චතුරිකා මොකද සද්ද නැත්තේ?
චතුරිකා පීරිස් රඟපෑ නාට්‍ය කීපයක්ම නැවත විකාශය වෙනවා. නමුත් අලූත් නිර්මාණයක් වෙතින් මෑතක දී ඇය දැකගන්න ලැබුණේ නැහැ. ඇයි චතුරිකා දැන් වැඩිය පෙනෙන්නට නැත්තේ ව්‍යාපාරයක් පටන් ගත්තා කියලත් ආරංචියි. කාලයකට පසුව චතුරිකා කියන්නේ මොනවද බලමු?
චතුරිකා මොකද නිශ්ශබ්ද?
නිශ්ශබ්ද නැහැ. නමුත් ටෙලි නාට්‍ය අංශය ඉස්සර වගේ නෙවෙයි. මම මුලින්ම ටෙලි නාට්‍ය අංශයට ආ දවස්වල එම අංශය ගැන හදාරන කතා කරන්න වගේම ප්රවීණයන්ගේ අත්දැකීම් ලබන්න පවා පුළුවන් වුණා. නිර්මාණ පවා හොඳ වින්දනාත්මක මට්ටමක තිබුණා. නමුත් අද වැඩි හරියක්ම විකාශය වන්නේ විදේශ ඒවා. දේශීය නාට්‍ය නිර්මාණය වීමට වඩා විකාශය කරවීමට ඒ නිසා බෙල්ට් එකක් (විකාශන කාලයක්) ගැනීම අපහසු වෙලා. නිර්මාණ වන ස්ථානයේ ප්‍රමිතියකින් තොරව එන ඒවත් තියෙනවා. ඒ සියලූ දේ අතරේ මට සෑහෙන ටෙලිනාට්‍ය සංඛ්‍යාවකට දායක වීමට ආරාධනා ලැබුණා. නමුත් මගේ බජට් එක ඇහුවාම සමහර විට මග හැරිලා යන අවස්ථාත් තියෙනවා. ඒක එක අතකට හොඳයි.
පසුගිය දිනවල ඔබ දායකවූ හොඳ නිර්මාණ මොනවද?
ගයාන් අධ්‍යක්ෂණය කළ මම නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යය දෙකක් නිර්මාණය කළා. අපට තව හොඳ නිෂ්පාදන දෙකක්ම ලැබුණා. මාර්තු මාසයේදී තවත් නිෂ්පාදනයකට සූදානම් වෙනවා. එකම ප්රශ්නය විකාශය සඳහා කාලයක් ලබා ගැනීමයි. ඉන්දියන් සහ කොරියානු නාට්‍යවලට හොඳම ගුවන් කාලයක් වෙන්වෙලා. ඉතින් බෙල්ට් එකක් ගන්න එක ප්‍රශ්නයක්. නමුත් ඉදිරියෙදි ඒ ප්රශ්නය විසඳේවි කියලා හිතනවා
කොහොමද ජීවිතය?
ගොඩක් හොඳයි. හරි නිදහස්, සැහැල්ලූයි.
කොහොමද ඒ නිදහස් සැහැල්ලූ වාතාවරණය හදාගත්තේ්?
මොනදේ කළත් අපි දෙන්නා ජීවිතය සංකිර්ණ කර ගත්තේ නැහැ. ගිය වසරේ අපි දෙන්නා කළ ‘සහේලි’ නාට්‍යයට විශාල ප්‍රතිචාර ලැබුණා. අපි අලූතින් විලාසිතා සාප්පුවකුත් පටන් ගත්තා.
රංගන ජීවිතය සහ ව්‍යාපාර ජීවිතය ගැන හිතන්නේ කොහොමද?
කිසිම දෙයක් සංකීර්ණ කරගන්නේ නැහැ. ඒ නිසා ජීවිතයට පීඩනයක් නැහැ.
ගෙවුණු අතීතය ගැන කොහොමද හිතන්නේ?
කාලයකට කලින් හරිම කාර්ය බහුල වුණා. ගෙදර අම්මා තාත්තාගෙන් කොහොමද කියලා අහන්න බැරි තරමට කාර්ය බහුල වෙලා හිටියා. නමුත් ක්ෂේත්රයේ අත්දැකීම් ලබද්දී අපිත් වයසින් මුහුකුරා යද්දී ලබන අත්දැකීම් එක්ක ජීවිතය ගැන පෙරට වඩා අවබෝධයෙන් බලන්න ඉඩ ලැබුණා. ඒ වගේම ජීවිතයට සැහැල්ලූ වගේම සරල බවත් ඇතිකර ගත්තා. අද මේ ගෙවන ජීවිතය ඇත්තටම මට දැනෙනවා.
‘ජීවිතය’ මොකක් කියලද හිතන්නේ?
හොඳ විදියට බැලූවොත් ඇත්තටම හරිම සුන්දරයි. ජීවිතය කියන්නේ හරිදේම වෙන එකක් නෙමෙයි. වැරදීම් සිද්ධ වෙනවා. ජීවිතය කියන්නේ ඒකටයි. ඒ වැරදි වන වාරයක් පාසා අපි තේරුම් ගන්න ඕනෑ. අත්දැකීම් ලබන්න ඕනෑ. ජීවිතේ ගෙවන සෑම තත්පරයක්ම හරි වටිනවා. ඒ සෑම තත්ත්පරයක්ම අත්දැකීම් බවට පත් වෙනවා.
ජීවිතයට ලැබෙන හොඳ වගේම නරක ප්‍රතිචාර විවේචන ගැන හිතන්න සහ ඒවාට මුහුණ දෙන්නේ කොහොමද?
අපි නිර්මාණ කරන්නේ පේ්රක්ෂකයින්ටයි. ඒ නිසා ඒ නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර ගැන සැලකිලිමත් වෙනවා. නමුත් පුද්ගලික ජීවිතය අයිති අපටයි. එය අපේ ජීවිතයයි. ඒ නිසා නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර අපි පිළිගන්නවා. පුද්ගලික ජීවිතයට රංගන ජීවිතය පටලවා ගන්න මට ඕනෑ නැහැ. මීට වසර දෙකකට විතර පෙරදී පේ්රක්ෂයින්ගෙන් දොස් අහන්න ලැබුණා. නමුත් පේ්රක්ෂකයින්ටම වටහා ගන්න මම කාලයට ඉඩ දුන්නා.
චතුරිකා කොහොම කෙනෙක්ද?
හරිම සරල, විනෝදයෙන් ජීවිතය ගෙවන්න කැමති කෙනෙක්.
වැඩිපුරම පුළුවන් මොනවද?
ව්‍යාපාර අංශයට හරිම කැමතියි. ඒ වගේම අපූරු චරිත රංගනයට ආසයි.
ඔබගේ හැකියාවට වටිනාකමක් ලැබෙනවා කියලා හිතනවද?
සමස්තයක් ලෙස ගත්තොත් ක්ෂේත්රයේ කාටවත් අද ලොකු වටිනාකමක් නැහැ. කලාවට අපේ රටේ හරි ප්‍රතිපත්තියක් නැතිකම තමයි හේතුව.
තව මොනවද කියන්න තියෙන්නේ?
අද මට පාළුවක් නැහැ. සුදු අම්මා කියන්න මට අද පුතෙක් ඉන්නවා. එයා නිතරම මගේ පස්සෙන්මයි. එයාට කවලා පොවලා පාසලේ වැඩ බලලා නිදිකරවනතෙක් ඒ වැඩ ටික මම හරිම ආසාවෙන් කරන්නේ. එයාගේ පාසල් වැඩ ගැන බලද්දි මාත් මුල ඉඳලා නැවත පාසල් යනවා වගේ හැඟීමක් දැනෙන්නේ.
ජීවිතය කියන්නේ පුදුමයක්ද? නැත්නම් ඇත්තටම මොකක්ද?
ලොකු අත්දැකීමක්
සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ