ජනප්‍රියත්වය කියන දේ තාවකාලිකයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරූපණ ක්ෂේත්‍රයට නවකයෙකු වන වොෂිකා රත්නායක අද ‘සාරවිට’ තරු කතා බහට අප සමගින් මෙසේ එක්විය. නිරූපණයට මෙන්ම රංගනයටද දැඩිසේ ඇල්මක් දක්වන ඇය ඉදිරියේදී කලා ක්ෂේත්‍රයටද යොමුවීමේ සූදානමකින් පසුවේ. මේ ඇය අපි සමග එක්වෙමින් දැක්වු අදහස් කිහිපයකි.

 

20170711Woshika-2නිරූපණ ක්ෂේත්‍රයට යොමු වන්නේ ඔබ?

නිරූපණ ක්ෂේත්‍රයට යොමු‍ වෙලා නම් වැඩි කාලයක් නැහැ මම. මේ වසරේදීම තමයි නිරූපණ ක්ෂේත්‍රයට යොමුවුණේ. මම ගොඩක් ට්‍රැවල් කරන්න ආස කෙනෙක්. ඒ ගියාහම නිතරම මම පොටෝ අරගන්නවා. ඊට පස්සේ ඒවා ෆේස්බුක් දානවා. ඒ පොටෝස් දැකලා කට්ටිය කතාකළා පොටෝ ෂුට්වලට. මුලින්ම කළේ මගේ අයියාත් එක්ක.

 

දැනට කරපු කලා නිර්මාණ තියෙනවාද?

මම නිරූපණ ක්ෂේත්‍රයට ඇවිල්ලත් තාම ලොකු කාලයක් නැහැ. නිරූපණ කටයුතුවලට වඩා මම කැමති රංගනය පැත්තට යොමුවෙන්න. ජූලි මාසයේදී එවැනි වැඩ කිහිපයකටම මම සම්බන්ධ වෙනවා. මියුසික් වීඩියෝ දෙකකට, ටෙලි නාට්‍යයකට හා කෙටි චිත්‍රපටියකට දැනට කතා කරලා තියෙනවා. ඒ වැඩ කටයුතු ආරම්භ වෙන්නේ එළැඹෙන ජූලි මාසයේදී.

 

පුංචි කාලේ නම් කැමැත්ත තිබුණේ නිරූපණය පැත්තට නේද?

ඔව්, පුංචි කාලේ නම් මගේ ලොකුම හිනේ වෙලා තිබුණේ නිරූපිකාවක් වෙන්න. නමුත්, දැන්නම් ගොඩක්ම ආස නිළියක් වෙන්න.

 

රංගන ශිල්පිනියක් වෙන්න නිරූපිකාවක් වූ පමණින් බැහැ?

ඔව්, ඒ නිසාම මම දැනට රංගනය පිළිබඳව හදාරමින් ඉන්නවා. ඒ වගේම ඉදිරියේදී මහේන්ද්‍ර පෙරේරා ගුරුතුමාගේ රංගන ඇකඩමියටත් සම්බන්ධ වෙලා ඒ පිළිබඳව හදාරන්න සූදානමකින් ඉන්නවා.

 

ජනප්‍රිය වෙන්නද? දක්ෂතමයා වෙන්නද අදහස?

නිරූපණයෙන් වගේම රංගනය පැත්තෙන් දක්ෂතමයා වෙන්න තමයි කැමති. ජනප්‍රියත්වය කියනදේ තාවකාලිකයි. නමුත්, දක්ෂතාවය හැමදාම තියෙනවා.

 

ඉදිරි ඉලක්ක?

ලොකුම ඉලක්කය තමයි ලංකාවේ දක්ෂතම රංගන ශිල්පිනියක් වෙන එක. ඒ වගේම බ්‍රයිඩ්ල් පැත්තෙන් හොඳම නිරූපණ ශිල්පිනිය වෙන්නත් කැමැත්තක් තියෙනවා. මම ඉක්මන් ගමනක් යන්න කැමති කෙනෙක් නෙමෙයි. මට ඕනා හෙමින් ගමනක් යන්න. ඒ වගේම හොඳ හරවත් නිර්මාණවලට පමණක් දායක වෙන්න.

 

උදවු කළ අය?

මගේ අයියා තමයි. මගේ ළඟින්ම ඉඳගෙන හැමදාම මට උපදෙස් දෙනවා. මේක කරන්න මේක කරන්න එපා කියලා අවශ්‍ය දේ තෝරලා දෙන්නේ. ඉමේෂ් නුවන්දක, හෂාන් ඇතුළු මගේ ඡායාරූප ගත්තු හැම ඡායාරූප ශිල්පියෙකුම මේ වෙලාවේදී මතක් කරනවා. විශේෂයෙන්ම මගේ පොඩි අයියාවත් මතක් කරන්න ඕනා. මොකද, මගේ අම්මා, තාත්තා, අක්කලා අයියා හැම කෙනෙක්ගෙන්ම අවසර අරන් දීලා මාව මේ තත්ත්වයට අරගෙන ආවේ මගේ පොඩි අයියා.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ඉමේෂ් නුවන්දක

 

20170711Woshika-1 20170711Woshika-3