ගොසිප් කියන දේවල් අපි ගණන් ගත යුතු නැහැ
නිවේදිකාවක් හා මාධ්‍යවේදිනියක් විදිහට මාධවීව අපිට හඳුන්වන්න පුළුවන්. මාධවී දැනට මාධ්‍ය ආයතන කිහිපයක තනතුරු කිහිපයක් හොබවනවා. ඒ අතරතුර නිරූපණ ශිල්පිණියක් විදිහටත් මාධවී කටයුතු කරනවා. මාධවී සාරවිටට එකතුවුණේ මේ විදිහට.
මාධවී ගැන ටිකක් විස්තර කිව්වොත්?
මම මාධවී ජයතිලක. මම වෘත්තීමය මාධ්‍යවේදිනියක්. මම මුලින්ම ක්ෂේත්රයට එන්නේ සියැස ටී.වී එකෙන්. ඒක පියෝ ටී.වී වල තමයි විකාශය වෙන්නේ. වැඩසටහන් නිෂ්පාදකවරියක් හා සහකාර වැඩසටහන් කලමණාකාරීවරියක් විදිහට තමයි මගේ ගමන ආරම්භ වෙන්නේ. එතනින් පස්සේ මම Colombo T.V. එකේ මම වැඩ කරනවා. තව live T.V එකේ වැඩ කරනවා. එතකොට මම Chanal C නාලිකාවෙත් වැඩ කරනවා.
මාධවී මාධ්‍ය ක්ෂේත්රයට පැමිණෙන්නේ කොයි කාලේද?
මම මාධ්‍ය ක්ෂේත්රයට එන්නේ 2015දී.
මාධවී වෘත්තීමය මාධ්‍යවේදිනියක්ද?. නැත්නම් මාධවීට වෙනත් ක්ෂේත්රයක නිරත වෙන්න අදහසක් තියෙනවාද?
මගේ වෘත්තීය මාධ්‍ය ක්ෂේත්රය. මම වෘත්තීමය මාධ්‍යවේදිනියක්. මෙතනින් ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.
මාධවී දැන් අවුරුදු කිහිපයක සිට මාධ්‍යවේදිනියක් ලෙස සේවය කරනවා. කොහොමද අත්දැකීම්?
අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. මේ ක්ෂේත්රය කියන්නේ පහසු ක්ෂේත්රයක් නෙවෙයි. මේක ඉගෙනගනිමින් යන ක්ෂේත්රයක්. නිතරම වගේ ප්‍රවීණයන්ගෙන් උපදෙස් ලැබෙනවා. ප්‍රවීණ අයත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා.
මාධවී මාධ්‍යවේදිනියක් විදිහට වැඩ කරන්න විතරයිද කැමති. රංගනයට යොමු වෙන්න කැමැත්තක් දක්වන්නේ නැද්ද?
රංගනයට එක් වෙන්න කැමතියි. දැනට මම මොඩ්ලින් ෆීල්ඩ් එකෙත් නිරත වෙනවා. නමුත් ලොකුවට නිරත වෙන්නේ නැහැ. රංගනයට එක් වෙන්න කැමැත්තක් තියෙනවා. ඒත් මගේ වෘත්තීමය වැඩ කටයුතු නිසා ඒකට දැන්ම ඉඩක් වෙන් කරගන්න අපහසුයි. මට හොඳ ආරාධනාවක් ලැබුණොත් මගේ වැඩ කටයුතුත් කලමණාකරණය කරගෙන දායක වෙනවා.
නිරූපණ ශිල්පිණියක් විදිහට දායක වුණු නිර්මාණ ගැන කිව්වොත්?
මට නිරූපණ ශිල්පිණියක් විදිහට ගොඩක් නිර්මාණ කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. මම දැනට ෆොටෝ ෂූට් කිහිපයකට දායක වෙලා තියෙනවා.
මාධවීට ගොසිප් ගැන මොකද හිතෙන්නේ?
ඔව් ඇත්තටම ගොසිප් කියන දේවල් අපි ගණන් ගත යුතු නැහැ. ගොසිප් අද වෙද්දි අන්තර්ජාලය ඔස්සේ තමයි නිර්මාණය වෙන්නේ. ඇත්තටම ගොසිප්වලින් තැනකට එන එකට වඩා තමන්ගේ දක්ෂතාවයෙන් ඉස්සරහට එන එකයි වැදගත් වෙන්නේ. විශේෂයෙන් ජනප්‍රියත්වය කියන දේ අපි ලබා ගන්න ඕනේ අපේ දක්ෂතාවයෙන්.
මාධවීට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?
ප්‍රවීණයන් අපිට ගොඩක් ලොකු සහයක් ලබා දෙනවා. ප්‍රවීණයන්ගෙන් කැපිලි කෙටිලි කියන දේවල් නැහැ. අපිට හැමවෙලාවෙම වැඩවලට උදව් වෙනවා. ප්‍රවීණයන් ඉන්න එක අපිට ලොකු ශක්තියක්.
මාධවීට ක්ෂේත්රය තුල තරඟයක් තියෙනවාද?
එහෙම නැහැ. මට තරඟයක් තියෙන්නේ මා සමග විතරයි.
මේ වැඩවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදරින් ලොකු සහයෝගයක් ලැබෙනවා. එයාලා තමයි මගේ ශක්තිය.
මාධවීගේ ඉදිරි බලාපොරොත්තු මොනවද?
මාධ්‍ය ක්ෂේත්රයෙන් ඉදිරියට යන එක තමයි මගේ බලාපොරොත්තුව. මාධ්‍යවේදිනියක් විදිහට ක්ෂේත්රයේ නමක් දිනාගන්න එක ලොකු බලාපොරොත්තුවක්. ඊට අමතරව රංගනයට දායක වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
අපි අවසාන වශයෙන් කියමු මාධවීට මේ දේවල්වලට අතහිත දුන් අය ගැන?
මුලින්ම මතක් කරන්න ඕනේ මට මේ දේවල්වලට එන්න ලැබුණේ මගේ යහළුවෙක් මාර්ගයෙන්. ඒ තමයි දුෂාන්ත දර්ශණ. දර්ශණ අයියා තමයි මට ක්ෂේත්රයට එන්න අවස්ථාව ලබා දුන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සද්ධා මංගල සූරියබණ්ඩාර සර්ව. එතකොට මගේ ගුරුවරු සහ පවුලේ අයත් මට මේ තැනට එන්න උදව් කරා. ඒ හැමදෙනාටම මම මේ වෙලාවේ ස්තූතියි කරනවා.
කැළුම් දේවින්ද / ඡායාරූප - කවීත් මිලින්ද