ජනප්‍රියත්වය පස්සේ මම ලොකුවට යන කෙනෙක් නෙමෙයි
මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවන ජනප්‍රිය රංගන ශිල්පී ධනංජි තාරුකා කළුආරච්චි සමගින් අද 'සාරවිට' තරු කතාබහ ඇරඹුවෙමු. ධනංජි ඉදිරියේ දී සිනමා නිර්මාණ හරහාද දැකගැනීමට රසික ඔබට හැකිවෙයි. ඒ පිළිබඳව හා ඉදිරි කලා කටයුතු පිළිබඳව ඇය මෙසේ අපට අදහස් දැක්වූවාය.
ධනංජි කියන්නේ මේ දවස්වල අපි නිතර දකින රංගන ශිල්පිනියක්?
ඔව්, මේ දවස්වල මම රංගනයෙන් දායක වුණ ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය වෙනවා. ඒ අතර, ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වෙන %කාසිවත්ත^, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වන "නිසල අරණ", සිරස නාළිකාවේ විකාශය වෙන %සිහින සොයා^, සියත නාළිකාවේ විකාශය වෙන %ලව් යූ බොස්^ හා "ආදරවන්තියෝ" කියන ටෙලි නිර්මාණ හරහා මාව දකින්න පුළුවන්.
ඉදිරියට විකාශය වෙන්නත් මේ වගේම නිර්මාණ පෝලිමක් තියෙනවා නේද?
ඔව්, ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ "රන්බැඳි මිනිස්සු" හා සමන් කුමාරගේ "සුනේත්‍රා" කියන ටෙලි නාට්‍යය දෙක එන්න තියෙනවා. මීට දශක 4කට 5කට කලින් සිදු වුණ කතාවක් පදනම් කරගෙන තමයි මේ ටෙලි නාට්‍යය දෙකම නිර්මාණය කරලා තියෙන්නේ. එකක මම අංගම්පොර සටන්වල නිරත වෙනවා.
මේ ටෙලි නිර්මාණවලට අමතරව නිහාල් බණ්ඩාර අධ්‍යක්ෂණය කරපු "සීමා නෑ ආකාසේ" චිත්‍රපටය තිරගත වෙන්න නියමිත වෙලා තියෙනවා. බොහෝ විට මේ චිත්‍රපටය ඔක්තෝබර් මාසයේ දී ප්‍රදර්ශනය වේවි කියලා හිතනවා. මාත් එක්ක, පුබුදු චතුරංග හා අරුණි රාජපක්ෂ දෙන්නා තමයි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ. %සීමා නෑ ආකාසේ^ චිත්‍රපටයට අමතරව %බ්ලැක්මේල්^ කියලා තවත් චිත්‍රපටයක මම රඟපෑවා. එහි තවත් ගීත දෙකක් පමණයි රූපගත කරන්න ඉතිරිවෙලා තියෙන්නේ. මේ චිත්‍රපටයත් මේ වසර ඇතුළත ප්‍රදර්ශනය වේවි කියලා හිතනවා.
කොපමණ නිර්මාණවල ඔබ දැක්කත්, ජනප්‍රිය නිළියන් අතර ධනංජි නැහැ. ඒ ඇයි?
ඒ ගැන නම් මම දන්නේ නැහැ. පුවත්පත් හරහා තමයි මාත් දැනගත්තේ. මේ ජනප්‍රිය නිළියෝ කොහොම තෝරනවද කියලා. ජනප්‍රියත්වය පස්සේ මම ලොකුවට යන කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මට ඒ ගැන ගැටලුවක් නැහැ.
ජනප්‍රියත්වය නැති වුණත් ඔබට නිර්මාණවලින් නම් අඩුවක් නැහැනේ?
මම හිතන්නේ ඒක මගේ වාසනාව. මෑත කාලයේ ගත්තොත් මම ගොඩක් වැඩ කළා. ටෙලි නාට්‍යය, චිත්‍රපටවල විතරක් නෙමෙයි, ගීත රූප රචනාවල, වෙළෙ දැන්වීම්වල මම පෙනී හිටියා. ඊට අමතරව සුනිල් ශ්‍රීගේ "ඉලන්දාරි" හා නීල් බීගේ "නැකත" කියන වේදිකා නාට්‍යවලත් රඟපෑවා. මම ජනප්‍රිය නැත්නම් මේ වගේ නිර්මාණවලට මාව දායක කරගන්නේ නැහැනේ.
රංගන ශිල්පිනියක් විදිහට ඔබ ක්ෂේත්රයට ආවේ මීට වසර හතකට පෙර. නමුත්, සිනමාවට දායක වෙන්න ලැබුණේ මෑතකදී?
නැහැ. %සීමා නෑ ආකාසේ^ චිත්‍රපටයට සම්බන්ධ වුණේ මීට වසර කිහිපියකට පෙර. එතකොට මම ලොකුවට ප්‍රේක්ෂකයෝ කතා කරපු නිළියකුත් නෙමෙයි. නමුත්, ඒ සිනමා නිර්මාණය ප්‍රදර්ශනය වෙන්න මම ප්‍රේක්ෂකයන් අතර ගොඩක්ම ජනප්‍රිය වෙලා ඉන්න මොහොතක. ඒ ගැන මට ගොඩක් සතුටුයි. ඒ වගේම තව මා දායක වුණ සිනමා නිර්මාණ කිහිපයකුත් ඉදිරියට එන්න තියෙනවා. මම හිතන්නේ මම සිනමාවට දායක වෙලා තියෙන්නේ මේ හොඳම කාලයේ දී කියලයි.
ක්ෂේත්රයට ආපු කාලයේ නම් ධනංජි දැක්කේ එකම චරිතයකින්?
ඔව්, නමුත් අද එහෙම නැහැ. මට ලැබෙන හැම චරිතයක්ම එකිනෙකට වෙනස් චරිත. ක්ෂේත්රයට ආපු මුල් කාලයේ නම් ධනංජිව දැක්කේ කෙළිලොල් දඟකාර චරිතවලින් පමණයි. ඉදිරියට එන්න තියෙන"රන්බැඳි මිනිස්සු" හා "සුනේත්‍රා" කියන ටෙලි නාට්‍යයවල මා කරන්නේ වෙනස්ම චරිත දෙකක්. ඊට අමතරව දෙරණ නාළිකාවේ විකාශය වුණ "කොම්බි" කියන ටෙලි නාට්‍යයේ මා කළ චරිතය බොහෝ දෙනෙක් කතා කළා. මෑතක දී ස්වර්ණවාහිනි නාළිකාව තුළ විකාශය වුණ "තුරුම්පු ආසියා" ටෙලි නාට්‍යයේ කරපු CID චරිතයත් බොහෝ දෙනාගේ ආදරය දිනාගත්තු චරිතයක් වුණා.