ජනප්‍රිය වෙන්න තමයි හැමෝම මේ ක්ෂේත්රයට එන්නේ
නිරූපිකාවක් සේම රංගන ශිල්පිනියක් ලෙසද වර්තමානයේ කටයුතු කරන රොනේෂා හෙට්ටිආරච්චි කලා ක්ෂේත්රයට තවමත් නවකයෙකි. නිරූපණයෙන් මෙන්ම රංගනයෙන්ද දිගු ගමනක් යන්නට බලාපොරොත්තුවෙන් පසුවන රොනේෂා ‘සාරවිට’ අපි සමග මෙවර තරු කතාබහට එක් වුණේමු.
කලා ක්ෂේත්රයට ඔබ පිවිසෙන්නේ?
ක්ෂේත්රයට මම මුලින්ම එන්නේ නිරූපිකාවක් විදිහට. ඔය අතරතුරදී අවස්ථාවක් ලැබුණා ආයතන තුනක ප්‍රවර්ධන කටයුතු සඳහා සම්බන්ධ වෙන්න. සැලුන් කටවුට් දෙක තුනකට මම බ්‍රයිඩ්ල් මනාලියක් ලෙස පෙනි හිටියා. 2012 වසරේදී තමයි මම මුලින්ම නිරූපණයට සම්බන්ධ වුණේ.
මේ ක්ෂේත්රවලට සම්බන්ධ වෙන්න කැමැත්තක් අදහසක් ඔබට තිබුණාද?
ආසාවක් කැමැත්තක් තෙරේන කාලේ ඉඳලා තිබුණා. නමුත්, අහඹු සිදුවීමක් හරහා තමයි ක්ෂේත්රයට ආවේ.
ක්ෂේත්රය ගැන ඔබ දරණ අදහස මොකක්ද?
මේ ක්ෂේත්රය ඇත්තටම හොඳයි. නමුත්, අපි දැනගන්න ඕනේ ඒ දේ හරි විදිහට පාවිච්චි කරන්න. හැමෝම ආසයි ජනප්‍රිය වෙන්න. ඒ දේට තමයි අද ගොඩක් කට්ටිය මේ ක්ෂේත්රයට එන්නේ. ඒත්, ඒ අයගෙන් කියෙන් කිදෙනාද අද වෙන කොට මේ ක්ෂේත්රය තුළ රැඳිල ඉන්නේ.
නිරූපිකාවක් වගේම ඔබ රංගන ශිල්පිනියක්. දායක වුණ නිර්මාණ මොනවද?
දැනට ටෙලි නාට්‍යය දෙකකට දායක වෙලා තියෙනවා. ‘සිහින සින්ඩෙරැල්ලා’ හා ‘කප් සුවහස් කල්’ කියන. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටම අද වෙන කොට මම සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා.
මේ ක්ෂේත්රය තුළ ඔබට පිළිගැනීමක් තියෙනවද?
පිළිගැනිමක් තියෙනවා. ඒ හොඳ නිර්මාණවලට දායක වෙන හැමෝටම ලැබෙන පිළිගැනිමක් මටත් ලැබෙනවා. මම හිතන්නේ තමන් වෘත්තියට හොඳ සාධාරණයක් කරනවා නම් අනිවාර්යයෙන්ම හොඳ පිළිගැනීමකුත් ඊට ලැබෙනවා කියලා.
මේක ඔබගේ වෘත්තියද?
නිරූපණ කටයුතු දැනට මගේ වෘත්තිය වෙලා තියෙන්න. නමුත්, ඉදිරියේදී මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නව. ඒ රූපලාවන්‍යාගාරයක්. ඒ අතරතුර මේ දිනවල මගේ අධ්‍යාපන කටයුතු නිම කරගෙන යනවා.
මේ ක්ෂේත්රවල දිගටම රැඳෙන්නද අදහස?
ඔව්, මම කැමතියි මේ ක්ෂේත්රය තුළ දිගු ගමනක් යන්න. ඒ වගේම හොඳ නිර්මාණවලට දායක වෙමින් රංගන ශිල්පිනියක් විදිහටත් නමක් හදාගන්න. මොකද, මම මේ වෘත්තියට ගොඩක් ආදරේයි. ඒ නිසා ලැබෙන හැම දෙයක්ම සතුටින් කරනවා.
කවුද ඔබට උදව් කළේ?
මට ලොකු සහයෝගයක් දෙන්නේ මගේ අම්මා, තාත්තා ඇතුළු පවුලේ කට්ටිය. ඒ වගේම යාළුවෝ, නැදැයෝ මේ හැම කෙනෙක්ම වගේ මට නිතරම වගේ උදව් කරනවා.
බුද්ධික සේනාධීර