනප්‍රියත්වය අඩුවෙලා කියලා මට දුකකුත් නැහැ. ජනප්‍රියත්වය කියන දේ කාලෙකදී ඇතිවෙනවා. කාලෙකදී නැතිවෙනවා. ඒක ලෝක ස්වභාවය. තව දෙයක් මම වැඩ කරන්නේ සීමාවක් එක්ක.
ඒ කියන්නේ මනීෂාට සීමා මායිම් දාන්න විශේෂ කෙනෙක් ඉන්නවාද?
මට කවුරුත් සීමා මායිම් දාන්නේ නැහැ. ඒවා මම විසින් මටම දාගත්ත සීමා මායිම්.
මනීෂා නිවේදනය, රංගනය, ගායනය, කියන ත්‍රිත්වයෙන්ම පේ්රක්ෂකයා අතර ජනප්‍රියයි. කලාව දැන් ඔබේ වෘත්තියද?
කලාව මගේ වෘත්තිය කරන්න කිසිම බලාපොරොත්තුවක් නැහැ. කලාව කරන ගමන් මම දැනටත් උසස් අධ්‍යාපනය හදාරනවා. වෘත්තිය මට්ටමෙන් මගේම ව්‍යාපාරයක් කරන්න තමයි බලාපොරොත්තුව.
රංගනයත් එක්ක මනීෂාගේ ගායනය ටික ටික මඟ ඇරිලා කියලා හිතන්නේ නැද්ද?
ඔව් ටිකක් විතර මඟ ඇරුණා. පසුගිය දවස්වල මම අලූත් ගීතයක් කළා. මේ දවස්වල අලූත් ගීතයකට ලෑස්තිවෙනවා. රූගතකිරීම් එක්ක කාලය අඩු වුනාම ගායන පැත්ත දන්නෙම නැතුව මග ඇරෙනවා.
මනීෂාගේ රූපයට සිනමාවෙන් අවස්ථාවක් ලැබුණෙම නැද්ද?
ආරාධනා නම් ලැබුණා. ඒත් අධ්‍යාපන කටයුතුයි. අනෙක් රූගතකිරීම් එක්ක චිත්‍රපටයකට කාලයක් වෙන් කරන්න අමාරු නිසා සම්බන්ධ වෙන්න බැරි වුණා. ඒත් මම චිත්‍රපටි පසුබිම් ගායනයට නම් එකතු වෙලා තියෙනවා. ඉදිරියේදී හොඳ සිනමා නිර්මාණයක් ලැබුණොත් රංගනයට දායක වෙනවා.
පසුගිය රයිගම් සම්මාන උළෙලේ මනීෂාටත් කරට කර හොඳ තරඟයක් දෙන්න පුළුවන් වුණා. ජනප්‍රිය තරු අතරට එන්න ලැබේවි කියලා බලාපොරොත්තුවක් තිබුණද?
නිර්දේශ වුණු එක ගැන ගොඩක් සතුටුයි. මීට පෙරත් මම සුමති ටෙලි නාට්‍ය සම්මාන උළෙලේ අවසාන පස්දෙනා අතරට ආවා. රඟපෑම කියන දේ මම හීනෙකින්වත් නොසිතපු දෙයක්. මට මේ තරම් පේ්රක්ෂක ආදරයක් ලබා දුන්නේ තෙරුණි කියන චරිතය. මම කොයි තරම් චරිත කරත් තෙරුණිගේ තැන ඒ එක චරිතෙකටවත් ගන්න බැරිවේවි.
නදීෂා අතුකෝරාළ / ඡායාරූප - චමත් වින්දුල