ජනප‍්‍රිය වෙන්න මට ඕනකමක් නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-07-ent-109

‘රඟපෑම’ යනු ඉගෙන ගෙනම කළ යුතු දෙයක් යන්න ඇයගේ අදහසයි. එනිසා සිහිනයක්ව තිබූ රඟපෑමට ඒමට පෙර ඒ ගැන හැදෑරීමට වගේම ප‍්‍රායෝගිකව බොහෝ දේ ඉගෙනීමට ඇය උනන්දු වූවාය. භාෂා දැනුම ද, භාවනාව ද, ආත්මාරක්ෂක සටන් ක‍්‍රම ද, කියවීම ද ඇතුළු බොහෝ විෂයයන් සහ අංශ ස්පර්ශ කරමින් නාලිකාවට එහා ගියා වටිනාකමක් රංගන ශිල්පිනිය යන වෘත්තීයට ලබාදීම ඇයගේ අපේක්ෂාවයි. ඒ අරමුණු ඇතිව රංගනයට පැමිණි මිෂෙල් දිල්හාරා හතරසිංහ මේ දිනවල අපට හමුවන්නේ නාලන් මෙන්ඩිස්ගේ ‘සල් සපුනා’ ටෙලි නාට්‍ය මාලාවේ ප‍්‍රීතිවා යන චරිතය වෙතිනි. ප‍්‍රීතිවා වූ මේ මිෂෙල් දිල්හාරා කවුද?

 

මිෂෙල් ඔබ ගැන සඳහනක් කළොත්

2017-04-07-ent-108මගේ ගම මීගමුව. ඉගෙන ගත්තෙ නිව්ස්ටඞ් බාලිකා විද්‍යාලයෙන්. පවුලේ අම්මා තාත්තා නංගිලා දෙදෙනා සහ මම.

 

ඉගෙනීම් කළේ මොන වගේ අරමුණක් ඇතිවද?

මගේ හීන දෙකක් තිබුණා. එකක් ගුරුවරියකවීම, අනෙක රංගන ශිල්පිනියකවීම. නමුත් ඒ සියල්ලට පෙර හොඳින් අධ්‍යාපනය ලබන්න අවශ්‍ය වුණා. පාසල් අධ්‍යාපනයෙන් පසුව මීගමුවෙ ෂක්‍ක්‍ කැම්පස් ආයතනයේ සහකාර කළමනාකාරවරියක ලෙස කටයුතු කළා. නමුත් හිත ඇතුළේ තිබුණෙ රඟපෑමේ ආසාවයි.

 

ඒ නිසාද රඟපෑමට ආවේ?

මුලදි මම එච්චරම සමාජශීලී චරිතයක් වුණේ නැහැ. නමුත් පසුකාලීනව ආත්මාරක්ෂක සටන්ක‍්‍රම ප‍්‍රගුණ කළා. ඒ වගේම භාවනා කිරීමේ කටයුතුවලත් යෙදුණා. ඒ අතරේ අනෝජා වීරසිංහ මහත්මියගෙ රංග අභ්‍යාශ වැඩමුළුවලටත් සහභාගි වුණා. පසුව දමයන්ති ෆොන්සේකා මහත්මිය යටතේ රංගනය ගැන හැදෑරීම් කළා. ඊටත් පසුව ඉන්දියානු සර් කෙනෙක් යටතේත් රංගනය ප‍්‍රගුණ කරන්න ගියා. රඟපෑම යනු සරල දෙයක් නෙවෙයි. ඒ ගැන හැදෑරිය යුතුය කියන මතයේ තමයි මම සිටින්නේ. හෙටටත් ඒ ගැන ප‍්‍රගුණ කිරීම මගේ අරමුණයි. ඒ යන අතරවාරයේ දී තමයි සුසිල නිෂ්පාදන ආයතනයේ තිර පරීක්ෂණයට ගියාම මට මේ අවස්ථාව ලැබුණේ.

 

ඒ කියන්නේ ‘ප‍්‍රීතිවා’ චරිතය. ?

ඔව්.

 

වෙනත් චරිත මොනවද?

ඊට අමතරව විකාශය වූ දේදුන්නයි ආදරේ රඟපෑවා. ඉදිරියේ විකාශයට නියමිත ‘ධාරා’ නාට්‍යයේ ප‍්‍රධාන චරිතයකට දායක වුණා.

 

ගුරුවරියක වීමේ සිහිනයට මොකද වුණේ?

මම ඉගෙන ගත්තේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන්. ඉංග‍්‍රීසි භාෂාව උගන්වන ගුරුවරියක ලෙස ළමා නිවාසයකට සේවය ලබා දෙනවා.

 

ඉගෙනීම් තවම අත්හැරලා නැහැ.

ඉගෙනීම් මැරෙනකල්ම කරාවි. විවිධ අංශ ගැන උසස් අධ්‍යාපනය ලබන්න මම ආසයි. පරිගණක අංශයේ උසස් අධ්‍යාපනය වගේම මනෝවිද්‍යා අංශයේ උසස් අධ්‍යාපනයක් මේ දිනවල හදාරනවා. ඊට අමතරව දුමාල් වර්ණකුලසූරිය මහතා යටතේ සංගීතය හදාරනවා. නර්තනයත් තව අංශයක්.

 

ඇත්තටම ඇයි නිළියක් වෙන්න හිතුවෙ ? නිළියකවීම අද හරිම සරල දෙයක් වගෙයි පෙනෙන්නෙ?

බොහෝ දෙනෙක් වත්මනෙහි එය ඉතා සරල දෙයක් විදියට හිතන බව පෙනෙනවා. නමුත් ඒක කොහෙත්ම එහෙම දෙයක් නෙවෙයි. නිළියක ලෙස යමකට දායක වෙන්න පුළුවනි. නමුත් දීර්ඝ කාලීනව පේ‍්‍රක්ෂක මතකයේ රැුඳෙන, අපූරු චරිත රංගනයන් කිරීමට වගේම ක්ෂේත‍්‍රයේ දිගටම රැුඳී සිටීමට නම් රංගනය ගැන හැදෑරිය යුතුම බව මගේ අදහසයි. එහෙම වුණොත් හොඳ නමක් රංගන ක්ෂේත‍්‍රයේ දී හදා ගන්න පුළුවනි. අනාගතය රඳා පවතින්නේ අපි අද කරන හොඳ රඟපෑම මතයි. මට කිසිදු හදිසියක් නැහැ. ජනප‍්‍රියවීමේ ආසාවකුත් නැහැ. නමුත් හොඳ චරිත රඟපෑමේ ආසාව තමයි තිබෙන්නේ.

 

‘ප‍්‍රීතිවා’ ගැන කිව්වොත්

විදේශයක සිට උසස් පෙළ නිමවා ලංකාවට පැමිණි තරුණියක්. එයා දඟකාර චරිතයක්. කාටවත් දෙවැනි වෙන්න අකමැති බුද්ධිමත් ඒ වගේම ආත්මාරක්ෂක සටන්ක‍්‍රම ප‍්‍රගුණ කළ චරිතයක්.

 

හරියට සැබෑ ජීවිතයේ ඔබ වගේ නේද?

මම දඟකාර නැහැ. නමුත් බුද්ධිමත් වෙන්න ආසයි. ඒ නිසා තමයි නිතර හදාරන්නේ. සාමාන්‍ය ජීවිතයේදී මම ඉතා සුහදශීලි සරල චරිතයක්.

 

අවුරුද්දට මොකද කරන්නේ ?

ආච්චිලාගේ ගෙදර තමයි හොඳින් අවුරුදු සමරන්නේ. ඉතින් ඒ කාලයට ආච්චිලාගෙ ගෙදරට යාම පුරුද්දක්.

 

කැවුම්, කොකිස් එහෙමත් හදන්න පුළුවන්ද?

කොකිස් සහ කිරිබත් තමයි පුළුවන්. කැවුම් හදන්න තවම පුරුදු වෙනවා. ආච්චි තමයි කියලා දෙන්නෙ.

 

අවුරුදු ක‍්‍රීඩා වලටත් ආසලූ නේද?

කඹ ඇදීමට, කොට්ට පොර ගහන්න සහ කණා මුට්ටිය බිඳින්න අනිවාර්යෙන්ම යනවා. තාත්තාගෙ පවුලේ අය බුද්ධාගම නිසා අවුරුදු සැමරීම අපි අනිවාර්යෙන්ම කරන දෙයක්. අම්මා නිසා අපි නත්තලූත් සමරනවා.

 

‘භාවනා’ කිරීමෙන් ඔබට ලැබෙන්නෙ මොන වගේ දෙයක්ද කිව්වොත්?

අනිවාර්යෙන්ම අපි එදිනෙදා කරන කටයුතුවලට ලොකු අරුතක් ලබා දෙන්න පුළුවනි. තමුන් තමුන්ව පාලනය කරගෙන ජීවිතය අරුත්බර කර ගන්න භාවනාව වැදගත් වෙනවා.

 

සටහන සහ ඡායාරූප - සඳුන්ගමගේ

 

2017-04-07-ent-106    2017-04-07-ent-107