චරිත බාරගන්නේ අවුලක් නැත්නම් විතරයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-07-08-ent-911

සක්කාරං (කොමලි) සිරස, ක්ලික් (ශලනි) ස්වර්ණවාහිනී, රාවණා (කෛකසී කුමරිය) දෙරණ, විකාශය වන නාට්‍ය සමඟ අද දවසේ හමුවන ඩිස්නි රාජපක්ෂ පසුගිය දින රූ රැජිණ තරගයකදී කිරුළ හිමිකර ගත්තාය. ඒ සියල්ල සම`ගඩිස්නි, සඳැල්ල කතාබහ හැඩ කළේ මෙලෙසිනි.

 

පුංචිතිරයේ කෛකසී කුමරිය වූ අතරේ සැබෑ ජීවිතයේ කුමරියක ලෙස කිරුළ පැළැඳි අවස්ථාව ගැන විස්තර කිව්වොත්?2019-07-08-ent-912

මිස් ශ්‍රී ලංකා, ෆෝ මිස් ග්ලෝබල් සිටි යන රූ රැුජින තරගයට ඉදිරිපත් වී කිරුළ මෙන්ම තවත් උප කිරුළු කීපයක්ම ජයග‍්‍රහණය කරන්නට මට පුළුවන් වුණා. මෙය මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් තරගයේ එක් අදියරක්. මේ ජයග‍්‍රහණය එක්ක එළැඹෙන නොවැම්බරයේ චීනයේදී පැවැත්වෙන මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් තරගයට ශ්‍රී ලංකා නියෝජනයට වරම් ලැබී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙනදීම මගේ අරමුණයි.

 

මේ කටයුතු එක්ක ගෙවෙන ජීවිතය ගැන විස්තර කිව්වොත්?

කලා කටයුතුවලට අමතරව තවදුරටත් උසස් අධ්‍යාපනයේ යෙදෙනවා. ඊටත් අමතරව සුපුරුදු පරිදි ළමුන්ට ඉගැන්වීමේ කටයුතු සිදුවෙනවා. ඊටත් අමතරව පුංචි දරුවන් වෙනුවෙන් පොත් දෙකක් ලිව්වා. දැන් මම උසස් අධ්‍යානය හදාරන්නෙ ‘පූර්ව ළමා අධ්‍යයනය’ ගැනයි.

 

ඩිස්නිගෙ ප‍්‍රධාන වෘත්තිය මොකක්ද?

වෘත්තියම නොවුවත්, මේ කාලයේදී වැඩිපුර කැපවීම තියෙන්නෙ කලාවට. කලාවෙන් මුදල් ලැබෙන බව ඇත්ත. ඒත් ඒ මත්තෙම ගියොත් ලැබෙන සෑම නිර්මාණයකටම දායකවෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම රංගනයේ යෙදෙන්නෙ චරිත තෝරා බේරාගෙනයි. එවිට මට දැනෙන හොඳ චරිතවලට දායකවෙන්න පුළුවනි. හොඳ චරිතයකට දායකවීම නිසා ලැබෙන ආත්ම තෘප්තිය මුදලට වඩා ඉහළයි.

 

‘ක්ලික්’ නාට්‍යයේ චරිතයට දායක වුණෙත් ඒ විදියට හිතලා බලලද?

එය බොහෝ කලකට පෙර නිර්මාණය කළ නාට්‍යයක්. කතා තේමාව ගත්තාම ලොකු පරාසයක් තිබෙන නාට්‍යයක්. හරිම වෙනස්, ලස්සන කතාවක්.

 

ඒත් මෙය සීමාව ඉක්මවා ගිය දර්ශන ඇතුළත් වැඩිහිටියන්ට පමණක් සීමාවූ නිර්මාණයක් යැයි විවේචන එල්ල වෙනවා නේද?

ඒ කතාවේ හැටියට තමයි දර්ශන රූගත කරලා තියෙන්නේ. අනෙක ඒ දර්ශන හමුවේ පෙනී සිටින්නෙ සැබෑ ජීවිතයේ ඩිස්නි නෙවෙයි. මම එහි රඟපාන්නෙ ‘ශලනි’ නමැති චරිතයයි. මෑත කාලයේදී නිර්මාණය වූ හරි අපූරු නාට්‍යයක්. සමහරවිට එහි තේමාව නිසාම වෙන්න ඇති රාත‍්‍රී 10ට විකාශය කරවන්නෙ.

 

මෙහි රඟපෑම නිසා ලැබෙන ප‍්‍රතිචාර මොන වගේද?

ඒක ඇත්තටම හොඳ අත්දැකීමක්. ආදරයටxආදරය කරන විදිය සහ ආදරේ කියලා කියන්නෙ ඒ සැබෑ ආදරයම ද කියලා විමසා බලන්න පුළුවන් කතාවක්. බොහෝ දෙනා මගේ මූණට නම් කියන්නෙ හොඳ තමයි.

 

ඩිස්නි රඟපෑමේදී චරිතවලදී එහි සීමාව ගැන හිතන්නෙ නැද්ද?

මම ලැබෙන ඕනෑම චරිතයක් බාරගන්නෙ නැහැ. සමාජයට අරුතක් ගෙන දෙන කතාව හොඳ ආදර්ශවත් එකක් නම් බාර ගන්නවා. සමාජයට ලොකු හානියක් වන චරිතයක් නම් එය බාර ගන්නෙ නැහැ.

 

දැනට මේ විකාශය වන චරිත අතරින් ඩිස්නි වඩා සමීප මොන චරිතයටද?

කෛකසී කුමරිය ලෙස ඇඳුම දාගනිද්දී හරි අභිමානයක් මට දැනෙනවා. ලොකු හැඟීමක් එන්නෙ. ඒ නිසාම ඒ චරිතය මට වඩා සමීප වී තිබෙනවා. හැබැයි කෛකසීට වඩා සැබෑ ජීවිතයේදී මම ආදරණීයයි.

 

එවැනි චරිත ඉදිරිපත් කරන ඔබ ක්ලික් චරිතය නිසා එය සමාජයේ විවේචනයට ලක්වේවී කියලා හිතුවෙ නැද්ද?

චරිතයකට දායක වෙලා මම පසුව පසුතැවෙන්නෙ නැහැ. ඒ චරිතය මම මගේ ඇඟට දාගත්ත එකක් නෙවෙයි. එතැන ඉන්නෙ සැබෑ ජීවිතයේ ඩිස්නිත් නෙවෙයි. අපි අයිති කලා කෘතිවලටයි. ඒ නිසා කෘතියට අදාළව රංගනයේ යෙදීම වරදක් ලෙස දකින්නෙ නැහැ.

 

මේ චරිතය සහ නාට්‍යයෙන් සමාජයට හානියක් වෙන්නෙ නැහැ කියලද ඔබ කියන්නේ?

මේ නාට්‍ය හරියට මුල සිට අග දක්වා නැරඹුවොත්, එහි හරය පේ‍්‍රක්ෂකයින්ට වටහා ගන්න පුළුවන් වේවි. ශලනි කියන්නෙ කොළඹ හතේ සුපිරි පවුල් පසුබිමක් යටතේ තනියම හැදෙන ගැහැණු ළමයෙක්. එයා ඉතා කොටට ඇඳුම් අඳිනවා. ඒක එයාගෙ පවුල් පසුබිම එක්ක එන දෙයක්. එතැනදී ප‍්‍රකාශ වන්නේ සමාජයේ අපි දකින යථාර්ථයයි.

 

සැබෑ ජීවිතයේදී ආදරණීයයි කිව්ව ඩිස්නි ‘ආදරය’ විග‍්‍රහ කරන්නෙ කොහොමද?

ඉතා පිවිතුරු පූජනීය හැඟීමක්. හදවතේ ගැඹුරුම තැනින් පටන් ගන්න දෙයක්. ක‍්‍රියාවකට එහා ගිය පරම පිවිතුරු දෙයක්. ආදරය එහෙම නම්......

 

මුලදී එහෙම කියලා පසුව ආදරයට වෛර කරන අවස්ථා එනවා නේද?

ආදරය කරලා වෛර කරනවා නම් ආදරයක් තිබිලා නැහැ. ආදරය කියන දේ උපේක්ෂාවෙන් විඳගත යුතු දෙයක්.

 

ඩිස්නි විරහාව අත්විඳලා නැද්ද?

නැත්තෙමත් නැහැ.

 

ඩිස්නි ඩිස්නි ගැන සතුටු වෙන්නෙ ඇයි?

මෙච්චර දුර ගමනක් ආ එක ගැන උපරිම සතුටුයි. මගේ දක්ෂතාවය, කැපවීම සහ විශ්වාසය තබා ආ ගමනක් මේක. අවංකව කටයුතු කරලා ආගමනක් නිසා හදවතින්ම සතුටු වෙනවා.

 

දුක්වන්නෙ?

මේ ක්ෂේත‍්‍රයට එනවට ගෙදරින් ටිකක් විතර අකමැති වුණා. තවමත් ඒ අකමැත්ත ටික ටික තියෙනවා. ඒ හැර දුක්වෙන්න කියලා වෙනත් හේතු නැහැ. කලාවේ මට රස විඳගන්න පුළුවන් දේ ලැබුණා. මම චරිත ඉල්ලලා පස්සෙන් ගිය කෙනෙක් නෙවෙයි. මට මේ චරිතය දෙන්න කියලා පින්සෙන්ඩු වෙලා නැහැ. දක්ෂතාවය නිසා සෑම දෙයක්ම ලැබෙන්න ඇති.

 

හැඩගැන්වීම් - චදීර පෙරේරා

සටහන හා ඡායාරූප: සඳුන් ගමගේ

 

2019-07-08-ent-909 2019-07-08-ent-910