චරිතාංග නිළියක් වෙන්න හීන මවන කෞමිණි
කෞමිණී විමර්ශනී අයි.ටී.එන් සහ ස්වර්ණවාහිනී අවුරුදු කුමාරි තරගාවලි තුළින් කලා ක්ෂේත්රයට පැමිණී තරුණ, දක්ෂ රංගන ශිල්පිනියක්.
කෞමිණිගේ අනාගත බලාපොරොත්තුව චරිතාංග නිළියක් වෙන එකලු. ඒ ගැන කෞමිණී සාරවිටට කිව්වේ මේ විදිහටයි.
මගේ නම කෞමිණී විමර්ශනී. මගේ ගම වැල්ලවායේ. මම රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරනවා. දැනට කලා කටයුතු කිහිපයකට දායක වෙලා තියෙනවා.
මොනවද දායක වෙලා තියෙන නිර්මාණ?
මම ටෙලි නාට්‍ය කිහිපයකටයි, වෙළෙඳ දැන්වීම් සහ චිත්‍රපට කිහිපයකටයි රංගනයෙන් දායක වෙලා තියෙනවා. සිරසේ විකාශය වන ‘දංකුඩ බණ්ඩා’ ටෙලි නාට්‍යයෙත් මේ දිනවල වැඩ කරගෙන යනවා. දෙරණ නාලිකාවේ පෝය ටෙලිෆිල්ම් දෙකකටත් සම්බන්ධ වුණා. ‘ගිරිදුර්ග’ සහ ‘හිත අද්දර’ කියලා. වෙළෙඳ දැන්වීම් හතරකට පමණ දායක වෙලා තියෙනවා. ‘සුඑන්සූ’, ‘සෙලින්කෝ ඉන්ෂුවරන්ස්’ ඒ අතර ප්‍රධාන වෙනවා.
කෞමිණී මේ ක්ෂේත්රයට පැමිණිලා කොච්චර කල් වෙනවාද?
මම ආවේ 2011දී අයි.ටී.එන් අවුරුදු කුමාරි තරගයේ දෙවැනි ස්ථානය හිමි කරගනිමින්. මගේ ඉගෙනීමේ වැඩ කටයුතු නිසා කලා කටයුතුවලට ආරාධනා ලැබුණත් භාර ගත්තේ නැහැ. ඊට පස්සේ මම 2016 ස්වර්ණවාහිනී අවුරුදු කුමාරි තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගන්නවා. එතැනින් පස්සේ තමයි මම මේ විදිහට කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ.
මේ වැඩකටයුතුවලට ගෙදරින් ලැබෙන සහාය මොනවගේද?
මගේ අම්මාගෙනුයි, නංගිගෙනුයි ලොකු සහයෝගයක් ලැබෙනවා. අම්මා මගේ ළඟින්ම ඉන්නවා හැමතිස්සෙම. හොඳ දේවල් තෝරාගෙන කරන්න ඒ දෙන්නා මට සහාය වෙනවා.
ප්‍රවීණයන්ගෙන් සහ සමකාලීන මිතුරන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඔව් මට හමුවෙලා තිබෙන හැම අධ්‍යක්ෂවරයෙක්ම සහ හැම ප්‍රවීණයෙක්ම මට ගොඩක් උදව් කරලා තිබෙනවා. මම නවකයෙක්, මම අලුත් කෙනෙක් කියලා මට දැනෙන්න ඇරලා නැහැ. මම දන්නේ නැති දේවල් කියලා දීලා තියෙනවා. එතකොට මගේ යාළුවන්ගෙනුත් ලොකු සහායක් ලැබෙනවා. මට වචනයෙන් හරි උදව් කරන කෙනා පවා මට ගොඩක් වටිනවා.
කෞමිණී වෘත්තීය රංගන ශිල්පිනියක්ද?
මම දැනට යෙදිලා ඉන්නේ කලා ක්ෂේත්රයේ විතරයි. මගේ ආසාව, මගේ කැමැත්ත තියෙන්නේ කලාවට.
ඔයාගේ අනාගත බලාපොරොත්තු මොනවාද?
හොඳ දක්ෂ, චරිතාංග නිළියක් වීම.
මේ ක්ෂේත්රයේ ගැටලු තියෙනවාද?
මට එහෙම ලොකුවට ගැටලු ඇතිවෙලා නැහැ. දක්ෂයාට හරි තැන ගොඩක් තැන්වලදී ලැබෙනවා. ඒත් සමහර අවස්ථාවලදි එහෙම නැහැ. හැබැයි දක්ෂයාට හරිම තැන හැම අවස්ථාවේදීම ලැබුණා නම් මීට වඩා හොඳයි කියලා හිතෙනවා. ගොඩක් තැන්වලදි එහෙම සාධාරණයක් කරනවා.
අවසාන වශයෙන් කිව්වොත් මේ ගමනට උදව් කළ පිරිස ගැන?
මගේ අම්මයි නංගියී ගොඩක් උදව් කරනවා. එතකොට අයි.ටී.එන් ආයතනය, නිල්වලා ආයතනයට, එතකොට මම දායක වුණු නිර්මාණවල සියලුම අධ්‍යක්ෂවරුන්ට මේ වෙලාවෙදි ස්තූතියි වෙනවා. නම් වශයෙන් කියන්න අමාරුයි.
සටහන - කැළුම් දේවින්දඡායාරූප - කවීත් මිලින්ද