ජනප්‍රියත්වය පසුපස ගියොත් තමයි අපිට ඔය වගේ බලපෑම් එන්නේ
මෑත කාලයේ ප්‍රේක්ෂකයන්ගේ කතා බහට ලක්වූ යොවුන් ටෙලි නාට්යදය නිළියන් අතරේ මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකම දකින තාර්යා කෙනඩිට විශේෂිත තැනක් හිමිවේ. එකිනෙකට වෙනස් විවිධ චරිත ඔස්සේ නිතර නිර්මාණ හරහා දකින තාර්යා සමගින් අපි කෙටි කතා බහකට මෙසේ මුල පිරුවෙමු.
ක්ෂේත්රයට ඔබ ආ හැටි දැනගන්න කැමතියි?
ක්ෂේත්රයට ආපු හැටි කියනවා නම් මට අමතක කරන්න බැරි කෙනෙක් තමයි දමයන්ති ෆොන්සේකා මහත්මිය. ඇය තමයි මට රංගනයේ අ යන්න ආ යන්න කියලා දුන්නේ. එයාගෙන් තමයි මම රංගනය කියන දේ හදාරලා ක්ෂේත්රයට ආවේ. ඒ වගේම ඇයගේ වේදිකා නාට්‍යයක තමයි මම මුලින්ම රඟපෑවෙත්. වේදිකාව හරහා රංගනයට සම්බන්ධ වුණ එක ගැනත් මට තියෙන්නේ ලොකු සතුටක්.
තාර්යා කියන්නේ නිරූපිකාවක්ද? එහෙමත් නැත්නම් රංගන ශිල්පිනියක්ද?
නිරූපිකාවක් විදිහට මාව අඳුන්නනවාට වඩා මම කැමති මාව රංගන ශිල්පිනියක් විදිහට අඳුන්වනවට. මොකද, මම දක්ෂතා හදාගෙන රංගනයට ආපු කෙනෙක්.
කලාව පැත්තට යොමුවීම ගැන මොකද හිතෙන්නේ?
කලාවට සම්බන්ධ වීම ගැන ගොඩක් සතුටුයි. හිනයක් නෙමෙයි මට බලාපොරොත්තුවක් තිබුණා රංගනය පැත්තට එන්න. අද ඒ බලාපොරොත්තුව මගේ සඵල වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි මට.
ප්‍රේක්ෂකයෝ කතා කළ ඔබ රඟපෑ චරිත තියෙනවාද?
ඔව්, හිරු නාලිකාවෙ දිගහැරුණ "හඳයා" එකේ "නදී" කියන චරිතය. මේ වනවිට ඒ ටෙලි නාට්‍යය විකාශය වෙලා ඉවරයි. නමුත්, ප්‍රේක්ෂකයෝ අදටත් ඒ චරිතය ගැන කතා කරනවා. පොඩි ළමයි ඉලක්ක කරගෙන නිර්මානය කරපු ටෙලි නාට්‍යයක් නිසාදෝ ගොඩක් පොඩි කට්ටිය තමයි මේ චරිතයට ගොඩක් කැමැත්තක් දක්වලා තියෙන්නේ. අදටත් පාර තොටේදී "නදි අක්කා" කියලා පොඩි ළමයි කතා කරන වාර අනන්තයි මට. මේ දිනවල විකාශය වෙන %රාවණා^ ටෙලි නාට්‍යයේ "ජානි" කියන චරිතයත් ගොඩ දෙනෙක් අතර අද වනවිට ජනප්‍රිය වෙලා තියෙනවා.
කෙටි ක්‍රම වලින් ජනප්‍රිය වෙන්න අය අද ඉන්නවා?
කෙටි ක්‍රම වලින් ජනප්‍රිය වෙන්න පුළුවන්ත නමුත්ථ එක මම දකින්නේ තාවකාලිකයි. කෙටි ක්‍රමවලින් ජනප්‍රිය වෙන්න පුළුවන් අපේ ලස්සන තියෙනකම් විතරයි. දක්ෂතාවය හදාරලා ජනප්‍රිය වුණොත් දිර්ග කාලයක් මේ ක්ෂේත්රය තුළ රැඳිලා ඉන්න පුළුවන්. අපේ ගොඩක් ප්රවිණ නළුනිළියන් ඉන්නවා ඒකට හොඳ උදාහරණයට ගන්න පුළුවන්. නිරුවත විකුණන්නේ නැතිව අපේ දක්ෂතාවයෙන් ජනප්‍රිය වෙනවා නම් ඒක දිර්ඝකාලිනයි කියලා මට හිතෙනවා.
ඔබට අධ්‍යක්ෂවරුන්ගෙන් අනිසි බලපෑම් එල්ල වුණ අවස්ථා නැද්ද?
මට මේ වෙනකම් මාත් එක්ක වැඩ කරපු කිසිම අධ්යක්ෂවරයෙකුගෙන් ඔය කියන විදිහේ අනිසි බලපැම් ඇවිල්ලා නැහැ. ඒ අය මගේ දක්ෂතා බලලා තමයි මාව ඒ අයගේ නිර්මාණවලට තෝර ගන්නේ. අපේ දක්ෂතාවය හදාගත්තොත් ඔය කියන අනිසි බලපැමි අපිට එල්ල වෙන්නේ නැහැ. ජනප්‍රියත්වය පසුපස ගියොත් තමයි අපිට ඔය වගේ බලපෑම් එන්නේ කියලයි මට හිතෙන්නේ.