චරිතාංග නිළියක් විදිහට වැඩ කරන්න කැමතියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-01-01-ent-01

මේ දිනවල විකාශය වෙන ටෙලි නාට්‍ය කිහිපයකම දකින ප්‍රියා විතානආරච්චි කාගේත් සිත්ගත් රංගන ශිල්පිනියක බවට පත්ව සිටින්නීය. අද %සාරවිට^ තරු කතා බහ ඇයත් සමග අපි මෙලෙස ඇරඹුවෙමු. මේ වනවිට වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිනියක් බවට පත්ව සිටින ප්‍රියා ඉදිරියේදී තවත් කලා නිර්මාණ බොහොමයකින් සිය රසික පිරිස් මුණගැසීමට සූදානමින් සිටින්නීය.

 

ප්‍රියා කියන්නේ කවුද?2018-01-01-ent-05

මම නිළියක්.

 

එතකොට ෆීල්ඩ් එකට එන්නේ?

මම පාසල් යන කාලේ සංස්කෘතික මධ්‍යස්ථානයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව පාඨමාලාවක් හැදැරූවා. ඊට පස්සේ වේදිකා නාට්‍යය සඳහා සම්බන්ධ වුණා. 2009 වසරේ අනුර දයාංජිත් මහත්මයාගේ ටෙලියක රඟපාන්න අවස්ථාව ලැබුණා.

 

දැනට දායක වෙලා තියෙන ටෙලි නිර්මාණ මොනවද?

මහේන්ද්‍ර කුලසිංහගේ අධ්‍යක්ෂණය කළ %හිරු සඳුට ආදරේයි^, චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කළ %මහරජ ගැමුණු^ පළමු කොටස, ටිකිරි රත්නායකගේ %මුතුකුඩ^ ටෙලි නාට්‍ය‍වලට මම දායක වෙලා තියෙනවා. ඊට අමතරව පසුගිය කාලේ මම අපේ කාලේ පටචාරා පත්තිනි ගින්නේ උපන් සීතල බිම්බාදේවි හෙවත් යශෝදරා කියල චිත්‍රපටයකටත් දායක වුණා. ඒ වගේම ජනක මහල්පත්ගේ %යටිනුවර මැණිකේ^ හා නිමල් රත්නායකගේ %කොඩිගහ යට^ කියන ටෙලි නාට්‍ය සඳහා මම දායක වුණා.

 

ඉදිරි ඉලක්ක මොනවද?

චරිතාංග නිළියක් ලෙස වැඩ කරන්න. ඒ වගේම සිනමාවට වැඩි දායකත්වයක් දෙන්නත් කැමතියි.

 

අද කාලේ නළුනිළියන් වශයෙන් බොහෝදෙනෙක් ක්ෂේත්‍රයට පිවිසෙනවා?

ඔව්, ගොඩදෙනෙක් එනවා. නමුත්, එතැනින් කීයෙන් කීදෙනාද ක්ෂේත්‍රය තුළ රැ‍ඳෙන්නේ. මම හිතන විදිහට බොහෝ පිරිසක් නිසි අවබෝධයක් නැතිව තමයි මේ ක්ෂේත්‍රයට එන්නේ. රූපය ලස්සන වුණාට රඟපාන්න බැරි නම් මේ ක්ෂේත්‍රය තුළ රැ‍ඳෙන්න බැහැ.

 

පොඩි කාලේ කැමැත්ත තිබුණේ එතකොට?

රංගන ශිල්පිනියක් වෙන්න තමයි.

 

උදවු කරපු අය?

අම්මයි, අක්කලා දෙන්නා තමයි. ඊට අමතරව මගේ ඥාති අක්කා කෙනෙකු වන ධම්මි අක්කාත් මට ගොඩක් උදවු කළා. ඒ වගේම නම් නොකියූ බොහෝ දෙනෙක් ඉන්නවා. මේ හැම දෙනවාම මේ වෙලාවේදී කෘතවේදීව මතක් කරනවා.

 

 2018-01-01-ent-02 2018-01-01-ent-03 2018-01-01-ent-04