ජනප්‍රියත්වය ලේසියෙන් ලබාගන්න බෑ
කෞෂි වික්‍රමසිංහ කියන්නේ දක්ෂ නිරූපිකාවක් වගේම මේ දවස්වල කාර්යබහුල නිරූපිකාවක්. නිරූපිකාවක් විදියට කටයුතු කරන අතරම කෞෂි රංගන කටයුතුවලත් නිරත වෙනවා. කෞෂි සාරවිට එකතුවුණේ මේ විදියට.
මේ දවස්වල කාර්යය බහුලද?
ඔව් ටිකක් විතර.
රංගන කටයුතු කොහොමද?
ම්... හොඳයි. ළඟදී නිර්මාල් රාජපක්ෂගේ නිර්මාණයකට දායක වුණා.
නිරූපණය සහ රංගනය හොඳයිද?
හොඳයි.. රංගනයට වඩා මම මුල් තැන දෙන්නේ නිරූපණයට තමයි.
නවකයන් ගොඩක් ක්ෂේත්රය තුළ දැක්කත් ඔවුන් ජනප්‍රිය නැහැනේ? ඒ ඇයි?
මෙහෙමයි, ජනප්‍රියත්වය ලේසියෙන් ලබාගන්න අමාරු දෙයක්. ඒකට වාසනාවක් තියෙන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ. ඒක ලබාගන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ.
නිරූපණය කියන දේ විනාශ කරන්නේ නවකයන් කියලා චෝදනා තියෙනවා?
මම හිතන්නේ නැහැ මේක නිරූපණ ක්ෂේත්රය තුළ විතරක්ම තියෙන ගැටලුවක් කියලා. මෙහෙමයි, ඒක එක එක්කෙනා තමන්ගේ අනන්‍යතාව ස්ථාවර කරගන්න සහ අනන්‍යතාව හදාගන්න ක්‍රමය වෙනස්. ඒවාගෙන් සමහර වෙලාවට ක්ෂේත්රයට හානියක් වෙන්න පුළුවන්. ඒත් කාටවත් දොස් කියලා වැඩක් නැහැ. හොඳම දේ තම තමන්ට හැකි අයුරින් නිරූපණ ක්ෂේත්රයේ පැවැත්මට හොඳ දේවල් කරන එක විතරයි.
මේ දේවල් නිසා කලකිරීමක් නැද්ද?
ඇත්තෙන්ම නැහැ. ඇයි අපි අනිත් අය කරන දේවල් නිසා කලකිරීමක් ඇති කරගන්නේ.
අද හරියට වැඩක් කරලා ජනප්‍රිය වෙන්න අමාරුයි කියලා ගොඩක් අය කියනවා? ඒක ඇත්තද?
වෙන්න පුළුවන්. ක්ෂේත්රය මොකක් වුනත් හරි දෙයක් කරලා පැවැත්මක් හදාගන්න කාලයක් යනවා. අමාරුවෙන්, හරි විදියට ඉදිරියට එන කෙනා ජනප්‍රිය වෙනවා වගේම ආදරය සහ ගෞරවය හිමි කරගන්නවා.
ඉදිරි බලාපොරොත්තු?
ඉදිරියට තියෙන වැඩ කටයුතු කරගෙන යනවා. මට පුළුවන් විදියට ක්ෂේත්රය වෙනුවෙන් හොඳ දෙයක් කරන්න තමයි මම උත්සාහ කරන්නේ.